Tag: සීත මාරුතේ

සීත මාරුතේ
රිය අනතුර නිසා හානි සිදු වී තිබුණේ මුණිවර ගේ මෑත කාලීන මතකයට ය. ඔහු ට රිය අනතුර සිහි කර ගත හැකි වූයේත් නැත. ඒ ගැන ඔහු දැනුවත් කළේ ලොකු තාත්තා ඇතුළු ව පවුලේ අය ය. රෝහලෙන් නිදහස් වීමෙන් පසු ඔහු ව විශේෂඥ වෛද්‍යවරුන් ලවා පරීක්ෂා කරවන ලදී. මොළයට තරමක්...
සීත මාරුතේ
දේදුනු පායන්නේ වැහි බර අහසක ය. කඳුළු අතරිනුත් සිනහ ඉපදිය හැක. පසු ගිය දින ගණනාවක කාලය කොයි තරම් දුක්ඛිත හා විඩා බර වූයේ ද, මුණිවර සිහි ලැබුවා ය යන පුවත ඒ සියල් විඩා ඇසිල්ලකින් දුරලන ලදී. ඒ හරියට ප්‍රසව වේදනා සියල්ල බිළිඳෙකු ගේ හැඬුම ඇසෙනා තෙක් පමණක් වන්නා සේ...
සීත මාරුතේ
සතුටක් සේ ම ලජ්ජාවක් ද මා තුළ එක ට කැළතී තිබිණ. ඒ සතුට අම්මා සේ ම අප්පච්චි ද සතුටෙන් සිටීම ගැන ය. මිස්ට් ෆීල්ඩ් වලදී පවුල් දෙකේ සාමාජිකයන් ගේ සුහද හමුවෙන් පස්සේ අප දෙපසට වෙන් ව ගියේ ඉක්මනින් ම සවසක ගුරු නිවාසයේ දී ඔවුන් සමග රාත්‍රී භෝජනයක් ගන්නට කතිකා...
සීත මාරුතේ
අපේ සබඳකම ගැන මගේ දෙමව්පියන්ටත් ඔහු ගේ අම්මා ටත් එක දවසක කියන්නට මුණිවර ට අවමනා විණි. මේ වෙත්දී මේ ගැන මගේ නංගී ද ඔහු ගේ ලොකු තාත්තා ද දැන සිටියා වී ද ඔහු ට මුළුමනින් ගෙවල් දැනුවත් කිරීමට ඕනෑ වී තිබිණි. නමුත් ඒ ගැන මා තුළ එතරම් කැමැත්තක් වූයේ...
සීත මාරුතේ
ප්‍රේමය සදා කල් එක ම ස්වරූපයකින් පවත්නේ නැත. එහි වර්ණය හා හැඩය ඒ මොහොතෙහි තත්වය අනුව විපර්යාසයන්ට ලක් වේ. එයින් අදහස් වන්නේ ප්‍රේමය ක්ෂය වී යන බවක් නොවේ. ඇතැම් විට එය වර්ධනය වෙනවා වන්නට පුළුවන. නමුත් එහි ස්වභාවය වෙනස් වේ. ආදරය හදවතේ පවතිමින් එය ප්‍රකාශ නොකර සිටින තාක් වන සුන්දරත්වයෙහි...
සීත මාරුතේ
මම නතර වී ධාරා ගේ අතක් අල්ලා ගතිමි. ඇගේ ඇස් වලින් ගලා යන කඳුළු වලට වග කිව යුතු මා ය යන වේදනාත්මක සිතිවිල්ල කටු තුඩකින් හදවත පහුරු ගාන්නට විය. මම වෙව්ලන හඬින් ඈ ඇමතුවෙමි. "අක්ක..." ධාරා ඉක්මනින් සිය අතැඟිලි වලින් කඳුළු කොපුල් පිස දා ගනිමින් ක්ෂණික සිනහවක් නගා ගත්තා ය.  "පිස්සු අනේ...
සීත මාරුතේ
අප ඉදිරියේ දිස් වූයේ පරක් තෙරක් නැති සයුර ය. දැන් රෑ බෝ වී ඇති නිසා වෙරළ තීරය පැහැදිලි ව දිස් නොවේ. නමුත් ඈත දියඹේ සිට ප්‍රේමය සොයා විත් තුරුලු වී මිය යන රැල්ලේ දුක් ගීතය දැන් වඩා පැහැදිලි ව ඇසේ. මුණිවර මා පසු කොට සඳැල්ලට ගියේ ය. බැල්කනි වැටට...
සීත මාරුතේ
ප්‍රේමය වූ කලී ජීවිතය නමැති කෂාය මඳ පමණින් මුත් ප්‍රණීත කරවනා අනු පාණයක් සේ සලකන්නට පුළුවන. පිරිමියෙකු නැතිව වුව ස්ත්‍රියකට ජීවත් විය හැකි යයි මම අසා ඇත්තෙමි. එය එසේ විය හැක. නමුත් ප්‍රේමයෙන් විනිර්මුක්ත ව මනුෂ්‍ය ප්‍රාණයකට සජීවී ව පැවතිය හැකි යයි දැන් මම නො සිතමි. මගේ වයසේ බොහෝ ගැහැනු...
සීත මාරුතේ
මෙතෙක් දවස් ආදරය කියනා හැඟීම ප්‍රීති ප්‍රමෝදිත වලාකුලක් සේ සැහැල්ලුවෙන් මසිත් අහස අරා පා වෙමින් තිබුණේ ය. නමුත් පෙර දා රාත්‍රියේ අහඹු ලෙස වූ සිදුවීම නිසා ඒ සැහැල්ලුව පසෙක තබා ආදරය ආකාසයෙන් බිමට බැස තිබේ. දැන් එහි හැඩයේ ද ස්කන්ධයේ ද බරෙහි ද වෙනසක් වී ඇති බව මට දැනේ....
සීත මාරුතේ
අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී වූ කිසිවක් අප වටා නොවන බවක් දැනී යන්නේ ය.  මුණිවර මගේ සුරතේ මැණික් කටුව තද කොට අල්ලා ගත් නිමේශය ද මට එසේ වූ බව කිව යුතු ය. මිස්ට්...