මල් තුහින

නවීන්, මීට අවුරුදු කිහිපයකට කලින් ඔයා එක්ක එක වහලක් යටට එන්න ගත්ත තීරණය ගැන පසුතැවෙනවා ද දුක් වෙනවද කියල හිතන්න මම මහන්සි වෙන්නේ නෑ. ජීවිතයේ අපි ගන්න හැම තීරණයක්ම අපිට පාඩමක් බවත් ඒවා ගැන පසුතැවෙන්න උවමනා නැති බවත් මට කියා දුන්නෙ මගේ තාත්තා. මම ඇත්තටම හිතෙනවා ඒක බොහොම ඇත්ත කතාවක්...
"ආදරේ කියන මාතෘකාව ඉස්සරහ අපි මාර විදියට අසරණ වෙනවා." තුහින එසේ පැවසුවේ කටුවක් ළයෙහි ඇනුණු තරම් දැනෙමින් තිබු වේදනාව දැන් විශාල තුවාලයක් වී ඇති හන්දා ය. ඒ වේදනාවේ මූලාරම්භය මලිතිදැයි ඔහු සිතී ය. ඇගේ ප්‍රේමය ප්‍රතික්ෂේප වූයේ ළාබාල වියේදී ය. ඒ වේදනාව කාලයත් සමඟ සමනය කරගන්නට තුහින විශාල උත්සාහයක් දැරී...
උත්පලා වෙත නොයා හිඳින්නට තුහිනට සිත් වූයේ නැත. ඇය මොනවා හෝ පානය කර සිය දිවි නසා ගන්නට උත්සාහ කිරීම බරපතල ගැටළුවකි. අනෙක් අතට බිළිඳු වියේදීම මව මිය යාම ශේන්යා උස් මහත් වෙද්දී කොහොම දරා ගනීදැයි කියන්නට ඔහු නොදනී. ඔහු ඒ හන්දාම උත්පලා වෙත යන්නට සිතුවේ ය. "මටත් පණිවිඩේ දීලා උත්පලාගේ...
"සේරම දේවල් පැත්තකින් තියලා මං මේ අපේ වටේ ඉන්න ගෑනු අය ගැන හිතලා බැලුවා. එක අතකින් බලනකොට අපි හැමෝටම කතාවක් තියෙනවා රුවී." රුවිනි පැවසූ කතා නිසා උත්පලා සම්බන්ධ කෝපය සිඳී යද්දි මලිති මුමුණන්නට වූවා ය. "ගෑනු අපට විතරක් නෙමෙයි පිරිමින්ටත් කතාවක් තියෙනවා. සමහරු ඒවා ගැන කතා කරනවා. සමහරු ගල් පිළිම වගේ...
"දික්කසාදය කියන අත්දැකීම ගෑනියෙකුට ලැබෙන්න ඕන නැති අත්දැකීමක් කියලයි මම නම් හිතන්නේ.මම මොන තරම් ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න උත්සාහ කරපු කෙනෙක් ද කියලා ඔයාලා හැම කෙනෙක්ම දන්නවා. මං හැම දවසක්ම පටන් ගත්තු හැටි ඔයාලා බලාගෙන හිටියා. පාන්දරම නැගිටලා මගේ ගෙදර අයට රසම කෑම හදන්න මම මහන්සි වුණු හැටි, මගේ...
"උත්පලා කේන්තියෙන් ඉන්න එක ඔයාට අවාසියක් කියල ඔයා හිතන්නෙ නැද්ද?" උත්පලා සමඟ සිදුවූ කතාබහ විස්තර කරද්දි මලිති එසේ ඇසුවා ය. ඕනෑ දෙයක් කතා කරන තරමේ මිතුරියක ලෙස ඇය සමීපයෙ හිඳීමම තුහින ට සැනසීමකි. ඇය ප්‍රශ්න අවුළුවන්නට අකමැති ය. එහෙත් මලිති ඉතා හොඳ සවන් දෙන්නියකි.  "ඔයා මේ තරමට හොඳ මනුස්සයෙක් කියලා මම...
"තුහින කියලා තියන දේවල් හරි" රුවිනි නම් ඉතා පැහැදිලිව පැවසී ය. ආදරය අවසන් වී ගිය ද බැඳීම් ඉතිරිව ගිය පසු සමහර අවස්ථාවලදී මිදී යාම අපහසු ය. මලිති ගෙවන්නේ එහෙම කාලයකි. "ඔයා තාමත් නවීන්ට ආදරෙයි. මමත් ඒක නම් දිගටම කියනව. ඒත් වේදනාවට ආදරේ කරලා තේරුමක් නෑ කියලා ඔයාට දැන් තේරෙනවනෙ." රුවිනි එසේ කියද්දී...
"මට ටිකක් කතා කරන්න පුලුවන්ද?" මලිති නවීන්ගෙන් එසේ අසා කෙටි පණිවිඩයක් යැවූයේ නවාතැනක් සොයාගෙන පැමිණි දින රාත්‍රියේ ය. එකම නිවසේ ජීවත් වෙන ස්වාමිපුරුෂයා ට කතා කරන්නට අවශ්‍ය බව පවසා චි පණිවිඩයක් යැවීම දෛවය තමන්ට කළ විශාල සරදමක් නොවේදැයි ඇය සිතුවා ය. නමුත් කරන්නට කිසිවක් ම නොවේ. සමහර අවස්ථාවලදී ඉරණම අපට...
ඇලීම තරමට මිදීම පහසු නැති බව මලිති අවබෝධ කරගෙන සිටියා ය. එහෙත් ඇය වසර ගණනක අතීතයේ සිට අද දක්වාම නවීන් හන්දා ලැබුණු දේ ද ගිලිහුණු දේ ද සටහන් කර බලන්නට තීරණය කළා ය. තරාදියක බර වැඩි පැත්තක් අනිවාර්යයෙන් තිබේ.සිත සනසා ගත් දවස් වලට වඩා සිත රිදවා ගත් බවත් රිද්දා ගනිමින්...
"මං ඔයාගෙන් අහන ප්‍රශ්නෙ අන්තිම අසාධාරණයි ද කියන්න මම දන්නෙ නෑ. ඒ වුණාට මේ ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඉන්නත් බෑ." තුහින එසේ කියද්දී රුවිනි කිසිම කැළඹීමක් නැතුව අසා සිටියා ය. ජීවිතය තුළ සිදුවූ සමහර දේවල් නිසා දරුණු රෝගයක් සම්බන්ධ වෛද්‍ය විනිශ්චයක් ලැබුණද දරා හිඳින්නට තරම් ශක්තියක් ඇය තුළ වේ. "ඔයාලා දෙන්නා ගහයි...