Stories

වත්සලා ගේ ලොකු වී තිබූ ඇස් වල වූ විශ්මය දැක පළිඟු ට සිනා පහළ විය. විවර වූ ඇගේ මුවට යුවතිය අමු මිරිස් කරලක් එබුවා ය. "මොකද්ද කියන්න තියෙනව කිව්වෙ..." එහෙම අහනකොටත් වත්සලා ගේ පපුවේ ගැස්මක් විය. පළිඟු විසින් කියන්නට යන කාරණය අසා ඉන්නට බෑ වගේ දෙයක් දැනුණත්, එය දැන ගත යුතුමයි...
කිසල් වූ කලී උතුම් ලා වාගේ සාමාන්‍ය කොල්ලෙකු නොව තරමක් වෙනස් ඉලන්දාරියෙකු බව වත්සලා ට දැනී තිබිණි. ඔහු වැඩි කතා බහක් නැති නිහඬ චරිතයක් වන අතර ම මඳ ආඩම්බරයක් ද ඒ පෞරුෂයේ තැවරී තිබිණි. වත්සලා එක්ක වුව අවශ්‍ය ම දේකට මිස හෙතෙම කතාවට ආවේ නැත. පළිඟු අවන්හලේ නොවන බව...
වැහි අඳුර අතරින් රන්වන් හිරු කිරණ අහුරක් නැගෙනහිර අහසින් කාන්දු වෙමින් තිබිණ. ඇහැල මල් තවමත් මඳ පවනැල්ලේ නැලැවුණේ ය. නමුත් ඒ අතර දැවටෙමින් තැවරෙමින් රොන් සෙවූ සමනල යුවල පළා ගොස් තිබිණ. ටික දුරක් හෙමිහිට ඇවිද ගිය පළිඟු, කිසල් ගේ ඇස් මානයෙන් දුරස් වන සීමාවේදී හඬාගෙන ම දිව ගියා ය....
ගේට්ටුවෙන් එපිට රැඳී සිටියේ තරුණයෙකි. ප්‍රසන්න සිනාවක් සහිත ඔහු දෙස මම විමසිලිමත් ව බැලීමි. "මිස්ට සංකල්ප එදිරිමාන්නගෙ ගෙදර නේද මිස් මේ?" සංකල්ප පැය කිහිපයක් යන්නටත් මත්තෙන් සීනුගේ ඉල්ලීම ඉටු කර ඇත. තරුණයා බලු පැටවෙකු රැගෙන පැමිණ ඇත. ප්‍රීතිමත් නිල් දෑස සහිත කුඩා බලු පැටවා සීනු වෙත පැන්නේ ඇසිල්ලකිනි. කුඩාවුන්ට මිත්‍රත්වයක් ගොඩ නගා...
සීනු සංකල්පට ඇමතුමක් ගන්නට බොහෝ වෙලා යත්න දැරී ය. ඇගේ හිත නොරිදවා ඔහුට ඈ ලවා වොයිස් මැසේජයක් යැවීමට මම වග බලා ගතිමි. නැතිනම් ඇගේ ළපටි හදවත මහත් දුකකට පත් වීම නොවැළැක්විය හැකි දෙයකි. "තාත්ති බිසීනෙ. අපි හවස් වෙලා යං බව්වෙක් ගේන්න.පෙට් ෂොප් එකකට.." ඈ දිලිසෙන දෑසින් හිස වැනුවා ය. ගේට්ටු සීනුව...
"ආයිස් අප්ප...මේ ජෝඩු දාල කන්නෙ දෙන්නත් එක්ක..." එහඬින් පළිඟු තිගැස්සී ගියා ය. අවන්හල දොරකඩ උතුම් හිටගෙන උන්නේ දෑත් ඉණෙහි ගසාගෙනයි. වත්සලා සිනහ වෙවී බලා සිටියා ය. "මං බැලුව මූ ලෙක්චර් එකත් කට් කරල පනිනකොට. පැණි හැළියක්ද යකෝ මේ..." පළිඟු ගේ වත රතු වෙමින් තිබිණි. "පිස්සුද බං..." කිසල් එහෙම කීවේ පළිඟු පත් අපහසුතාවය දැනගෙන ය. "මං...
වස්සානය ඇරඹී තිබිණි. දෙතුන් දිනක සිට පැවති පොද වැසි තත්වය උන් හිටි ගමන් එහි උච්චතම අවස්ථාවට එළැඹියේ ය. මහ වැස්ස ඇද හැලෙන්නට පටන් ගෙන දැන් හෝරාවකට වැඩිය ගත වී තියේ. විසල් වීදුරු ජනේලයෙන් වැසි ඇද හැලෙන පරිසරය දෙස බලාගෙන සනත් හිතුවේ, හෙට දින පාසලෙන් හරි අඩකට වඩා සිසුන් නො...
එදා කිසල් ට රෝහලෙන් ගෙදර යා හැකි විය. ඕනේ නම් විශ්ව විද්‍යාලයට වුව යා හැකි වුණත්, එහෙම කරන්නට ඔහු ට ඕන වුණේ නැත. ඔහු එන තුරු බලා ඉන්නේ කවුරුන් ද? ඉස්සර නම්, අක්ෂි ට පෙම් කළ යුගයේ නම්, අසනීපයකට හෝ කිසල් ගෙදර නතර වූයේ නැත. ඈ බලා හිඳිනවා කියන...
වහ වහා සිදු කළ වෛද්‍ය ප්‍රතිකර්ම නිසා කිසල් ට සුවයක් දැනෙමින් තිබුණේ ය. නමුත් ඒ වෙලාවේ බඩ පපුව දවාගෙන ආ වේදනාවේ පමණ අමතක කරන්නට කිසි දා ඔහු ට නො හැකි වනු ඇත. එක අතකට ඒ ඔහු විහින් ම ඇති කර ගත් තත්වයකි. පළිඟු එක්ක, උතුම් හේතු කොට ගෙන ඇති...
"මං එකක් කියන්නං. ඔයා මගෙ පර්සනල් ලයිෆ් එකට ඉන්වෝල්ව් වෙන්නනං හදන්නෙපා හරිද..." ඒ රළු වදන් නිසා, අහසින් පොළොවට වැටුණා සේ පළිඟු තිගැස්සී ගියා ය.  "මං මොකද්ද කිව්වෙ.." "ඔය අක්ෂි ගැන අනං මනං. මං එයාව අමතක කරනවද නැද්ද කියන එක මගෙ වැඩක්. ඔයාට තියෙන්නෙ අපේ ඇග්‍රිමන්ට් එකේ හැටියට ඇක්ට් කරන්න විතරයි" ඔහු කොයි තරම්...