මල් තුහින

තුහින නීතිඥවරයෙකු හමු වන්නට සිතුවේ ය. මලිති ජීවිතයට පැමිණිය ද නැති වුව ද උත්පලා තවදුරටත් ජීවිතයට අලවා තබා ගන්නට ඔහුට ඕනෑ නැත. "මට තිබ්බ එකම බය දරුව ගැන. දරුවා උත්පලාට දෙන්න වුණානං මං කීයටවත්ම නඩු කියන්නේ නැති වෙයි. ඒත් මටයි දරුවටයි පාඩුවෙ ඉන්න පුලුවන්නම් මං මේ තීරණය නොගන්න එකේ තේරුමක්...
"ඔයා මට අවුරුදු ගානකට කලින් මඟ ඇරුණා. අවුරුදු ගානකට කලින් ඔයා මාව ප්‍රතික්ෂේප කරපු විදිය අන්තිම කැතයි කියන එක මට ඇත්තටම හිතින් මකා ගන්න ගොඩක් කල් ගියා. ඒත් ඔයාටත් ඔයාට ඕන වුණු ආදරේ ලැබුණේ නෑ නේද? නුවන් ඔයාගේ ආදරේ බාරගත්තේ නෑ. ඔයා නවීන් එක්ක ඉන්නෙත් සතුටින් නෙවෙයිනෙ. මට ඔයාගේ හැඟීම්...
එක් වහලක් යට එසේ සිදු වෙමින් තිබියදී තුහින ද තීරණයක් ගත්තේ ය. උත්පලාට ඕනෑනම් වෙන්ව යාම ගැන ඔහුගේ කිසිම අකමැත්තක් නොවේ. නමුත් ඔහුට නොනවත්වාම මඩ ගැසීම පල රහිත බව ඇයට අවබෝධ කර දෙන්නට ඔහුට ඕනෑ විය. "වඳින්න වඳින්න ගහන එකා මෝඩයා තමා. ඒත් ගහන්න ගහන වඳින එකා ඊට වඩා මෝඩයා."  ඔහු...
මලිති තමන්ගෙන් ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව තේරුම් යද්දී නවීන්ට කම්පාවක් දැනෙන්නට විය. ජීවිතය ඉතා පහසුවෙන් ගත කරන්නට තෝරාගත් බිරිඳ වැරදි තේරීමක් බව සිතීම ඔහුට පහසු හැඟීමක් වූයේ නැත. "අපි ආදරේ කරලා බලමු. මාව ගැළපෙන්නෙ නෑ කියලා ඔයාට හිතුණොත් හරි ඔයාව ගැළපෙන්නේ නෑ කියලා හිතුනොත් හරි අපිට පුළුවන් වෙන් වෙන්න." ප්‍රේමය ඇරඹුණු...
"මුලින්ම ඔය වේදනාවෙන් මිදෙන පාර හොයා ගන්න.මට ආයේ ආයෙ කියන්න තියන දේ තමයි, ඔයා නවීන්ට තවම ආදරෙයිද කියන එක පැහැදිලි කරගන්නේ නැතුව ඉස්සරහට යාමක් නෑ. ඔයා දන්නවද ඔයාට ඔය ඉන්න වේදනාවෙන් මිදෙන එක නවීන්ගෙන් ඈත් නොවී කරන්නත් පුලුවන්. ඈත් වෙලා කරන්නත් පුලුවන්. ඔයා හරිම පරිස්සම් වෙන්න ඕන. වැඩිපුර ඉවසන්නත්...
"මේ වතාවෙනම් උත්පලාගෙ පෝස්ට් එකට කමෙන්ට්ස් දාන්න එපා." ඒ පණිවිඩය පැමිණියේ ඒ මොහොතේ ම ය.එය පැමිණියේ රුවිනිගෙන් නම් නොපෙනුණා සේ ඉන්නට ද එපා යැයි පැවසූ දේ කරන්නට ද තිබිණ. නමුත් මෙසේ කියන්නේ තුහින ය. ඔහු මේ මොහොතේ හිඳින මානසික මට්ටම ගැන මලිතිට මහත් වේදනාවක් ඇති විය. එය මොනතරමට පීඩාවක් වන්නට...
"ඔව් රනුක" මලිති කතා කළේ තැති ගැන්මෙනි. රාජකාරියක් අතපසුවීම රනුකගේ දෝෂ දර්ශනයට ලක් වීමට හේතුවක් නොවේ. එවැනි කාරණා ඔහු සමග කතාබහ කර විසඳා ගත හැකි බව හැම විටම පවසන්නකි. නමුත් රනුක කතා කරන්නේ ඉතා සංසුන් ස්වරයකිනි. එහි අදහස ම යම් විශාල ගැටළුවක් බව ය. "උත්පලා මට කතා කළා. ඔයාලා කීපදෙනෙක්ගෙ ෆෝන්...
රුවිනිගේ දෑස් බැල්ම මලිතිට නවතින්නට හේතුවක් විය. ඇය එහෙමම ඉඳ ගත්තේ හිතකින් නොවේ. ශේන්යාගේ අම්මා යැයි වෛද්‍යවරුන් කියවා ගන්නා තරමට ඇය කැළඹී සිටින බව ඇය දන්නීය. නමුත් අයිතියක් නැති තැනක අයිතියක් ඇති අයුරින් රැඳීම වේදනාව උරුම කරන්නක් මිස අන් කිසිවක් නොවන බව රුවිනි හොඳින්ම දැන සිටියා ය. ශේන්යා රැක බලා...
ඈ ගමන් කලා ද පියෑඹුවා ද යන්න ගැන මලිතිට සැබෑවටම හැඟීමක් නොවිණ. ලෙයින් පෙඟුණු ශේන්යා දෝතට ගත් ඇය උස් හඬින් කෑගසමින් සිටියා ය. වීදුරු බිත්තියෙන් එපිට ලෝකය ගැන විපරම් කළ රුවිනි ද ආරක්ෂක නිලධාරියාගේ හඬ ගෑම නිසා කලබල වූ සෙස්සන් ද තුහිනගේ මිදුලේ පිරෙන්නට වැඩි වෙලාවක් ගත නොවී ය. සමහර...
"මට හිතෙනව මට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් කියලා." විශාල ව්‍යාපෘතියක තොරක් නැති වැඩ අතර වුවත් රුවිනි වහා මිතුරිය වෙත හැරුණා ය. නිවාස සැලසුම යකාට යන්නට ඉඩ දී ඇය මලිති වෙත දරුණු රැවුමක් පා කළා ය. "උඹම නේද මට කිව්වේ නවීන්ට වෙන කාමරේක නිදාගන්න කිව්වා කියල. එහෙම කියලා ආයේ අඬාගෙන තුරුල් වෙන්න...