Tag: Emotional Stories

නොකියූ ප්‍රේමය.

0
"මෙයා මොකෝ මේ කණ්නාඩිය අයිති කරන් ඉන්නේ.." කන්නාඩි මේසය ළඟට වෙලා සෑහෙන වෙලාවක් හැඩවෙන සෙනුරි දිහා බලාගෙන හිමසරා එහෙම ඇහුවා.පැත්තකට වෙලා කොන්ඩය පීරන ගමන් හිටිය නෙතාරා මහ හයියෙන් හිනා වෙන්න ගත්තේ ඒ ප්‍රශ්නෙටද තමන්ටද කියලා සෙනුරිට සැකයි. "මෙයා මේ ලස්සන වෙන්නේ ට්‍රේන් එකේදි අපිත් එක්ක කතා කරන චාමරට පේන්න නේද?" නෙතාරා එහෙම...
old mother
මා මහගෙදරට ගොඩවූයේ මසකට පමණ පසුවය.විශ්‍රාම ගිය තාත්තා ඉස්තෝප්පුවේ වාඩි වී පොතක් හෝ පත්තරයක් කියවමින් සිටින දර්ශනය දැන් අපට අරුමයක් නොවේ. " නාලක ආවේ නැද්ද මේධා ? " තාත්තා අසන්නේ සුපුරුදු කරුණාවෙන් ය " එයා අදත් වැඩ තාත්තේ. හවස් වෙලා එහෙමම එනවා කිවුවා . කෝ අම්මා ?" " අන්න කුස්සියේ. දුව එනවා කිව්වම...
Mother and daughter love
"ලොකු හාමිනේ,ඔය මදැයි මහන්සි වුණා.ඊටපස්සෙ පුංචි නෝනලා එනකොට කොන්ද අල්ලන් ඉන්න ගත්තම මං තමා බැනුම් අහන්නෙ.." වීරසේකර ඉස්කෝලේ හාමිනේ පොළොස් ඇඹුල ලිප තියනකොටම මල්ලිකා කිව්වේ මහ සද්දෙට.ගෙදර අත්උදව්කාරි වුණාට මොකෝ මල්ලිකා තමයි දැන් වීරසේකර ජෝඩුවගේ බාරකාරි වෙලා ඉන්නේ.එකම දූ කසාදෙන් පස්සෙ කොළඹ පදිංචියට ගිය නිසා නෙවෙයි වීරසේකර හාමිනේලට මල්ලිකාගේ පිහිට...
"කියන තරම් ලොකු ගාණක් යන එකක් නෑ නාරද වැඩේට…" ජයනි එහෙම කිව්වේ නිවසේ සැලැස්ම අතේ තියාගෙන.ගෘහ නිර්මාණ ශිල්පියාගේ දාහක් යෝජනා එක්ක එකඟ වෙනවට වඩා ජයනි කළේ එයාගේ අදහස් කියන එක.ඒත් ජයනිට ඕනෑ කරන විදියට ගේ අලුත්වැඩියා කරනවට වඩා අලුත්ම ගෙයක් හදන එක ලාබයි කියලා නාරදටත් නොහිතුණා නෙවෙයි. "අර මිදුලෙ තියන ලොකු...
"ටීච…" ටියුෂන් පන්තිය ඉවර කරලා ගේ ඇතුලට යන්න ආව මට හීන් හඬක් ඇහුණේ පන්තිය මුල්ලකින්.මං හැරිලා බැලුවේ ඒ නිසා.සනායා බලාගෙන ඉන්නේ ඇඬුම්බර මුහුණකින්.අටේ පන්තියේ පුංචි කෙල්ලෙකුට ඇඬුම්බර මුහුණක් එන්න විවිධ හේතු තියෙන්න පුලුවන් නිසා මං සනායාට කිට්ටු වුණේ ප්‍රවේසමෙන්. "ඇයි දූ..ප්‍රශ්නයක්ද?" සනායා මං ළඟට ආවේ රොබෝ කෙනෙක් වගේ.ඊටත් පස්සේ එයාගේ කම්මුල් දිගේ...
"මේ මගේ අල්මාරියේ යතුර.." අත්තම්මා චමුදි අතට යතුරක් දෙන ගමන් කිව්වා.චමුදි ඒ යතුර ගන්න බයකින් වගේම ලැජ්ජාවකින් ඇඹරෙනකොට අම්මා එතනට ආවේ සන්සුන් හිනා කටක් පුරවාගෙන. "මොකක්ද පුංචි අම්මේ ඔය?" අම්මා චමෝදි අතේ තිබුණු යතුර දිහා විමසිල්ලෙන් බලන ගමන් ආත්තම්මාගෙන් ඇහුවේ කරුණාවෙන්. "මගේ අල්මාරියේ යතුර නිලූකෝ.මං නැති දවසක ඒකේ තියන රත්තරන් බඩු ටික චමුදි...
අලුත් ගෙදර ඇවිත් බඩුමුට්ටු අස්පස් කරගෙන ඉවර වෙලා මම මිදුලට බැස්සේ අකිලට ඇමතුමක් ගන්න.අලුත් ගෙදර විස්තරත් මහන්සියේ තරමත් කියමින් මිදුල අයිනේ සුදු ලී වැට ගාව බංකුවෙන් ඉඳගත්තු මම වැට මායිමට ඉව අල්ලන ෂැඩෝට අවධානය දෙන්න ගත්තා. එයා ඉව අල්ලන්නේ කාට හරි! අකිලගේ ඇමතුම අවසන් කරලා ඒ දිහා බලනකොට තවම තාරුණ්‍යය පහව...
අපේ ඉස්කෝලෙට අලුත් ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් ආව දවසේ පුරුදු විදියටම අපේ ස්ටාෆ් එක ටිකක් කලබල වුණා.කලින් හිටපු වීරක්කොඩි සර් බොහොම හොඳ ගුරුවරයෙක් සහ යහපත් විදුහල්පතිවරයෙක් හැටියට පළාතේ හොඳ නමක් දිනා ගත්තු කෙනෙක්. "අපේ ලොකු සර් හදපු ඉස්කෝලේ මැඩම් කෙනෙක් ඇවිල්ලා විනාස කරයිද මන්දා." ජානක සර් එහෙම කියද්දී මට නම් ආවේ තරහක්.ගෑනු...
Hugging
රුවන් අතින් ගිලිහී ගිය කඩදාසි කොළ කැබැල්ල සුළඟට ගසාගෙන යද්දී ඔහු අඩිය ඉක්මන් ඒ දෙසට දිව ගියා. ඒත් සමඟම ඉදිරියට විශාල සායක් ඇඳගත්, විශාල තොප්පියක් හිසේ පැළදි ඉඳලක්ද අතින් ගත්,  වයස අවුරුදු හැට පහක් පමණ වූ කාන්තාවක්ද නැමී කොළ කැබැල්ල ගන්නට සැරසුණා. ඇයට පෙර රුවන්ගේ දෑත් ඉස්සර වුණා. "අනේ…එපා මහත්තයෝ…මම...
baby
"අම්මා ආවද හිමාල්?" දිග නින්දකට පස්සේ අවදි වුණු දිගැසි ඇහුවේ චූටි දූගේ තොටිල්ල ගාව වාඩි වෙලා ඇස් පිය නොහෙලා ඒ දිහා බලා ඉන්න සැමියාගෙන්.අලුත උපන් පුංචි බබෙක් දිහා කොච්චර බලන් හිටියත් මදි.හිමාල් දිගැසි දිහා බැලුවේ එහෙම හිතන ගමන්. "අපේ අම්මද දිගැසි? ඔයාට සුප් එකක් එහෙම අරන් එන්නම් කියලා දැන් ගියේ.මඟ එනවත්...