Tag: සීත මාරුතේ

සීත මාරුතේ
රිය තුළ උණුහුම තිබිණ. රිය වටා හැම වායු අංශුවක් ම පරිසමාප්ත ශීතලක් දැරුවේ ය. මම ඒ උණුහුම තුළ ශීතල වෙමින් ද ශීතල තුළ උණුහුම් වෙමින් ද විශ්වයෙහි ඔබ මොබ සරණා අංශුවක් ව සිටියෙමි. සන්තෝෂයේ පරමාණු වලින් ඒ අංශුව තැනී තිබුණේ ය. නමුත් අළු යට ගින්දර තිබිය හැකිවා සේ, සතුට...
සීත මාරුතේ
මුණිවර ගේ අතට මගේ අතේ මැණික් කටුව තද වී තිබියදී මසිත දිව ගියේ පෙර එක දවසකට ය. ඒ මිස්ට් ෆීල්ඩ් හි පිරිත් රාත්‍රියයි. මා කාර්යාල මේස ලාච්චුවෙන් ස්ටේප්ලරය ගෙන නික්ම යන්නට හදත්දී මුණිවර මගේ අතින් අල්ලා ගත්තේත් මේ විදිහට ම ය. ඒ වෙලාවේ රිද්මයෙන් ම දැනුත් මගේ හෘදය ස්ඵන්දනය...
සීත මාරුතේ
ගුරුතලාව වැස්සෙන් වට වී තිබිණ. එක ටර්පන්ටයින් ගසක් හෝ දැන් පෙනෙන්නේ නැත. හාත්පස සුදු දුමාරයකින් පිරවූවා සේ ය. මට දැනුණේ මා අයිස් කුට්ටි වලින් තැනූ ඉග්ලූ නිවාසයක් තුළ සිටින්නා සේ ය. ගුරු නිවාසය පිහිටන්නේ උස් බිමක ය. මෙතැනට වටාපිටාව හොඳින් පෙනේ. කිසිත් නො පෙනී සුුදු මීදුම් දුමාරයකින් වට වී හිඳීමේ...
සීත මාරුතේ
දහවල සිට ම මන්දාරම් ව තිබි අහස පිනි පොදයක් ඉහිරවන්නට පටන් ගෙන තිබුණේ ය. අදීශ් පණ්ඩිතරත්න පැමිණියේ ඒ පිනි පොදයෙන් මුවහ වෙන්නට සේ අතක් හිස් මුදුනේ තබා ගෙන මඳක් නැවී දිව ගෙන වාගේ ය. මවෙත පැමිණි විගස ඔහු කේක් එක මගේ අත පත් කළේ ය.  "ඇයි මේ..." මගේ ස්වරයේත් පෙනුමේත් වන්නට...
සීත මාරුතේ
මා යළි මිස්ට් ෆීල්ඩ් වෙත පැමිණියේ තවකෙකු පුහුණු කරනා තුරු ය යන්න මම ද අසනා සැමකෙකුට පැවසීමි. ඉන් සිදු වූයේ ඒ පුවත තටු ලැබී ඉගිල යාම ය. මුණිවර යළිත් බුම්මට්ටෙකු සේ සිටියේ ය. ඔහු ගේ මූණේ එක සිනහ පොදක් වූයේ නැත. ඊට හිලව්වට ලොකු තාත්තා නම් සතුටේ පරිසමාප්තිය වින්දේ...
සීත මාරුතේ
මට යළි අදීශ් පණ්ඩිතරත්න හමු වන්නේ  හපුතලේ වැලිමඩ මාර්ගයේ දී ය. සිතිවිලි එකලාස නැති සැඳෑවක කුමක් කරන්න දැයි සිතමින් මා එතැන ස්කූටිය නතර කර ගෙන, පැත්තකින් එහි හේත්තු වී ඈතින් පෙනෙන පහල මිටියාවත් දෙස බලා සිටියදී හදිසියේ ම ඔහු කොහෙන්ද පහළ වූයේ ය. මා අසලින් ම කිසිවෙකු වන බව...
සීත මාරුතේ
නිවැරදි සිහියක් මවෙත වූයේ නැත. ස්කූටිය කොයි දෙසට යොමු කර ගත යුතු ද, ඒ සඳහා කාල වෙලාවක් වේද කියා හෝ සිතා ගත නො හැකි විය. අවසන මට කළ හැකි වූයේ එක දෙයකි. ස්කූටරයේ තිරිංග තද කොට එය නවතා ගනිමින් ම මම ඇස් දෙක තද කොට පියා ගතිමි. මා ඉදිරියට...
සීත මාරුතේ
ඒ රාත්‍රිය මගේ ජීවිතයේ තීරණාත්මක රාත්‍රිය විය. දසුන් ද හෝටලය වෙත පැමිණ සිටියේ ය. වෙරළේ ඇවිදීම, කෑම ගැනීම වැනි ක්‍රියාකාරකම් වල සුපුරුදු පරිදි යෙදුණ ද අප හැම කෙනෙකු ගේ ම හිත් වල බරක් මිස සතුටක් කියා දෙයක් වූවා කියා නො සිතමි. "මට තේරෙන්නෑ නංගි මොනා කරන්නද කියල...කොයි තරං සල්ලි වියදං...
සීත මාරුතේ
මිහි මත උත්පාද වන්නා වූ බොහොමයක් කතා වල මුල, මැද, අග සිතා ගැනීම පහසු ය. ඒවා සාමාන්‍ය කතා වන නිසාවෙනි. සාමාන්‍ය ඕනෑ ම කතාවක වන්නේ සමානාකාර ගලා යාමකි. නමුත් මගේ කතාව වෙනස් වන්නේ අව පීඩන කලාපයක කැළඹීමක් මෙනි. දැන් එ් හරහා කොහේ සිට එන සුළං කුණාටු ලෙස කොයි අතට...
සීත මාරුතේ
අප මුලින් හමු වූ කෝපි හලේ දී මුණිවර ට අතීතය සිහි වූයේ නැත. ඉන් පසුව ද ධාරා සේ ම ලොකු තාත්තා ද විටින් විට මා පැවසූ, අප ගැන මතක ඇති තැන් වලට ඔහු කැටිව ගියෙමු. නමුත් වෙනසක් වූයේ නැත. ඔහු ගේ ජංගම දුරකතනය රිය අනතුරේ දී විනාශ වී තිබුණෙන්...