fbpx

කටු ඔටුනු හැර යමි…

“මට ආයේ හිතන්න දෙයක් නෑ..”

උදිත එහෙම කියලා ගෙදරින් ගිහින් දැන් සෑහෙන වෙලාවක්.එයා යන්න ඇත්තේ කොහෙද කියලා දැන දැනම මම එයාට දුරකථන ඇමතුම් දහයකටත් වඩා දෙන්න ඇති.

“ඇයි..”

එහා පැත්තේ හඬ ආවේ රළුවට.මං ගොළු වෙලා බලාගෙන හිටියා.

“පුතා අඬනවා..”

ඊටත් පස්සේ මම වචන හොයා ගත්තා.උදිත මොකුත්ම නොකියා ෆෝන් එක කට් කළා.

මේ ගෙවෙන්නේ අපේ විවාහයේ හයවෙනි අවුරුද්ද.අවුරුදු තුනක පුතෙක් එක්ක ලෝකෙම අයිති වෙලා වගේ ජීවත් වුණු මගේ ලෝකේ බිමට වැටිලා දැන් මාසයක්වත් නෑ.

“හොටෙල් මවුන්ට් එකට මේ දැන් එන්න මිස්.මිස්ට උදිත ඉන්නේ මෙතන.එයාගෙ ඔෆිස් එකේ පොඩි කෙල්ලක් එක්ක..”

එහෙම ආරංචි නම් කාට දෙන්න බැරිද? මං ෆෝන් එක කට් කරලා මගේ පාඩුවේ හිටියා.

“මිස්ට අදවත් මේක විශ්වාස කරන්න බැරිද?”

ඊළඟ ඇමතුමට කැම්පස් එකේ නවක වදය කාලේ ඉගෙන ගත්තු ඔක්කොම අසභ්‍ය වචන ටික පාවිච්චි කරන්න මං වග බලා ගත්තා.හැබැයි මේ මොන ආරංචියක්වත් උදිතට නොකියන්න මම ප්‍රවේසම් වුණා.

ඔෆිස් එකේ නැහිලා නැහිලා ගෙදර එන මනුස්සයාගේ ඔලුවට මෙහෙම දේවල් දාලා ඔලුව නරක් කරන්නේ මොකටද? මං හිතුවේ ඒ විදියට.

ඒත් උදිත වෙනස් වෙන්න ගත්තේ බලා ඉන්නකොට.රෑට කන්නවත් එන්න බැරිතරමට ඔෆිස් වැඩ ගොඩ ගැහෙන්න ගත්තා.දවල් කෑම එකට තිබුණු දේවල් ගැන එයාටම අමතක වුණා.රෑ වෙනකම් ඔෆිස් වැඩ කියල ඔෆිස් කාමරේට වෙලා ඉන්න ගත්තා.

ඒත් ඊයේ වෙනතුරුම මම හිතුවේ එයා බිසී කියලා විතරයි.

“උදිත, මට ෆෝන් එක දෙනවද?අම්මට කෝල් එකක් ගන්න.මගෙ ෆෝන් එකේ ක්‍රෙඩිට් නෑ..”

වෙනදා මං එහෙම කියලා ෆෝන් එක අතට ගන්නකොට හැරිලවත් නොබලන උදිත මං දිහාට පැනගෙන ආවේ මං මහා වැරැද්දක් කරන ගාණට.

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

“මොකටද මගෙ ෆෝන් එක අල්ලන්නෙ..”

“ඉතින් අනේ අම්මට කෝල් කරන්නනෙ”

පාස්වර්ඩ් එක වැරදි බව මට පේනකොටම තමයි උදිතට කෝල් එකක් ආවේ.ඒ නම සේව් වෙලා තිබුණේ බොහොම ආදරණීය විදියට.හිතට ආපු ආවේගයට මං ඒ ඇමතුම අහගෙන හිටියා.මොකුත්ම නොකියා අහගෙන හිටියා.ගලාගෙන ආව ප්‍රේමණීය වදන් මට කීවේ මම අහපු හැම නිර්නාමික කතාවක්ම ඇත්තක් බව විතරයි.මාව ගැහෙන්න ගත්තේ අයිස්ලන්තේ අතරමං වෙලා වගේ.

මං බිම ඉඳගෙන රෑ පුරාම අඬන්න ඇති.උදිත ඔෆිස් කාමරේට ගිහින් දොර වහගත්තා.අද උදේ මං ළඟින් හිටගත්තේ මං ආදරේ කරපු උදිත නෙවෙයි.

“මං මේක හෙමින් කියන්න හිටියේ..හැමදේටම අතදාලා කලින්ම දැනගත්තනෙ..අපි ඩිවෝස් වෙන්න ඕන..”

ඒ වචන මගේ පපුවේ ඇනිලා ලේ ගලන්න ගත්තා.ඩිවෝස් වෙමු කියන එක අපි රෑට කොත්තු කමු වගේ සරලව කියන්න අවුරුදු ගාණක් ආදරේ කරපු පිරිමියට පුලුවන්ද? දරුවෙක් හදලා උස්මහත් කරපු ස්වාමි පුරුෂයට පුළුවන් ද?

ඒත් එයා එහෙම කිව්වා.

උදිත දැන් සෑහෙන කාලයක් වෙන සම්බන්ධයක ඉන්න බව ඇස් පනා පිට පේනකොට පවා මං ඇඬුවේ වැරැද්ද මගේ ගාණට.

“අනේ බෑ..ඩිවෝස් වෙන්න බෑ..පුතාටයි මටයි ඔයාව ඕන..”

ඒත් උදිත ඒ වචන අහගෙන හිටියෙවත් නෑ.

“මං ඔයාට ආදරයක් නැත්නම් ඔයා ඇයි මං ගාව ඉන්නෙ..”

මට ලැබුණේ එහෙම උත්තරයක්.

“පුතාට ඔයාව ඕන..”

මං හිඟන්නියක් වගේ අන්තිම තුරුම්පුව ඉදිරිපත් කළා.

“මං එයාට යුතුකම් නොකර ඉන්නෙ නෑ..”

ඒ තමයි උත්තරේ.උදිත යන්න ගියා.

“මට ආයේ හිතන්න දෙයක් නෑ..” යන්න කලින් එයාට කියන්න තිබුණේ එච්චරයි.

අගපිපි මල් ටෙලි නාට්‍යයේ සින්දුව මගේ ඔලුව ඇතුළේ වාදනය වෙන්න අරන් සෑහෙන වෙලාවක්.මේ මානසික කම්පනය මැද්දෙන් ඒ සින්දුව මිසක් වෙන කිසිම දෙයක් මට මතක් වෙන්නේ නෑ.

“කාලයක් නැති තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි”

මං ගේ පුරාම ඇස් යැව්වා.අවුරුදු හයක මතක මොනතරම් ද? ඒත් මගේ හිස මත තිබුණු මැණික් ඔටුන්නේ හිමිකාරිය වෙනත් ගැහැනියක් නම් මට ඒ ආදරය කටු ඔටුන්නක් කර ගන්න උවමනා නෑ.

මං නැගිට්ටේ හිත හදාගෙන.දැන්ම ලෑස්ති වෙලා ගෙදර යන්න ඕනෑ.

රෑ වෙන්න කලින් මට මගේ ගමේ ගෙදර යන්න පුලුවන් වෙයි.ඊට පස්සේ කරන දෙයක් හිතනවා.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x