ඒ සෙනසුරාදා දිනයකි. දේශන නොපැවැත්වෙන දිනක් වුව ඊෂාත් මමත් සරසවි පුස්තකාලයට ආවේ පැවැරුමකට පොත් කිහිපයක් සොයන්නට ය. දිනුක අප එනතුරු මඟ බැලුව ද හිමල්කට එන්නට නොහැකි බව දන්වා තිබිණි. උවමනා කරන පොතපත සොයා අවසන් වූ පසු උද්‍යාන බංකුවකට වී ඊෂාත් දිනුකත් දිගු කතාවකට මැදි වූහ. මට කරන්නට කිසිත් නැත....
රැය පහන් වන තුරා මම කල්පනා කළෙමි. අම්මා මගෙන් උදව්වක් ඉල්ලා සිටී. මීට පෙර කිසිදු අවස්ථාවක මුදලින් ඇයට උදව් කරන්නට මට සිදු වී නැත. අම්මා සිය සැමියා ගේ දික්කසාද යෙන් පස්සේත් දිරියවන්ත ගැහැනියක ලෙස ස්වයං රැකියාවක් ද කරමින් මා ඇති දැඩි කර ගත්තා ය. මා කුඩා කල සිට ම...
දවස් ගෙවී ගියේ ය.ඊෂා පැවසූ ලෙස ම තනි වී නොසිට පිරිස සමඟ මුසු වීම නිසා මගේ හිත සැකසෙමින් තිබිණ. පුරුද්දට ගාථා කියූ මට අනිත්‍යයේ සැබෑ අරුත වැටහුණේ තාත්තා නික්ම යාම නිසා ය. ලෝකයේ පවතින කිසිවක් සදාකාලික නැති බව මගේ ජීවිතය වසා සිටි ලොකුම වීරයා කියා දී යන්නට ගියේ ය....
අම්මා කිසි දා මා තේරුම් ගන්නට උත්සාහ කළ කෙනෙක් නොවේ. ඇය මට ආදරය කළ බව ඇත්ත ය. නමුත් යම් යම් ආත්මාර්ථකාමී ගති ගුණ ඇය වෙත විය. මම ඒ බව ටික ටික අවබෝධ කර ගනිමින් සිටියෙමි. නමුත් ඒ කිසිත් ඇයට ආදරය කරන්නට මට බාධාවක් වූයේ නැති බව කිව යුතු ය.
"කියන්න...
"කෝස් එක බැලුවද?"
වචන තුනකි. මලිඳු හැරුණු විට මගේ ජීවිතයට වඩා සමීප පිරිමි යහළුවන් වූයේ දිනුක සහ හිමල්ක ය. හිමල්ක මටත් ඊෂාටත් වඩාත් සමීප ය. ඔහු අප දුකකින් හිඳින්නේ නම් හිනා උපදවන වීඩියෝ හොයමින් එවන, කෑවද බීවා ද විමසන, දකින දකින අලුත් මෝස්තරයේ ඇඳුම් වල සේයාරූ එවන මිතුරෙකි. චැට් කිරීමට...
ශුභ කටයුත්තක දී කඳුළු ඉස්සර කරන එක හොඳ නැති බව දැන සිටියෙන් මම නාඬා සිටියෙමි. නමුත් මා මුළුමනින් ම හැඬුම්බර වූ බව තුෂී සේ ම යුගාන්තත් හොඳින් වටහා ගත් බව මම දනිමි. යුගාන්ත ඉදිරි කැඩපතින් කිහිප වරක් මදෙස බැලුවේ ය. ඒ බැල්මේ හිතෛශී බවක් මට ඉඳුරා දකිත හැකි විය.
බණ්ඩාරවෙල...
ඉනික්බිති ඇරඹියේ කලබලකාරී දවසකි. ඊෂාට මා වහා කැටුව යාමට උවමනා වූ අතර ඇය අද පාන්දරම අපේ බෝඩිමට කඩා වදින විට මා අවදි ව සිටියේවත් නැත. යමක් සිතුණු විට එය හිතූ පමාවට කරන්නට සමතියක වූ ඊෂාට මගේ කලමනා පොදි ගසා ගැනීම මහ වැඩක් වූයේ නැත.
"මෙහෙම යනවට අපේ නං කැමැත්තක් නෑ...
කුසල් කතා කරතැයි බියෙන් පෙර දා සැඳෑවේ සිට ම මා සිටියේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ගෙන ය. ඔහු ගේ යෝජනාව ට එකඟ නොවී බස් එකක එල්ලුණ එක ගැන ඔහු දක්වන්නට නියමිත ප්‍රතිචාරය සුබ නොවන බව මම දැන සිටියෙමි. බලාපොරොත්තු වූවා සේ ම හෙතෙම දුරකතනය ක්‍රියාත්මක වී විනාඩි කිහිපයක්...
"ඔයාලා මොකක්ද ඔය කියන්න හදන්නේ"
බලා හිඳීම ගැටළු විසඳන්නේ නැති බව තේරුම් ගත් මා ඇසුවේ බලා හිඳීම ඇති වූ තැන ය.
"පිනීගේ අම්මාගෙන් ඇහුව ද?"
දිනුක වඩා මෘදු ස්වරයකින් ඊෂාගෙන් විමසී ය. ඊෂාගේ සිනාව පිපී ආවේ හැඩට ය. අනතුරුව ඈ ජයග්‍රාහී බැල්මකින් මදෙස බැලුවා ය.
"ආන්ටි කැමති අනේ..අපෙ අම්මි නම් උඩින්ම කැමතියි.."
"එහෙනං ඉතිං...
මහරගම බෝ ගහ අවට පරිශ්‍රය අතුරු සිදුරු නැති ව ජනී ජනයා ගෙන් පිරීතිරී ගොස් තිබුණේ ය. තද බදය අස්සේ ඉතා හෙමිහිට ඉදිරියට ඇදෙන රිය, පෙළක් තනා තිබුණේ ය. කුසල් ට වැඩි වෙලා මෙතැන යතුරු පැදිය නවතා ගෙන සිටිය නො හැකි ය. පිටුපස වන රිය සමූහය අතොරක් නැති ව නලා...