Tag: Emotional Stories

"කසාද බැඳලා දවස් කීයද..හැමෝටම සුපුරුදු ප්‍රශ්නෙ ඕං මටත්.." යුරේෂා ලන්ච් රූම් එකේදී එහෙම කිව්වේ මුහුණත් නරක් කරගෙන.ඊළඟ නැන්දම්මා පතුරු යැවීමට හැමෝම කිට්ටු වුණා.උයන උයන කෑම රහ නැති වීම, යුරේෂාගේ සැමියාගේ සම්පූර්ණ අයිතිය තමන්ට බව සිතීම වගේ ප්‍රශ්න ටිකක් ගැන යුරේෂා කිව්වේ මුහුණ නරක් කරගෙන. "මේවට ඉතින් අපේ කලනි සම්බන්ධ වෙන් නෑ.ඇහුණත්...

හිස්තැන්.

0
ටිමී මහා හයියෙන් බුරන සද්දෙට මාධවී කලබල වුණා.ටිමීට කෑම හදමින් ඉන්න වෙලාව නිසා කොහොමත් එයාගේ දැඟලිලි ගතිය වැඩියි.අද ගයාන්ට රාජකාරි කටයුතු වැඩි දවසක් නිසා මාධවී උදේ නැගිටලා ඉව්වෙත් නෑ. "අද මට මීටින් එක තියන හොටෙල් එකෙන් කන්න වෙන්නේ මදූ.ඔයා මොනව හරි ඕඩර් කරගන්න හොඳේ." ගයාන් එහෙම කියලා ගෙදරින් පිටත් වුණා.කිහිපවතාවක්ම "කෑම...
පාරමී රෑ මැද්දේ ඇහැරුණේ පුරුද්දට වගේ.දසුන්ගේ දුරකථනය හොයාගෙන ඇඳෙන් බැස්ස පාරමීට ඒක හොයන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා.අන්තිමට දසුන්ගේ ෆෝන් එක හමු වුණේ සාලේ සෝෆා එක්ක අස්සේ තිබිලා.නොසැලකිල්ලෙන් එතැන දාලා ඇවිත් කියලා සාමාන්‍ය කෙනෙකුට හිතුණත් පාරමීට එහෙම හිතුණේ නෑ. "මේක මෙතන දාන්න ඇත්තේ මොකක් හරි හොර කෝල් එකක් ආවොත් මට නෑහෙන්න.." එහෙම...
"අම්මේ.. ඇයි?" සඳුන් අම්මාගෙන් ඇහුවේ අම්මා ඉන්නේ ලොකු කල්පනාවක හින්දා.දේවිකා හුස්මක් ඉහළට ඇදලා සඳුන්ගේ ඔලුව අත ගෑවා.ප්‍රශ්න තිබ්බා කියලා මේ අවුරුදු දොළහක පොඩි එකා මොනවා කරන්නද? නිමල් ජීවත් වෙලා හිටියානම් මේවා මෙහෙම වෙන එකක් නෑ.ඒත් මොනවා කරන්නද? "අම්මේ ඇයි අම්මේ.." සඳුන් ආයෙත් ඇහුවා.එහා ගෙදර කමලා නැන්දා මහ සද්දෙට කාටද බනිනවා ඇහෙනවා.හවස පහාමාරේ...
මහේෂ් වැල්ලවත්තේ මුහුද අද්දර කාර් එක නතර කලේ පරණ මතක වල අතරමං වෙන ගමන් . මීට අවුරුදු හයකට එහා අතීතයට හිත දුවගෙන යද්දී හද දවසේ ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියලා මහේෂ්ට හිතා ගන්න බැරි වුණා . ඉස්සරහෙන් පේන මූදු වෙරළේ මොනතරම් දවස් අයෝමිගේ අත අල්ල ගෙන ඇවිදින්න ඇද්ද කියලා...
"දුව, මං කියන්නමයි හිටියේ.." ජීවන්තගේ අම්මා මා ගාවින් ඉඳගත්තේ එහෙම කියාගෙන.මේ දවස්වල අම්මාට කියන්නම තියෙන දේවල් පුදුම තොගයක් තියනවා.එයාගේ කුළුදුල් මිනිබිරී ඉපදෙන්න තව මාස හතරකට වඩා නැහැ. ඉතින් මම නිදා ගන්න හැටි,කන දේවල්, නාන්න ඕන වෙලාව,දකින්න අහන්න ඕනෑ දේවල් තීරණය කරන්නේ ජීවන්තගේ අම්මා.ජීවන්ත නම් කියන්නෙ බබා ඉපදෙනකොට අම්මා ජීවන්තව එළියෙන්...
"අද ඉඳන් අලුත් ගමනක්" ඔයාගේ තාත්තා මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා.මම ඔයා දිහාත් තාත්තා දිහාත් බැලුවේ ආදරෙන්. තාත්තා ඉස්සරලම අම්මා මුණ ගැහෙන්න ආව දවසේ මම මේ ආසනෙන් ඉඳගත්තම එයා ඔය කතාවම කිව්වා.ඊටත් පස්සේ අපේ වෙඩින් එක දවසේ අම්මා ඒ කතාවම අහගෙන හිටියා. ඔයා දන්නවද මගේ පුතේ, අද ඉඳන් අලුත් ගමනක් කියලා...
"ඔයා දන්නවද..අද ටීච අම්මගෙ ෆෝන් එකෙන් තමයි මට ඉගැන්නුවෙ.." මිනුලි වැට ගාවට ඇවිත් ආදිත්‍යට එහෙම කිව්වා.ආදිත්‍ය පොල් පිති හරකාගේ අං තට්ටුව හයි කරන ගමන් මිනුලිට ඇහුම්කන් දුන්නා. "ඉස්කෝලෙ යනව වගේ නෑ අනේ..මට ටීචව අල්ලන්නම හිතුණා.ඒත් බෑනෙ.." මිනුලි කියන්නේ දුක්මුසු මූණක් මවාගෙන.ආදිත්‍ය මොකුත්ම නොකියා හරකව මිනුලිට දුන්නා.වෙනදා වගේ එකට සෙල්ලම් කරන්න බෑ තමයි.ඒත්...
"මට ආයේ හිතන්න දෙයක් නෑ.." උදිත එහෙම කියලා ගෙදරින් ගිහින් දැන් සෑහෙන වෙලාවක්.එයා යන්න ඇත්තේ කොහෙද කියලා දැන දැනම මම එයාට දුරකථන ඇමතුම් දහයකටත් වඩා දෙන්න ඇති. "ඇයි.." එහා පැත්තේ හඬ ආවේ රළුවට.මං ගොළු වෙලා බලාගෙන හිටියා. "පුතා අඬනවා.." ඊටත් පස්සේ මම වචන හොයා ගත්තා.උදිත මොකුත්ම නොකියා ෆෝන් එක කට් කළා. මේ ගෙවෙන්නේ අපේ විවාහයේ...
"ඕක ඔහොම තියනව..ඔය නංගිට ගෙනාවෙ." අම්මා කෑගැහුවෙ මම කේක් එක කපන්න හදනකොට.මම ගැස්සිලා වගේ අත අහකට ගත්තා. "නංගි ඉතිං කේක් එකම කනවයැ.." මං හුරතල් වෙන්න උත්සාහ කරා.ඒත් අම්මා මට රැව්වේ මාව අළු වෙලා යන තරමට. "ඒ ළමයට ඕක ගෙනාවේ.තියනව ඕක.." මං බ්ස්කට් බෝතලය ඇරලා බිස්කට් එකක් අරන් එලියට ආවා.මමත් රස කෑම කන්න ආසයි.ඒත් අම්මා...