මල් තුහින

"තුහින?" එතැනින් එහා කිසිවක්ම පැවසීම පලක් නොවේ. නමුත් කාටවත්ම නොකියන කාරණාවක් හිතේ දරාගෙන හිඳින රුවිනිට මේ ආරංචිය නරක එකක් නොවී ය. ඒ හන්දාම ඇය මලිතිගෙන් එක් දෙයක් අසන්නට ප්‍රවේසම් වූවා ය. "ඔයාට හිතෙනවද මලී, දවසක තුහින ඔයාට ආදරේ කරාවි කියලා." මලිති කිසිවක්ම නොකියා සිනා මුහුණක් යවන්නට සිතුවා ය. ඒ ප්‍රමාණවත් ය. සමහර...
මලිති තේ කෝප්පය ද රැගෙන කාමරයට ආවේ බර වුණු හිසකිනි. ඕනෑවට වඩා හිස රුදා ඇති වීම දරා ගැනීම අසීරු ය. විශාද නාශක ඔසු ගිල දැමීම නවතින දවස ගැන ඇය කල්පනා කළා ය. එය මේ යැයි නොපෙනෙන දුරකි. "මලිති, අපි දුකට හුරු වෙලා දුක රස විඳින්න ගන්නවා කියන්නේ එතනින් ගොඩ ඒමක්...
විදුලි බලය එනතුරුම හුන් තැනම රැඳෙන්නට මලිතිට සිත් වේ. කොහේ හෝ ගොස් ගෙදර පැමිණි විගස දවස පුරා ඇඳ සිටි ඇඳුම ගලවා දමා වහා පිරිසිදු වූ අතීතයක් හිමි දැරිය ඇයට සිහි වේ. ඇඳ රෙද්දේ රැල්ලක්වත් ඇද වනවාට අකමැති මලිති කෙනෙක් අතීතයේ ජීවත් වූවා ය. පිළිවෙල සහ පිරිසිදුකම! දැන් ඒවා අතීතයට එක් වූ...
"මිනිස්සුන්ට ජීවිතේ සෑහෙන්න මඟ ඇරෙනව. ඒත් ජීවිතේ කියන්නේ මඟ ඇරෙන්න ඕන තැනක් නෙවෙයි කියලවත් තේරෙන දවසක් මිනිස්සුන්ට එන්න ඕන." රුවිනි කියද්දී මලිති හිනැහුණේ වැහි අඳුරට ය.ජීවිතය වඩවඩාත් මඟ හැරෙන්නට යන බව පැවසූ විට රුවිනි බැනුම ආරම්භ කරන බව ඇය දනියි.ඒ හන්දා මලිති කතාව සඟවා ගන්නට හදිසි තීරණයක් ගත්තා ය. "දෙන්නෙක් කසාද...
වර්ෂාව ඇද හැලුණේ නොකඩවා ය. දවස පුරාම වැස්සක් වැටීම සාහිත්‍යයේ තරමට සැබෑව තුළ සුන්දර නොවේ. කම්මැලි දවසක් අවසානයේ අත් පොරවාගෙන කාර්යාලයෙන් පිටතට බසින රුවිනිගේ හිතේ වූ නිදහස මලිතිට නොවී ය. "අපි ගිහින් දාන්නම්" ඇය එසේ කියද්දී රුවිනි හිනැහුණා ය. "මං දැන්මම ඇනෙක්ස් එකට ගිහින් මොනව කරන්නද?" රුවිනිගේ කතාවේ වරදක් නැත.මේ මහා වර්ෂාවේ පවා...
අනෝරා වැස්ස ඇද හැලේ.නොකඩවා ඇද හැලෙන වැස්ස දැන් ඕනෑවට වැඩි බව සිතුණු රුවිනි ජනේලය වසා දැම්මා ය. ඉල්ලීමකින් තොරව වසා දැමුණු ජනේලයෙන් මෑත් වූ මලිති, මිතුරිය දෙස බැලුවේ නොපහන් දෑසකිනි. "වැස්ස දිහා බලාගෙන හිටියෙ මං." රොබින්සන් අන්දරය හඬ කැවූ ආකාරයේ වචන මාරු කරමින් පැවසූ වාක්‍යයට රුවිනිට සිනා පහළ නොවී ය. මලිතිගේ...