"තේරුමක් නෑ…"
ඒ පණිවිඩය ගිහාන්ට යවපු මම ෆෝන් එක පැත්තකට දැම්මා.ඇඳට වැටිලා අඬනවා ඇරෙන්න වෙන විසඳුමක් මට නෑ.ප්‍රමාදය කාටවත් සතුටක් නෙවෙයි.ඒත් මම හිටියේ සතුටින්.
මේ වතාවේ මගේ ඔසප් වීම සතියකට පරක්කු වුණා.
ඒක මොනතරම් සතුටක් ද? මම අපේ පුංචි පැටියා යවන පාසල පවා තීරණය කරන තරම් සිහින වල කිමිදෙමින් හිටියේ.
ඒත් රතුපාට කියන්නේ...
අමන්දී ගල් ගැසිණ.එපා යැයි වළකන්නට තරම් වෙලාවක් නැත.අදීෂ දුරකථනය තැබුවේ ඉඳුවර අත බව ඈ දැන සිටියා ය.ඇයට ඇමතුම විසන්ධි කරන්නට ඕනෑ විය.නමුත් ඒ ඉඳුවර කෝපයට පත් කිරීමකි.නැතහොත් ඔහුට තමා කියවා ගැනීමට ඉඩ දීමකි.
"ඉඳුවර..කොහොමද ඔයාගේ ඩ්‍රාමා එක අපි හැමදාම බලනවා.."
කටපාඩම් කරගත් අන්දමේ ඒ වචන කිහිපය ඉඳුවරට ගෙනාවේ අපහසුවකි. වෙලාවට ආහාර...
දික්කසාද නඩුව ඇසෙන්නට ගත්තේ ය. දික්කසාදය ලබා දීමට නම් ඔහු ට වූ අවමානය වෙනුවෙන් මංජුල අති විශාල වන්දියක් ඉල්ලා සිටියේ ය. එය නො ගෙවන්නේ වී නම් කිසි සේත් දික්කසාදය ලබා දිය නො හැකි බව ඔහු කීවේ ය.
"ඔය තරං සල්ලියක් කොහෙන්ද නිකී දැං අපි ළඟ...ඔයා හොඳට ම දන්නවනෙ පප්ප අන්තිමට...
"ඒ කසාදෙ කරන්න දෙන්න බෑ"
අම්මා එදා කෑගහපු හැටි මට තවම මතකයි.මට හරිත මුනගැහුණේ කැම්පස් එකේදි.අපේ අදහස් හොඳින් ගැළපුණා.හරිතට කීදෙනෙක් කැමැත්තෙන් හිටිය ද? ඒත් හරිත ආදරේ කළේ මට.කැම්පස් එකේ තිබුණු ලස්සනම ආදර කතාවලින් එකක් අපිට අයිති වුණා.ජීවත් වෙන්න පහසු,මාව තේරුම් ගන්න,ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුළුවන් කොල්ලෙක් හැටියට හරිත මට...
අදීෂ බොහෝ කාලයකට පසු ඉඳුවර මුණ ගැසෙන්නට ආවේ ය.තරු තරගයේ අතරමගකින් ඉවත් වන්නට සිදු වූ පසු ඔහු රූපවාහිනි නාලිකාවල කටයුතුවලට එතරම් සහභාගී වූයේ නැත.සරසවියේ කථිකාචාර්යවරයකු වූ දා සිට ඔහුට කටයුතු අධික විණි.
ඉඳුවර අවදි වූයේ ද අදීෂ පැමිණි පසු ය.අතීතයේ නේවාසිකාගාරයේ කාමරයක ගෙවූ ජීවිතය අදීෂට සිහිව ආවේ ය.ඔහු ඉඳුවරගේ නිවහන...
නිකිනි ව ගෙනැවිත් තිබුණේ මංජුලගේ ගේ නිවසට ය. ඇය කේන්තියෙන් ද පිළිකුළෙන් ද දැවුණා ය. නමුත් මංජුල ඒ ස්වරූපය දෙස බලා උන්නේ සිනහ වෙවී ය.
"ඔයාට මං හොඳින් කිව්වනෙ ගෙදර එන්න කියල. හොඳින් බැරිනං නරකින් හරි මං මට ඕන දේ කරනව කියල ඔයා දන්නවනෙ...නේ..."
"ඔහේ මහ ජරා මිනිහෙක්. තිරිසන් සතෙක්ටත් වඩා...
සුදේව. ඔයා මේ කුණු ටික අස් කලේ නැද්ද ? "
වැඩ ඇරිලා ආව ගමන් අමාශා කුස්සියට ගියේ නෝක්කාඩු කියාගෙන
" අනේ මම ඔය ටික එකපාර අස් කරන්න හිටියේ අමාශා. හවස මට කුරියර් එකට දෙන්න බඩු වගයක් පැක් කරන්න තිබ්බානෙ.ඒකයි බැරිවුනේ "
" ඕක මහ වෙලාවක් යන වැඩක්ද? . මාවම කන්න බලාගෙන ඉන්නේ...
මල් පිපී ගෙන එත්දී වසන්තය දෝතින් ම වැළඳ ගන්නට සිතෙන්නේ ය. නිකිනි සිටියේ ඇගේ ජීවිත වසන්තයෙහි මලක් ව පිපෙමින් ද සුවඳක් ව සුවඳවත් වෙමින් ද සමනලියක් ව වසන්තයෙහි සරමින් ද ප්‍රීතියෙනි. ඇයට මෙහෙව් යෞවනයක් තිබුණේ නැත. යෞවනයේ දී ඕ බොහෝ නිහඬ හා නිවුණු ගැහැනු ළමයෙකු වූවා ය. පිරිමින් ළමයින්...
" අම්මේ.. මේ චිත්‍රේ බලන්නකො "
අමානි එහෙම කියාගෙන ශ්‍රියා ගාවට ආවේ පැය ගානක් තිස්සේ පාට කරපු චිත්‍රය අරගෙන.පුංචි කාලේ ඉඳලම චිත්‍ර වලට දක්ශ උන අමානිගේ ඒ හැකියාව දියුණු කරගන්න ශ්‍රියා වගේම අමානිගේ තාත්තා උන නිමලුත් ගොඩක් උදවු කලා.රැකියාවකට යන්න අකමැති උන අමානි රැකියාව වශයෙන් කලේ චිත්‍ර ඇඳලා විකුණපු එක....