Stories

කිසල් ට ලං වීමේ හොඳ ම පාලම පළිඟු බව අක්ෂි වටහා ගත්තා ය. පළිඟු කියන්නේ පිටතින් නො පෙන්වූවාට සංවේදී තැනැත්තියකි. ඒ සංවේදීකම, කිසල් ට සමීප වීම සඳහා පාවිච්චි කරන්නට පුළුවන. "ඇයි ඔයා එදා කිව්වෙ කිසල් තාමත් මට ආදරෙයි කියල..." අක්ෂි එසේ ඇසුවේ එම සිදුවීම වී දින දෙකකට පස්සේ ය. පළිඟු ව්‍යාජ...
තමන් කළේ කුමක් දැයි පළිඟු තිගැස්සී ගියේ හොඳට ම ඉකි බින්දායින් පසුව ය. මහත් හිස් කමක් ඇයට දැනෙන්නට විය. සියල්ල ඒ කඳුළු ත් එක්කම හේදී ගියා මෙනි. තවමත් කිසල් අක්ෂි ට ආදරේ යයි ඇය කියූවා නොවේද? අක්ෂි යළි කිසල් වෙත යාම ඉක්මන් කරවන පාලම වීම ගැන අනුවණ ක්‍රියාවක් කරන්නට...
ඒ සුපිරි වෙළඳ සංකීර්ණයක හවස් යාමයක්. අත්තම්මා කෙනෙක් තමන්ගේ පුංචි මුණුබුරා සහ මිණිබිරිය එක්ක අත්‍යවශ්‍ය බඩු මිලදී ගනිමින් ඉන්නවා. ඇත්තටම අත්‍යවශ්‍ය බඩු මිස වෙන කිසිම දෙයක් ගන්න අත්තම්මා ළඟ සල්ලි නෑ. සල්ලි කියන්නේ ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕනෑ දෙයක් බව දරුවන්ට මතක් කරමින් ඇය භාණ්ඩ තෝරනවා. "අපි සීයට මොනවද ගන්නේ?" මිනිබිරියට හදිසියේ...
එහි වූයේ නිසල් ය. සැබෑවටම මට ඇති ගැටලුව වසර කිහිපයක් තිස්සේ හොඳම මිතුරිය වූ ලෝචනාට ද වටහා ගත නොහැකි නම් අද ඊයේ හිතවත් වූ නිසල් කෙසේ තේරුම් ගන්නදැයි මම සිතන්නට වීමි. අනිත් කාරණය ඔහු පිරිමියෙකි. අනිවාර්යයෙන් ඔහු සංකල්පට එසේ වන්නට ඇති හේතු ගැන කාරණා මවමින් ඉදිරිපත් කරනවාට සැක නැත. "සංක...
මම වහා දෑස් ඔසවා බැලුවේ කවුරු හෝ වාහනය නැවැත්වීමේ ගැටලුවකට මැදිව ඇතැයි සිතමිනි. නමුත් සිටියේ පුරුදු දෑසකි. මම වහා වීදුරුව පහත හෙළීමි. ඔහු මුලින්ම බැලුවේ ටිමී දෙස ය. "ෂා..සීනුට යාලුවෙක් හම්බෙලා වගේ.." මම පුළුල් සිනාවක් නැගිමී. මොහොතකට පෙර හඬමින් හුන් දෑසේ කඳුළු වියළී ද නැත. "අද එයාට තාත්ති ගිෆ්ට් කරේ නිසල්. අපි...
අක්ෂි ට සිතුණේ කිසල් හා පළිඟු වෙත දිව ගොස් යකා නටන්නට ය. පළිඟු අතේ තිබෙන, කිසල් අඩක් කෑ අයිස් ක්‍රීම් එක උදුරා එය පළිඟු ගේ මූණේ අතුල්ලන්නට ය. නමුත් ඒ විදිහට සිතිවිලි වලට ඉඩ දීමෙන් වන යහපතක් නැති බව දැන් ඇය තේරුම් ගෙන සිටියා ය. එයින් වන්නේ කිසල් තව...
මොනවා බෙදා හදා ගත්තත් පෙමින් බැඳුණු පිරිමියාව බෙදා ගන්නට රිසි ගැහැනියක් මෙලොව සිටිය හැකි ද? අක්ෂි ට සමාන්තර ව පාරේ ඇවිද යන ගමන් පළිඟු සිතුවේ ඒ ගැන ය. දැනටමත් ඈ කිසල් ට පෙම් කරමින් සිටී. නමුත් ඉතා සියුම් ලෙස අක්ෂි මේ අරාඳින්නේ සිය හදවතත් එක්ක දරුනු සෙල්ලමක් කරන්නට බව...
වත්සලා ගේ ලොකු වී තිබූ ඇස් වල වූ විශ්මය දැක පළිඟු ට සිනා පහළ විය. විවර වූ ඇගේ මුවට යුවතිය අමු මිරිස් කරලක් එබුවා ය. "මොකද්ද කියන්න තියෙනව කිව්වෙ..." එහෙම අහනකොටත් වත්සලා ගේ පපුවේ ගැස්මක් විය. පළිඟු විසින් කියන්නට යන කාරණය අසා ඉන්නට බෑ වගේ දෙයක් දැනුණත්, එය දැන ගත යුතුමයි...
කිසල් වූ කලී උතුම් ලා වාගේ සාමාන්‍ය කොල්ලෙකු නොව තරමක් වෙනස් ඉලන්දාරියෙකු බව වත්සලා ට දැනී තිබිණි. ඔහු වැඩි කතා බහක් නැති නිහඬ චරිතයක් වන අතර ම මඳ ආඩම්බරයක් ද ඒ පෞරුෂයේ තැවරී තිබිණි. වත්සලා එක්ක වුව අවශ්‍ය ම දේකට මිස හෙතෙම කතාවට ආවේ නැත. පළිඟු අවන්හලේ නොවන බව...
වැහි අඳුර අතරින් රන්වන් හිරු කිරණ අහුරක් නැගෙනහිර අහසින් කාන්දු වෙමින් තිබිණ. ඇහැල මල් තවමත් මඳ පවනැල්ලේ නැලැවුණේ ය. නමුත් ඒ අතර දැවටෙමින් තැවරෙමින් රොන් සෙවූ සමනල යුවල පළා ගොස් තිබිණ. ටික දුරක් හෙමිහිට ඇවිද ගිය පළිඟු, කිසල් ගේ ඇස් මානයෙන් දුරස් වන සීමාවේදී හඬාගෙන ම දිව ගියා ය....