Tag: හසරැලි වැස්සේ
එදින මට කොහොමටත් යහපත් දවසක් නොවී ය.දෙනෙත් ආපසු යන්නට ගිය පසු අයියා මගේ කාමරයට පැමිණියේ ය. හිත හදා ගන්නට කොරියන් ටෙලි නාට්‍ය මලාවක් බලමින් සිටි මා ඔහු දෙස බැලුවේ ඕනෑවට එපාවට ය.
"දෙනෙත් මොනවද කිව්වේ?"
එය අමුතු පැනයකි.අයියා නෑසිය යුතු ප්රශ්නයකි.මම ඔහු දෙස නුරුස්නා බැල්මකින් බැලුවෙමි.
"එහෙම අහන්නේ ඇයි?"
මා එසේ අසද්දී අයියා...
"පොඩ්ඩිට මේ ලෝකේ එකම සැනසීම ඔයාලා හොඳට ඉගෙන ගන්න එක…ඒකයි ඔය.පුතා හොඳට වැඩ කරල නැද්ද කියලා අම්මට බය ඇති.."
මම්මා මා සැනසුවා ය.නමුත් මගේ කෝපය නොනිමියේ ය.මා හඬමින් සිටියේ කෝපය හන්දා ය.මා තේරුම් ගන්නට නොහැකි අම්මා කෙනෙකු ලැබීමේ ශෝකය හන්දා ය.
"පුතා…මේ අහන්න.ඔයා හොඳට ඉගෙන ගන්න දරුවනෙ.අම්මගෙ ආඩම්බරේ ඔයා.තාත්තා ලංකාවෙත් නැතුව...
"සූකිරි ඉන්නේ ප්‍රශ්නෙකද?"
අම්මා එසේ ඇසුවේ ප්‍රේමයෙන් දැවෙමින් සිටි මගේ මුහුණ කියවා විය යුතු ය.නමුත් ඊළඟ තත්පරයේ ඇය එයට හේතු අනුමාන කළා ය.අනුමාන කරමින් ඒ හේතුවෙන් මට දමා ගැසුවා ය.
"රිසල්ට්ස් ගැන බයෙන් නේද ඉන්නේ?"
මා හිඳින්නේ සැබෑවටම මගේ ප්‍රතිඵල ගැන හොඳ විශ්වාසයකිනි.බොහෝ තරඟකාරී කොළඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටිය ද මට දහතුන්...
ප්‍රේමය ඉතා කුඩා ගිනි පුලිඟුවක්ව මගේ හදවතේ හට ගන්නට ඇත.එය ඉනික්බිතිව මහා ගින්නක් වන තුරුම මම ඒකපාර්ශවික ප්‍රේමයකින් ඇවිලෙමින් සිටියෙමි.මගේ හදවත ඔහුට මිස කිසිවෙකුට විවර නොවන බව මට සහතික ය.එය එසේ වන්නට හේතුව කුමක්දැයි අසන්නෙකුට දෙන්නට පිළිතුරක් පවා මට නොතිබිණ.
ප්‍රේමය! මා දවමින් අළු කරමින් තිබියදී පවා මම ඒ හැඟීමෙහි...
උසස්පෙළ විභාගය අවසන් වන තුරුම මා සිටියේ ඉතා කාර්යබහුල ජීවිතයක ය.මා හොඳින් විභාගයට මුහුණ දෙන බවට මගේ සමීපතමයන් ද ගුරුවරුන් ද දැඩිව විශ්වාස කළ නිසා මට ඒ විශ්වාසය රකින්නට ඕනෑ විණ.කොහොමටත් මා ඉගෙනීම ප්‍රිය කළ දැරියක් නිසා මට පාඩම් කිරීම අපහසු වූයේ ද නැත. එකල දෙනෙත් ගැන සිතීම ද...
ඒ වචන මා තුළ තිගැස්මක් ඇති කළ බව ඇත්තකි.නමුත් පිරිමියෙකු දරා ගැනීම සහ ඔහුගේ සිත නොරිදවා විසීම "පුනුරුත්ථාපනය කිරීමක්" ලෙස අරුත් ගන්වන්නට මට සිත් නොවිණ.එය එසේ වන්නේ නැත.කෙනෙකුට ආදරය කිරීමට එවැනි අරුත් ලබා දිය යුතු නැතැයි මම සිතීමි.
"ඌට මොකද ඔයා තට්ටේ ගෑවත්.."
විවාහ මංගල්‍යය අතරතුර මගේ කතාව අසා හුන් උවනි...
මා බරාඳයට වී ඔහේ හිඳිද්දී ඔහු නැවත පැමිණියේ ය.ඒ නිවසට පැමිණෙමින් හුන් සචිර අයියා අමතන්නට ය.මගේ දෑසේ අසරණ බැල්මක් තැවරී තිබෙන්නට ඇත.නමුත් මා බිම බලාගෙන මල් පැළයක් සකසමින් ඔහේ සිටියෙමි.ඉතා සුළු හේතූන් වලට කාලච්ඡේද ගණන් ඩෙස්කුවට හිස ගසා වැළපුණු මිතුරියන්ට ආදරය නිසා නාස්ති වන බවට බැන වැදුණු හසරැලි හදවත...
යෙත්මිගේ අක්කාගේ විවාහ මංගල්‍යය උදා වූයේ ය.යෙත්මිට දෙවැනි මනාලිය වෙන්නට අවස්ථාව උදා වූ හන්දා මා සිටියේ ඇය සමඟ සාප්පු සවාරි යන කාර්ය බහුලත්වයක ය.ඇය තරම් අක්කාටවත් වැඩ නැතැයි ආන්ටි සමච්චල් කළ ද යෙත්මි සිටියේ පුදුමාකාර උනන්දුවකිනි.ආසාවකිනි.
ඒ සිදුවීම උදා වූයේ මංගල්ලයට දින දෙක තුනකට පෙර ය. රූපලාවණ්‍යගාරයකට යන්නට යෙත්මිට මාත්...
"මම්මේ…"
ඈ පෑරේදැයි නොසිතා මම මම්මාව ඇමතූයෙමි.මම්මා මදෙස බැලුවේ උපේක්ෂා සහගත දෑසකිනි.
"මම්මා ඇයි ඒ අංකල්ට ඒක නොකීවෙ?"
මම්මා නිස්කාංසුවේ හිනැහුනා ය.අනතුරුව කිසිත් නොකියා ඇගේ ඇණවුම් අතර ඇති බිළිඳු ගවුමක් අත ගාමින් සිටියා ය.චන්දන නම් මා නොදුටු මිනිසා ඇගෙන් උදුරා ගත් සිහින ඒ නොවේදැයි මම සිතුවෙමි.
"මට හිතුණා කියන්න ඕන නෑ කියලා.."
මම්මා කියන්නේ...
සමහර හැඟීම් ජීවිතය සහමුලින්ම කනපිට හරවන්නට සමත් ය.ප්‍රේමය කියන්නේ එවැනි හැඟීමකි.මා ආදරය නිසා දැවෙන්නටත් ඉරිසියා කරන්නටත් හඬන්නටත් පටන් ගත්තේ ආදරවන්තියක බවට පත් වී නොවේ.
ඒකපාර්ශ්වික ප්‍රේමයක් නිසා ය.
එය කවදා ඇති වූ ප්‍රේමයක්දැයි නිශ්චිත නොවූ නමුත් මා මගේ ප්‍රේමයට මහත් සේ කැප වී සිටි බව මම දනිමි.ඔහුගේ යහපතත් සුබ සිද්ධියත් පතමින්...