මංජුල ගේ ප්‍රතිචාරය ගැන නිකිනි ට කේන්තියක් දැනුණේ නැත. නමුත් ඇය තරමක විමතියකට පත් වූවා ය. සිය බිරිය සමාජ ගත වෙනවාට හෝ ආර්ථික වශයෙන් ස්ථාවරයක් ඇති කර ගන්නට උත්සාහ කරනවා ට, මංජුල වාගේ උගත් සමාජය නියෝජනය කරන පිරිමින් පවා මේ තරම් බිය ද? නිකිනි හිතින් සිනා සුණා ය.
සන්සුන් ඉරියව්වෙන්...
නිර්වාන් නිවාඩුව අතරමැද අපේ නිවසට ආවේ නැත.ඒ ගමන අවලංගු අන්දම ගැන මට කිසිම අදහසක් නොවූව ද ඔහු නිවාඩුව අතරමැද අනුරාධගේ නිවසට ගිය බව මම දැන ගතිමි.අම්මා නැවත ඔහු ගැන කිසිත් නොකී හන්දාම නිවාඩුව ගෙවී ගියේ සන්තෝසයෙනි.
"රෑ තිස්සෙ අඬ අඬනම් ඉන්න එපා පුතේ.."
අම්මා මා හට කීවේ නිවාඩුවේ අන්තිම දවසේ ය.මා...
බෙහෙත් පොට්ටනියෙන් තවන ගමන් නිකිනි හිටියේ කල්පනාවක ය. ඇයට ගුවනි ව සිතින් පිටමන් කළ නො හැකි තරමි. ඈ ගැන මහත් අනුකම්පාවකින් හදවත උණුහුම් වී තියේ.
ගැහැනුන් වී ඉපදුණ පළියට ඉරණම මේ විදිහට එළවා පහර දිය යුතු ය. ඉරණම එසේ කරනවා නම් ඒ හා පොර බැදිය යුතු ව තියේ.
ආර්ථික වශයෙන් ශක්තිමත්...
ටෙලි නාට්‍යවල දකින පන්නයේ දියණියක වන්නට මට සිත් විණි.අම්මා බොහෝ දෑ කියමින් මගේ හිසත් පිටත් පිරිමැද්දද මුනින් තලාව යහනේ වැටී හඬමින් සිටි මම ඈ දෙස ඇහැක් ඇර නොබලන්නට ප්‍රවේසම් වීමි.
"මං ඔයාට නිර්වාන්ව කසාද බඳින්න කීවෙ නෑ මගෙ පුතේ.ඒත් හැමදාම ඔහොම අඬ අඬ ඉඳලා බෑනෙ..අපි පසන්ව අමතක වෙන්න අරිමු.."
අම්මා එසේ...
උදේ කෑමට නිකිනි මාළු බනිස් තැනුවා ය. මීට ටික දිනකට කලින් කෑම කියන්නේ ඇගේ දිවියේ නො වැදගත් ම අංගය වූයේ ය. ඈ යමක් කෑවේ අතිශය කුස ගිනි දැනුණා ට පසුව ය. කම්මැළි සිතුණොත් එ්ත් නොකා සිටියා ය. ප්‍රධාන ආහාර වේල් තුන මංජුල නිසා පිළියෙල කළ යුතු ම වූයෙන් ඈ...
දවස් ගලා ගියේ ය.කාලය එකතැනක නතරව අප එනතුරු රැඳෙන්නේ නැත. කාලය තමන්ගේ තාලයට ගෙවී යයි.පසන් ගැන හිතමින් බොහෝ දේ අතපසු කරගන්නට වූ මා හිටිහැටියේ මා ගැන සිතන්නට ගැනීම ගැන මට පුදුමයක් නොදැනුණාම නොවේ.
"හිත හදා ගත්තම ඔයාටම ලේසි නේද?"
චමත්කා මගෙන් විමසූයේ අපේ අධ්‍යන වර්ෂයක් අවසන් වී නිවාඩු ලැබෙන්නට පළමු රාත්‍රියේ...
නිකිනි ගේ මුහුණ ට එබී ගෙන සිටියේ පුර සඳක් සේ බබලන උවනකි.
"මිස්..."
ඇය ඉතා ම පවිත්‍ර ලෙස සිනහ වූවා ය. නමුත් මේ යුවතිය කවුදැයි නිකිනි ට නිනව් වූයේ නැත.
"මිස්...නිකිනි මිස් නේද..."
"ඔව්..."
"මං ගුවනි...එදා මිස්ට කෝල් කළේ...කැම්පස් එකේ..."
ගුවනි! නිකිනි ක්ෂණික කම්පනයකට ලක් වූවා ය. සිය සැමියා ගේ පෙම්වතිය ඇවිත් මේ විදිහට කතා...
"මිනිස්සුන්ට එහෙම හප්පන්නෙ පුප්පන්නේ ඇයි සාරා.."
කේතකී නිවසට ගොඩ වූයේ එසේ අසමිනි.මම හප්පමින් පුප්පමින් තව වෙලාවක් ගෙවා දැමූයෙමි.
"මේ මග් එකක් බින්දෙ ඇයි?"
ඇය කුණු බඳුන ද අවුස්සන හැඩකි.තව මොනවා හෝ පොළොවේ ගසන්නට තරම් තරහකින් මා පිරී යන්නට ගත්තේ ය.මගේ රාක්ෂ මුහුණ දුටු චමත්කා වහවහා මාතෘකාව වෙනස් කරන්නට අනුන්ගේ ඕපාදූපයක් කියන්නට පටන්...
කුළී රියෙහි අසුන කොනක ගුලි වී ජංගම දුරකතනය කනේ ඔබා ගෙන නිකිනි සිටියේ ඇස් දෙකත් පියවෙන්නට හැර ගෙන ය. සාමාන්‍යයෙන් හදවතත් එක්ක වැඩි සම්බන්ධයක් ඇති දෙයක් ගැන කතා කරත්දී හෝ සිතත්දී හෝ ඇස් දෙක පියවීම ඈත් නො දැන ඇය ට වෙන දෙයකි. නමුත් මේ සිටින්නේ කුළී රියක ගමන් කරමින්...
මා දවසම ගෙවා දැම්මේ කෝපය සහිතව ය.ඕනෑවටත් වඩා ධීර හා මිතුරු වන්නට ගොස් ලැජ්ජා වන්නට සිදු වූ බව හැඟෙන විට මට මහත් ලැජ්ජාවක් ද හට ගත්තේ ය.මම ඔහුගෙන් ආ එකම පණිවිඩයක්වත් නොබලන්නට ප්‍රවේසම් වීමි.මාලක අයියා නරක කොල්ලෙකු නොවේ.ඔහු සැබෑවටම අපේ වැඩිමහල් සහෝදරයාට සමාන ය.නමුත් ඔහුගේ මිතුරෙකු සමඟ ඕනෑවට වඩා...