Tag: ශරදාකාසේ

ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
ඒ රාත්‍රියේ නිශාමනී නිදන්නට කාමරයට ගියේ නැත. එසඳි යහනෙන් නො පෙරළෙනු වස් කොට්ට වට කරනා ඇය දෙස, යහනේ වැතිර උන් ශාරද බෙල්ල ළඟින් හිස ඔසවා බලා සිටියේ ය. ඔහු බලනු දුටුවත් නිශාමනී ඒ දුටු බවක් අඟවන්නේ හෝ නැතිව සිය පොරවනය හා කොට්ටය ගත්තා ය. "ඇයි...රූම් එකේ නෙවෙයිද නිදියන්නෙ..." ශාරද ට ඒ...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
හඬමින් ද හූල්ලමින් ද දොඩමින් ද සිට විඩාවට පත්  නිශාමනී සෝෆාවේ ඇල වී ගෙන ම කෙටි නින්දකට වැටුණා ය. ඇගේ හිස ඇද වී බෙල්ල ළඟින් කඩා වැටී තිබිණ. පරිස්සමට ඒ සකසා තබන්නට සිතීත් ආකාස එසේ නො කර මුළුතැන් ගේ දෙසට ගියේ ය. ආසියාතික මිනිසුන් තවමත් හදවත් වලින් ඉතා දුප්පත්...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
වැස්ස ඉතා තදින් වහිමින් තිබිණ. ආකාස මලවිආරච්චි රිය පැදවූයේ වෙනදාට වැඩිය හෙමිනි. ඔහු ගේ මුහුණට සිනහවක් ආවේ නිශාමනී සිහි වී ය. ඇය ඔහුත් එක්ක ඔහු ගේ රියෙහි ගමන් යන්නට කැමති ම නැත. ඒ ඔහු රිය පදවන වේගය ගැන වන බියට ය. "ඔයා මට කියන්නෙ විස්සට තිහට  ඩ්‍රයිව් කරන්න කියලද...ස්ටියරින් වීල්...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
නිශාමනී ගේ මුහුණෙන් සිනහව යන්නට ම ගොස් තිබිණ. එය හරියට අතුරුදන් වීමක් සේ ය. හොරු අරගෙන යාමක් සේ ය. උදේ වැඩට යත්දීත් තිබුණ ඒ සිනහව ඒ විදිහට අතුරුදන් වීම සැබවින් ම අදහා ගත නො හැකි නිවී යාමකි. පහනක් නිවී ගියා සේ ය. ආකාස කෑම මේසයෙහි හිඳ කෑම කෑවේ පහන...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
නිශාමනී මැෂිමට රෙදි දමා ඒවා සේදෙන තුරු ගේ මිදුල් ඇමදුවා ය. එසඳි ට කිරි එකක් හදා පොවා ඇය සෝදවා පවුඩර් ඕඩිකොලෝන් දැමුවා ය. ඒ සුවඳ ඇගේ පපුව ඇතුළේ ඇති කරන්නා වූ හිර වීම ගැන ඇය ට කිසිත් පෙරපර ගලපා ගත නො හැකි ය. දියණිය තදින් පපුවට තුරුලු කර ගෙන...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
රිය පදවමින් සිටි ශාරද ගේ පපුවේ ක්ෂණික දැවිල්ලක් ඇති විය. ඔහු ට එය සිහි වූයේ ඒ වෙලාවේ ය. එහෙම ම ඔහු ගේ කකුල බ්‍රේක් එක පෑගුවේ ය. කන් දෙකෙන් දුම් දමන සංවේදනයක් ඔහු ව දවන්නට විය.  පිටුපසින් එක දිගට ම රිය නලා හැඬවුණේ ය. කෙතරම් කලබල වී සිටියත්, කලබල විය...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
ශරදාකාසයට සඳ නැගී ආවේ ය. පොල් අත්තට මත්තෙන් රත් පැහැ විසල් සඳ අහසට එන හැටි නිශාමනී බලා සිටියා ය. නිශාමනී වූ කලී සඳට කියනා පර්යාය පදයක් බව ඇය දැන ගත්තේ සාමාන්‍ය පෙළ පන්ති වලදී ය.  සමහර දේවල් පෑහෙන්නේත් හමු වන්නේත් හරි පුදුම විදිහට ය. උසස් පෙල අවසන් කොට පෞද්ගලික උසස්...