Stories

මගේ සිතුවිලි අහුර බිම වැටුණේ මධ්‍යම රාත්‍රියට කිට්ටු වෙද්දී සංකල්ප පැමිණි නිසා ය. ඔහු පැමිණි බව දැනී දෑස් තද කර පියා ගත් මම නින්දට වැටුණු සේ හුන්නෙමි.ඔහු සමඟ කතාවට වැටෙන්නටවත් මට ඕනෑ වූයේ නැත. සංකල්ප සීනුව සෙමින් සිප ගනිද්දී මම දෑස් හැරියෙමි.සීනු සිහිනයෙන් "තාත්තී.. "කියමින් ඔහුට තුරුළු වූවා ය.සංකල්ප නිදි...
අගනුවරට සමීප නගරයක පිහිටි නිහඬ නිස්කලංක නිවාස සංකීර්ණය නංගීත් මමත් මතක ඇති කාලයේ පටන් හැදී වැඩුණු තැන ය. ඉතා සන්සුන් සහ වැදගත් අසල්වැසියන් පිරිසක් මැද ගෙවී ගිය ඒ කාලය සුන්දර ය.සෙල්ලම් කරන්නට ඕනෑ තරම් මිතුරන් සිටිය ද මට සමවයස් මිතුරියක ලැබෙන්නේ තුනේ පන්තියේ උගනිද්දී ය. තාරුකා සහ ඇගේ පවුලේ...
පළිඟු එක්වර නතර නො වූවා ය. නමුත් ඇය ගමන් වේගය හොඳට ම බාල කළා ය. අක්ෂි වගේ පන්ති භේදය ඉහට ගත් කෙල්ලක එක්ක පළිඟු ට නම් කතාවක් ඇත්තේ ම නැත. ඒ වගේ අය ව ජීවිතය පැත්ත පලාතට වද්දා නො ගෙන ඈත් කොට තැබීම සාමාන්‍යයෙන් ඇගේ ස්වභාවයයි. නමුත් අක්ෂි ගැන...
තමන් ට ලැබෙන්නේ ශිෂ්‍යත්වය බව පළිඟු දැන උන්නා ය. කිසල් ගේ පෙම්වතිය ලෙස රඟ දැක්විය යුතු වූයේ ඔහු ගේ අවශ්‍යතාවයන් මත ය. පළිඟු වෙනුවෙන් එහෙම රඟපාන්නට ඔහු බැඳී නැත. අනිත් අතට කිසල් වාගේ ඉහළ පන්තියට අයත් පවුලක කෙනෙක්, විශේෂයෙන් ම ඔහු වාගේ ආඩම්බර කාරයෙක්, පළිඟු ලා ගේ ගෙදර ඇවිත්...
කිසල් කතා කළේ නැත. පිටතට පෙන්නුවේ නැතිවාට ඔහු ගේ සිත් හි ද්වේශ සහගත සතුටක් නළියමින් තිබුණේ ය. ඔහු ගේ අරමුණ ඉටු වී තියේ. අක්ෂි ට රිදී තියේ. ඇය ඔය විදිහට ඔහු වෙත ඇවිත් කතා කළේ ඒක ය. පළිඟු නිහඬව ම බත් පත ලෙහුවා ය. මීට ටික වෙලාවකට පෙර දැනෙමින් තිබුණ...
පාසලෙන් සිල් සමාදන් වූ දවසක මිස, පාවහන් නොමැති ව ඇවිද ඇති දවසක් කිසල් ගේ මතක ඉතිහාසයේවත් නැත. එහෙව් ඔහු පළිඟු වන් කෙල්ලක වෙනුවෙන් සිය පාවහන් පරිත්‍යාග කොට නග්න දෙපයින් සරසවි බිමෙහි ඇවිද යනයුරු අක්ෂි බලා උන්නේ විශ්මයෙනි. ඔහු ඒ තරම් ඇයට පෙම් කරන්නේ ද? මේ තරම් කෙටි කාලයක් තුළ...
රාත්‍රිය චිත්‍රයක් බඳු සන්සුන් බවක් ගත්තේ ය. අඹ ගහේ එක කොළයක් හෝ හෙළවුණේ නැත. චලනය වන යමකට වී නම් ඒ කලබලයෙන් මග හෙළි කර ගෙන එහෙ මෙහෙ යන කණාමැදිරියෙක් ම පමණි.  අඹ ගහ යට බංකුව මත ඉදි වූ පිළිමයක් සේ අවකාශය දෙස බලා ගෙන, පළිඟු මෙතැන ඉන්නේ බෝ වෙලාවක...
සංකල්ප එනතුරු කෝපයෙන් පුපුරමින් බලා හිඳීම මට මහත් වෙහෙසකර විය.ඔහු අඩුම තරමේ මට ඇමතුමක් හෝ දුන්නේ නැත. "වෙලාව පහු වෙනකොට මං වෙව්ලපු තරම් සුදු මැණිකේ.මහත්තයා ෆෝන් එක ගත්තෙත් නෑනෙ.." නීතා පන්සිය විසි වෙනි වතාවටත් එසේ කියමින් මා අත කෝපි කෝප්පයක් තැබුවා ය. අනතුරුව ඌණපූර්ණය එක් කළා ය. "අද ඉතිං මොකුත් කෑවෙත් නෑනෙ....
මා තවමත් ගල් ගැසී හිඳින බව මට දැනේ. දැනෙන්නේ ලැජ්ජාවක් දැයි කෝපයක් දැයි වටහා ගත නොහැකිව ගල් ගැසී ගිය මා හදිසියේ පියවි ලෝකයට ආවේ ලෝචනා නෙත් දල්වා මා දෙස බලා හිඳින බව වැටහීමෙනි. "පවී, දැන් ඕක හිතන එක නවත්තන්න. අනිත් එක රටේ ලෝකේ දරුවන්ට වෙන දේවල් වල හැටියට මේ වුණේ...
කිසල් බෝගොඩ සිය දෙනෙත් පළිඟු වෙතින් සඟවා ගත්තේ ය. තත්පරයෙන් සියයෙන් එකකටත් වඩා අඩු කාලයකදී සිදු වූ නෙතු මුණ ගැසීමේදීත්, ඇගේ ඇස් වල අභියෝගයක් වන බව ඔහු දුටුවේ ය. "මගෙං ප්‍රශ්න අහන එක අපේ ඇග්‍රිමන්ට් එකට අයිති දෙයක් නෙවෙයි" දැඩි බවක් මවාගෙන කිසල් තදින් කීවේ ය. පළිඟු දෙතොල් උල් කළත් කිසිත්...