Tag: කදෝකිමි ඇස්

කදෝකිමි ඇස්
"මොකද මේඝ වෙලා තියෙන්නේ?" හමුවීම් මඟහරින,ඇමතුම් හැකිතාක් කෙටි කාලයකින් අවසන් කරන මේඝ මුණ ගැසෙන්නට ආ නේහා ඇසුවේ කෝපයෙනි.ඒ කෝපය තමා දවාහළු කරන්නට සමත් බව මේඝට දැනෙයි.නමුත් ඔහු ඉවසීමෙන් ඈ ඇමතී ය.මේවා ගැටුම් ඇති කරගෙන විසඳන්නට අසීරු ය. "ප්‍රශ්නයක් ඇති වුණාම අපේ අම්මා ඒකට ගාවා ගන්නෙ නැතුව ඇයි ඔයාට ප්‍රශ්නයක් විසඳා ගන්න...
කදෝකිමි ඇස්
"පර්ස් එක නම් තියනවා.." ආරණ්‍යා එසේ පවසා සිනා මුහුණු තොගයක් යැවූවා ය.මේඝගේ ප්‍රතිචාරය ද සිනාවකි.ඒ කතාබහ එතැනින් එහා ගෙනයන්නට මාතෘකාවක් නොවන බව දෙදෙනාම දැන හුන්නා ය.එනිසාම කතාබහ එතැනින් නැවතිණ. එහෙත් මෝක්ෂ ඔහුගේත් ආරණ්‍යාගේත් ඡායාරූපයක් ෆේස්බුක් අප්ලෝඩ් කළේ ඉන් මොහොතකට පසුව ය.මේඝ ආරණ්‍යාට නැවත පණිවිඩයක් තැබී ය. "මෝක්ෂ කියන්නේ බෝයි ෆ්‍රෙන්ඩ් ද?" ආරණ්‍යාට සිනාවක්...
කදෝකිමි ඇස්
"මේඝට කිට්ටුවෙන් ඉන්න..ඈත් වෙන්නේ නැතුව හොඳ යාළුවෙක් වෙන්න.." මෝක්ෂ යෝජනාවක් ගෙන ආවේ ය.නමුත් ආරණ්‍යාට එය ක්‍රියාත්මක කරන්නට සිත නොවේ.ඇය අසරණ සිනාවකින් මෝක්ෂ දෙස බලා සිටියා ය. "සමහරවෙලාවට කතාබහ කරලා එකට ගැටෙන්න ගත්තම ඔය ගතිය ඇරෙයි.." මෝක්ෂ පවසන්නේ එහෙම ය.නමුත් ආරණ්‍යා ඒ ගැන වඩවඩාත් සිතන්නට ගත්තා ය. ප්‍රේමය උපදින්නේ සැලසුම් කිරීමකින් තොරව ය. හදිසියේ...
කදෝකිමි ඇස්
"ආරණ්‍යා..මොන සිහියෙන්ද ජීවත් වෙන්නේ?" නිසලි සෑම මොහොතකම උස් හඬින් බැන වදින තරමට ආරණ්‍යා වෙනත් සිහියක ගිලී සිටියා ය.ඇය සිටින්නේ මොන කල්පනාවකදැයි දැන ගන්නට නිසලිට දැඩි උවමනාව තිබිණ. "තමන්ගේ සිහිනයක්!!" ආරණ්‍යා සිටියේ එවැනි සිහිනයක ගිලෙමිනි.නැවත ගොඩබිමක් නොපෙනෙන තරමට ගැඹුරු සාගරයක ගිලෙමිනි.ඇයට මේ කතාන්දරය කියන්නට කෙනෙකු ඕනෑ බව සිතේ.එහෙත් පාසල් කාලයේ පටන් එකට බැඳී...
කදෝකිමි ඇස්
මේඝ කාමරයට පිවිසියේ ආරණ්‍යාට ෆේස්බුක් මිතුරු ඇරයුමක් යවන'තර ය.ඇය මේ මොහොතේ අන්තර්ජාලයේ සැරිසරන බවක් පෙනෙන්නට නැත.නමුත් ඈ මේ ඇරයුම ප්‍රතික්ෂේප නොකරන බව ඔහු සිතී ය.ඊළඟ මොහොත විදුකට මුළු කතාවම කියන්නට වැය කරන්නට මේඝට සිදු විණ.දුරකථනය එහා අන්තයේ සිටි විදුක ගැඹුරු සුසුමක් හෙළූයේ ය. "උඹට තිබ්බේ තාත්තගෙන් ඒ පරණ කතාව අහ...
කදෝකිමි ඇස්
"පුතා.." තාත්තාගේ හඬ වඩා සෞම්‍යව පුතුගේ සවනේ හැපිණ.ඔහු නෙත් ඔසවා තාත්තා දෙස බැලී ය.තාත්තා කුමක් හෝ දෙයක් කියන්නට ය.නේහාට රිදුම් නොදෙන්නැයි ඔහු ඉල්ලා සිටින්නට යන බවක් මේඝට දැනිණ. "ආරණ්‍යා එක්ක ආපහු කතාවට යන්න එපා.." මේඝ උගත්තේ විදෙස් විශ්ව විද්‍යාලයක ය.එහි උගන්නා කාලයේ දී ඔහුට විවිධාකාර මිතුරන් විය.ලෝකයේ විවිධ රටවල තරුණ ළමයින් සතුව...
කදෝකිමි ඇස්
"අද නේහාගේ කේන්තිය ඇවිස්සුවේ මොකක් කරලද?" මහේන් ගෙඋද්‍යානයට වී පොතක් කියවමින් සිටි මේඝගෙන් ඇසුවේ සිනාවක් අතරිනි.නේහා කඩා බිඳගෙන නිවසට පැමිණ මොනවාදෝ පවසා යන්නට ගිය වග ඔහු දුටුවේ ය. "දෙන්නෙක් අතර ප්‍රශ්න ඇති වුණාම අම්ම තාත්තලා යාලුවෝ ඒවට මැදි කරගන්න එපා දුව.දෙන්නා එක්ක විසඳා ගන්න.නැත්නම් මේ රටේ ඕනතරම් කවුන්සලර්ලා ඉන්නවනෙ." නේහා කේලමක් කියන්නට...
කදෝකිමි ඇස්
"අම්මා..කොල්ලෙක් බලෙන් ආදරේ ඉල්ලන් පස්සෙන් එනවනම් මොකෝ කරන්නේ?" කල් තියා නිවසට විත් සඳරැස් ගෙදර එන්නට පෙර ඔහුගේ උපන්දින කේක් ගෙඩිය උදුනට දමන අතර ආරණ්‍යා ඇසී ය.මේකලා ඒ වචන අසා තිගැස්සුණා ය.කෙළවරක් නැති සෙලිබ්‍රිටි කොල්ලන් ගැන මිස ආදරය සම්බන්ධයෙන් කිසිවක්ම කියා නැති දියණිය දැන් ආදරය ගැන කතා කියන්නී ය.මේකලාගේ සිතට බියක්...
කදෝකිමි ඇස්
"ඔයා ඉපදුණු අවුරුද්දේ තමයි අපේ අම්මා පළවෙනි පොත ලීවෙත්.." ආරණ්‍යා එසේ කීවා ය.මේඝ නම් ඇති දරුවන් අම්මාට ඕනෑතරම් ලිපි එවන බව ඈ දනියි.නමුත් ඒ හැම මේඝ කෙනෙකුගෙන්ම දඟකාර කලබල පුංචෙක්දැයි අසන අම්මා මේ මේඝ ගැන කලබල කළ අන්දම ආරණ්‍යාට අමතක කළ නොහැකි ය. "මං ඉපදිලා තියෙන්නේ පොත අවුට් වෙලා හරියටම සති...
කදෝකිමි ඇස්
"මොකද සහස්?" ආරණ්‍යා අසන්නේ මිතුරා වෙත නොකැමති බැල්මක් දෙමිනි.නිසලිගේ සම්පූර්ණ කේලම අසා ගත් සහස්ගේ මුහුණ කෝපත් වී තිබිණ.සැබෑවටම කෝප නොවිය යුතු තැන්වල පවා කෝප ගන්නා සහස් ගැන ආරණ්‍යාට ඇති වූයේ තරහකි. "ඔයා මාර මනුස්සයෙක්නෙ.යන යන තැන්වල එහෙම පර්ස් වට්ටා ගන්නවද?" සහස් අසයි.ආරණ්‍යා දෑත් ඉනෙහි ගසාගෙන මිතුරා ඉදිරියේ සිට ගත්තා ය.සහස් අදනම් මට්ටු...