මල් තුහින

නවීන් ඒ රාත්‍රිය මුළුල්ලේම සිටියේ මලිති කිනම් හෝ මොහොතක පැමිණ ඔහුට තුරුළු වෙන බව විශ්වාස කරමිනි. ඔහු ඇය පිටු දැක මෙතැන නිදාගත් දවස් බොහෝ වූ අතර ඒ සෑම දවසක්ම අවසන් වූයේ ඇය හඬමින් බලහත්කාරීව ඔහුගේ තුරුලට වැදීමෙනි. "අනේ මාව තනි කරන්න එපා.මං කළුවරට කොච්චර බයයි ද? ඔයාගේ හුස්ම මූණට වැටෙන්නෙ...
අයත් වූ ආදරය රැක ගැනීමට උවමනා නැතැයි බොහෝ පිරිමි සිතන්නට පුරුදු වී සිටිති. ප්‍රේමයම ජීවිතය කරගෙන තමන් මත්තේ හිඳින ගැහැනු මොන තරම් මානසික සහ කායික පීඩා විඳින්නට සිදු වුවත් හැර නොයන බව විශ්වාස කරන්නට ඔවුන් සතුටු ය.නවීන් ජීවත් වූයේ ඒ ෆැන්ටසියේ ය. ඔහුගේ දෑසට පෙනුණු සුන්දරම යුවතිය දිනා ගන්නට ඔහුට...
මලිති ඉනික්බිතිව සැහැල්ලුවෙන් ජීවත් වීම ආරම්භ කළා ය. හිනැහෙමින් මඟ බලන්නට හේතුවක් තිබේ. ඇය හිඳින්නේ ඒ සතුටිනි. ඇතැම්විට ඔහු ආදරය පිළි ගන්නට පුලුවන.ඉනික්බිතිව ආදරයෙන් ජීවත් වීමට හැකි වන බව ඇයට විශ්වාස ය. "බිඳිච්ච මනුස්සයෙක්ට ආදරේ කරන්න අමාරුයි කියන කතාවට මං එකඟ නම් නෑ." රුවිනි ඇගේ මතය පැවසුවා ය. බිඳීම් සුවපත් කරගෙන...
"මට එක දෙයක් හොඳාකාරවම පැහැදිලි." රුවිනි මිතුරිය දෙස බැලුවේ උපේක්ෂාවෙන් ය. මලිතිට ඒ මුහුණ දෙස නොබලා රාජකාරි කරන්නට සිත් විය. සියල්ලන්ට වැඩ කටයුතු පසෙක තබා ක්‍රිකට් තරගයකට ඇස අලවා ගෙන ඉද්දී පවා වැඩ කරන්නට සිතෙන්නේ ඇයි? ඒ රුවිනි මඟ හරින්නට බව ඇයට සිතේ. කරන්නට සිතෙන එකම දෙය ඇය මඟ හැරීම ය....
"ඔයා ඇයි" ඔහු ඇසුවේ පුදුමයෙනි. ඔහුට කොහොමටත් පෙනෙන්නේ මලිති නිරන්තරයෙන්ම හිනැහෙන සන්තෝසය පිරුණු යුවතියක ලෙස ය. එහෙත් දැන් ඇය කියන්නේ අදහන්නට අසීරු කතාවකි. "අපි හැම කෙනෙක්ගෙම පිටට පේන ජීවිතේ ඇත්තටම තිබුන නම් මොනතරම් හොඳයිද?" මලිති එසේ කියද්දී සෑම කෙනෙකුම ඇගෙන් අසන්නට නොපැකිළෙන ප්‍රශ්නය අසන්නට තරම් තුහින ද අඥාන වූයේ ය. "ඔයාට බබාලා ගැන...
"ආදරේ ගැන ඔයා විශ්වාස කරන දේවල් ගැන මම කිසිම දෙයක් කියන්නෙ නෑ. මොකද ඒවා ඔයා ඔප්පු කරල ඉවරයි. ආදරය සහ යාළුකම් හැම දෙයක්ම ඔයා ජනප්‍රිය වෙන්න පාවිච්චි කරාට ඒ හැම දෙයක්ම තව කෙනෙක් වෙනුවෙන් පාවිච්චි කරන අය ඉන්නවා. මලිති කියන්නේ එහෙම කෙනෙක්. අපි යාළුවො වුණේ ගොඩක් පුංචි කාලෙදි. මේ...
උත්පලාට අවශ්‍ය වූයේ ඇය කියන සෑම දෙයක් අනුමත කරන රසික ප්‍රජාවකි. ඇගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්නන් ව මර්දනය කිරීම සඳහා ඇය ඇයට වඩාත් සමීප රසික පිරිසක් එකතු කර ගෘප් චැට් එකක් පවා සකසා තිබිණ. ලෝකයට වඩාත් ආදරය බෙදන්නියක බව පෙන්නුවාට ඇයට අනන්‍ය වූ ඇතැම් දේවල් ද නොතිබුණා නොවේ. "කවුද මේ...
"අපිට ඒ කාලේ හොඳ යාලුවො වෙන්නවත් බැරි වුණා." මලිතිගේ චෝදනාව තුහින දරාගත්තේ සිනාමුසු මුහුණකිනි. සැබෑවටම ඒ කාලේ ඔවුන්ට හොඳ මිතුරන් වන්නට වත් ඉඩක් තිබුණේ නැත. දුටු මතින් බැඳුණු ප්‍රේමය ගැන කියන්නට හදිසි නොවී ඇය සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩනඟා ගත්තා නම් ඇතැම්විට අද ශේන්යාගේ අම්මා වන්නේ උත්පලා නොව මලිති බව ඔහුට...
"මට පරණ යාලුවෙක් මුණ ගැහුණනෙ." මලිති නවීන්ට එසේ පැවසුවේ සති අන්ත දවසක ය.අන්තර්ජාලයට ඇහැ අලවා සිටි ඔහු නෑහුනු ගාණට හිඳින්නට උත්සාහ ගත්තේ ය. අතීත සති අන්ත මෙසේ නොවේ.අඩුම තරමේ අලුත් කෑමක් හෝ පිසින්නට ඔවුන් උත්සාහ ගත් බව මලිතිට මතක ය. "මං ඔයාට කතාවක් කියනවනෙ නවීන්" නවීන් බිරිඳ දෙස බැලුවේ නොරිස්සුමෙනි.වැඩකට නැති ඕපාදූප...
උත්පලා සියල්ල අත් හරින්නට තීරණය කර තිබුණේ ද නැත. එහෙත් ඇයට තුහිනට බරපතල පාඩමක් උගන්වන්නට ඕනෑ විය. "කෙනෙක් එක එක විදියෙ ඩ්‍රග්ස් වලට ඇඩ්ක්ට් වෙන එක අන්තිමම නරකයි.ඒත් ඒවයින් එයාලව ගලවගන්න පුලුවන් කියල අමතක කරන එක ඊට නරකයි." උත්පලා ලිහිණි දෙස බැලුවේ සමච්චලයෙනි. "ඔයාට අයියට ලැජ්ජ වුණාට දුකයි නේද?" ඇය අසන්නේ ඒ සමච්චල්...