හසරැලි වැස්සේ – 15

“පොඩ්ඩිට මේ ලෝකේ එකම සැනසීම ඔයාලා හොඳට ඉගෙන ගන්න එක…ඒකයි ඔය.පුතා හොඳට වැඩ කරල නැද්ද කියලා අම්මට බය ඇති..”

මම්මා මා සැනසුවා ය.නමුත් මගේ කෝපය නොනිමියේ ය.මා හඬමින් සිටියේ කෝපය හන්දා ය.මා තේරුම් ගන්නට නොහැකි අම්මා කෙනෙකු ලැබීමේ ශෝකය හන්දා ය.

“පුතා…මේ අහන්න.ඔයා හොඳට ඉගෙන ගන්න දරුවනෙ.අම්මගෙ ආඩම්බරේ ඔයා.තාත්තා ලංකාවෙත් නැතුව අම්මා ඔයාව හදා ගන්නවනෙ.”

මම්මා යලිත් පැවසුවා ය.නමුත් අම්මා ඇගේ බොහෝ පීඩා දිය කර හරින්නේ අප මතිනි.ඇගේ සිතට ආවේගයක් එන ඕනෑම මොහොතක අපට කෑකොස්සන් ගැසීම ඇය පුරුද්දක් ලෙස කරන බව කියන්නට මට ඕනෑ විය.නමුත් මා වෙනත් යමක් පවසන්නට සිතීමි.

“ඉතිං තාත්තා බිස්නස් එකක් කරගෙන මෙහෙ ඉන්නම් කියනකොටත් තාත්තට යන්න කියන්නෙ අම්මනෙ..”

කෝපය වචනවලින් උතුරා දමයි.තාත්තා ජීවතුන් අතර නැති මිතුරියන් මට හිඳියි.සමහරුන්ගේ පියවරු දෙවැනි විවාහයකට යොමු වී තිබේ.නමුත් මගේ තාත්තා අපේ පවුල අතැර ගොස් නැත.එහෙත් ඔහුට අප හා රැඳෙන්නට ඉඩක් නොවේ.නැත.තාත්තා දෙවැනි විවාහයක් කරගත් මිතුරියන්ට පවා මට මෙන් තනිකමක් නොදැනෙන බව මම සිතුවෙමි.ඔවුන් පවා තාත්තාගේ නිවසට යන දවස් තිබේ.සතියට දවසක් හෝ ඔවුන්ට තාත්තා හා රැඳෙන ඉඩ අම්මා අහුරන්නේ නැත.

“තාත්තව අපෙන් ඈත් කරන්නෙ අම්මා.මට තාත්තව ඕන..”

එය අසත්‍යයක් නොවන බව මම්මාට ද සිතෙන්නට ඇත.තාත්තා හා දිගු දුරකථන සංවාදයක අප පැටලෙන ඕනෑම මොහොතක දී අම්මා අප පාඩමට එළවා ගන්නා ආකාරය ඇයට අමතක නැතිවා විය යුතු ය.

“ළමයි පාඩම් කරන්න ඕන තමා.ඒත් ඒ ළමයි තාත්තා එක්ක කතා කරන එකත් පාඩම තරම් වැදගත්..”

එවැනි මොහොතක මම්මා අම්මාට එසේ බැන වදින්නට හුරු වී සිටියා ය.

මම බොහෝ වෙලාවක් වැළපුණෙමි.අයියාට තාත්තා වන්නට නොහැකි ය.ඔහු මා ඉතා ආදරයෙන් රැක බලා ගන්නා බව සත්‍යයක් වුව ද අයියා සහ තාත්තා කියන්නේ චරිත දෙකකට බව මට හැඟෙන්නේ මේ මොහොතේ ය.මා කෙනෙකු සමඟ ආදරයෙන් බවත් ඒ පුද්ගලයා මට නොගැළපෙන බව මිතුරියන් පවසන බවත් තාත්තාට කියන්නට මට ඕනෑ විය.ඔහු අම්මා මෙන් සැර නොවන බව ද මම දනිමි.නමුත් එය පැවසිය යුත්තේ ඔහුගේ තුරුලට වැදී ය.නමුත් තාත්තා නැවත පැමිණෙන දවසක් අත මානයේවත් නොවේ.

“නංගි මොකෝ අඬලද?”

කුඩා ගෙමිදුලෙහි වූ යකඩ ඔංචිල්ලාවට වී කරදර මුහුණකින් සිටි මගෙන් හවස් යාමයේ එසේ ඇසුවේ දෙනෙත් ය.ඔහු පැමිණි වග පව මා දුටුවේ ඒ මොහොතේ ය.නමුත් මා වෙනදා මෙන් ඔහු දැක සූරියකාන්ත මලක් මෙන් පිපී නොආයේ ය.

“හ්ම්ම්ම්..”

මම එසේ කියද්දී ඔහු නැවතිණ.සචිර අයියා මෙන් හිස කෙස් අවුල් කිරීමකින් තොරව නළලට තට්ටුවක් දැමීමකින් තොරව ඔහු දෑත් බැඳ මදෙස බලා හුන්නේ ය.

“ඇයි..කියන්න පුලුවන් දෙයක්ද?”

ඔහු අසයි.මගේ හැම ප්‍රශ්නයක්ම ඔහුට කියන්නට ඕනෑ දේවල් බව පවසන තරම් ආවේගයක් මට පැමිණියේ ය.ඔහු මා අසලින් හිඳින්නේ නම් මේ ජීවිතය මොන තරම් සුන්දරදැයි කියන්නට තරම් මගේ මුවට වචන ගලා ආවේ ය.නමුත් මම කඳුළු පිරුණු දෑසකින් නිහඬව ම හුන්නෙමි.අනතුරුව අම්මා මා තේරුම් නොගැනීම ගැන ඔහුට පැවසූයෙමි.

“අම්මලා ඔහොම තමයි..”..

ඔහු පැවසුවේ තරහ පිරුණු කටහඬකිනි.මම දෑස් ඔසවා ඔහු දෙස බැලුවෙමි.ඔහු සැබෑවටම ආවේගයකිනි.

“අම්මලා කියලා එයාලා රහත් වෙලා නෑ.ඒ වගේ කවියි සින්දුයි තිබ්බට..එයාලා ඉන්නෙත් එයාලගෙ ලෝකෙ ගැන හිත හිතා.ඔයාලගෙ අම්මා ඔයාලගෙන් එයාගේ ලෝකෙ ලස්සන කර ගන්න හිතනවා.අපේ අම්මා අපි නැතුව එයාගේ ලෝකේ ලස්සන කර ගන්න හැදුවා..ආත්මාර්ථකාමීකම තමයි ඉතින්..”

අම්මා හන්දා ඉවසන්නැයි නොකියා ඔහු එසේ පැවසුවේ ය.ඔහුට මගේ වේදනාව තේරුම් ගියේ ඔහු ඔහුගේ අම්මා නිසා දීර්ඝකාලීනව විඳවීමෙන් බව මම සිතුවෙමි.

“හිතන්න එපා නංගි..ඔයාට හොඳ රිසල්ට්ස් තියෙයි..”

දෙනෙත් එසේ කියා යන්නට හැරුණේ ය.මගේ ළය දැදිරිව ගියේ ඔහු ඉනික්බිතිව කී වචන නිසා ය.එය මගේ හදවතේ ඇති හැඟීම් ඔහුට කියන්නට කළ ආරාධනාවක් බඳු ය.

“හිතේ තියන දුක කියන්න කෙනෙක් හොයා ගන්න ඉතිං.ඉවරයිනෙ..”

ඔහු එය පවසා එතරම් සුන්දර මඳහසක් නොනඟා හිඳින්නට තිබිණ.ඔහු නොදුටුවා නම් ඔහුව කිසිදිනෙක මුණ නොගැසුණා නම් කවදා හෝ මනමාලයෙකුට බුලත් හෙප්පුව රැගෙන එන තරමට මා ප්‍රේමයෙන් වැළකී හිඳින්නට තිබුණු බව කියන්නට තරම් මට සිතිණ.නමුත් වචන එසේ පිට කරන්නට මා ශක්තිමත් නැත.හදවත මා වළකාලද්දී මම ඔහුට මඳහසක් තිළිණ කළෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content