Tag: ප්‍රේමයේ අභිමන්
තුරු හිස් හි පත් අතර කුඩා අවකාශ අතරින් පෙරී ගෙන හිරු කිරණ පහළට කඩා හැළුණේ ය. ඒ රත්තරන් පාට කිරණ කදම්බ පොළොව මත වෘත්තාකාර පැල්ලම් ඇති කොට තිබිණ. තුරු පත් සුළඟ හා නැලැවෙමින් හෙළවෙන විට ඒ ආලෝක පැල්ලම් ද පොළොව මත නැටුවේ ය. අපරාජිතා ගේ ඇස් ඒ ආලෝක ලප...
අපරාජිතා පසු වූයේ නින්දත් නො නින්දත් අතරේ ය. තවමත් ඈ සිටින්නේ මුළුමනින් සන්සුන් නොවූ ද විසල් කුණාටු පහ ව ගියා වූ ද අන්තර් අවධියක ය. නමුත් දවස පුරා වැඩකට අවධානය යොමු කළ නො හැකි වූයේ ය. හවස දේශිකා නික්ම ගිය පසු ඇය යළිත් තෝන්තු අවධියකට පත් වූවා ය. ගුවන්...
කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ මිතුරා ගේ ගේ පිටුපසිනි. ගෙදරත් ඇලත් අතරේ වන භූමි භාගයේ ගෙට ආසන්න කොටස දඹල, මෑ, බණ්ඩක්කා හා වම්බටු වැනි එළවළු පාත්ති කිහිපයකින් ද කිරි අල හා දන්දිල...
තද කුස ගින්නක් දැනෙමින් තිබි නිසා අපරාජිතා ඉක්මනට ඒ නූඩ්ලස් එකෙන් අඩකට වඩා හිස් කළා ය. අත සෝදා ගෙන සසංක ට 'තැන්කූ' යනුවෙන් වට්සැප් පණිවිඩයක් තැබුවා ය. එය බලාපොරොත්තුවෙන් ම නිදි වර්ජිත ව චිත්‍රපටයක් බලමින් උන් සසංක ට ක්ෂණික සිනහවක් නැගුණේ ය. නමුත් ඔහු ප්‍රශ්නාර්ථ ලකුණක් යැව්වේ නැත. ඒ...
"ඔයා ඉක්මන් වුණා වැඩියි කියල හිතෙන්නෙ නැද්ද පුතේ..."
අපරාජිතා උගුර යටින්, දෙදරා ගිය හඬකින් ඇසුවා ය. අනන්‍යා සිනහ වන්නට පටන් ගත්තා ය.
"ඔයා තාම චූටියිනෙ"
අපරාජිතා ඒ සිනහවට යටින්, ඇගේ හද දෙදරීමට මත්තෙන්, යළිදු වතාවක් බිඳුණු ස්වරයෙන් කීවා ය.
"මට වඩා චූටි අම්මි. ඒකයි අම්මි ඔහොම කලබල වෙලා තියෙන්නෙ. බී කාම් අම්මි. මේක...
කටුක කර්කෂ වියළි කාලයේ දී ඝණ පොත්තක් ඇතුළේ බීජයක් වී ආරක්ෂිත ව කාල තරණය කරන්නා වූ බීජ, වස්සානය ඇවිත් මිහි තලය වැහි දියෙන් පොඟවන්නට පටන් ගත් කල, අර ඝණ පොත්ත බිඳී, දෙපියවිලි මතු වී පැළයක් ව වැඩෙන්නට පටන් ගනී. බීජෞෂණ සමයේ උන් අපරාජිතා එහෙන් මෙහෙන් එකතු කර ගෙන විත්...
දේශිකා සසංක ගේ දොරකඩ ට එන විට ඔහු සිටියේ දෙපා ස්ටූලය මත දිග හැර ගෙන සෝෆාවට වී ඉංග්‍රීසි චිත්‍රපටයක් බලමිනි. චිත්‍රපට බැලීම දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ අනවරත ව කර ගෙන යන සසංක ගේ හිතේ කාලයක් තිස්සේ එහෙ මෙහෙ වෙමින් පවත්නා චංචල රූප රැසකි. කාලයෙන් කාලයට ඒවායේ ප්‍රබලත්වය වෙනස්...
අපරාජිතා නැගී සිටියේ මුළු ආත්මය ම කලම්බා ගෙන නැගී ආ සුළි සුළඟක දැවැන්ත බලපෑමට ලක් වූ නිසා ය. ඇය යහන මත ම හිඳ ගෙන වේගවත් හුස්ම දෙක තුනක් ගත්තා ය. ළඟ පාතක විණි නම් අරවින්ද ගේ බොටුවෙන් අල්ලා සෙලවිය හැකි තරම් ආවේගයක් ඈ වෙව්ළුවන්නට විය.
"මොකද්ද ඒ කතාවෙ තේරුම...ආ...තමුන්ගෙන් දරුවව...
අපරාජිතා මතු මහලට නැගුණේ කේන්තියෙන් පුපුරමිනි. ගෙට ගිය ගමන් ඕ යහන මත හිඳ දේශිකා ට ඇමතුමක් ගත්තා ය. ඒ වෙලාවේත් ඇගේ හුස්ම කෙටි වූයේ ය. රුධිර සංසරණය වේගවත් වී ඇය සියුම් හතියක් අත්විඳිමින් සිටියා ය.
"ඕ කියනව"
"හැබැයි අරූ මගෙන් කොයි වෙලාවක හරි කනව හොඳේ"
තත්පර කිහිපයක් ගත වන තුරු දේශිකා සිටියේ...
බටහිර අහස තැඹිලි හා ගිනි රතු වර්ණ වලින් අලංකෘත ව තිබුණේ බැස යන හිරුගේ සතුටට ඉඩ දෙමිනි. අපරාජිතා අවන් හලේ කෙළවර මේසයක හිඳ ඒ මනරම් දසුන දෙස බලා ගෙන සිටියා ය. ඇගේ හිත ප්‍රමුදිත ය. අලුත් සතුටක් වාං දමනා සෙයක් දැනේ. දේශිකා මග එනවා කී හින්දා ඇය තේ සහ...