Tag: Emotional Stories

ඔයා මොකක්ද සඳුනි අර ෆේස්බුක් එකේ දාල තිබ්බ කවිය ? " " ඇයි සමීර ? මොකක්ද ඒකෙ අවුල? මම කොහොමත් ලියනවනේ ? මම ලියන්න පටන් ගත්තෙ ඔයත් එක්ක යාලු වෙන්නත් අවුරුදු ගානකට කලින් " " මගුල තමයි . මගේ යාලුවෝ කීප දෙනෙක්ම මගෙන් ඇහුවා අපි දෙන්නා අතර මොකක්හරි රණ්ඩුවක් ද කියලා...
happy couple
මනුරංග කුස්සියට ආවේ අළුයම හයහමාර පසුවෙද්දි. විදුලි කේතලය ට වතුර පුරවපු ඔහු ඒක ක්‍රියාත්මක කරලා වතුර උතුරනකන් බලාගෙන හිටියා. මේ ගෙවීගෙන යන්නේ ජීවිතයේ සුන්දරම දවස්.මනුරංගට හිතුණේ එහෙම. වන්දනා තමන්ගේ ජීවිතයට ආව දවසේ ඉඳලා තමන් ජීවත් වෙනවා කියලා මනුරංගට දැනුනා . " මනූ ඔයා මොකද කරන්නේ ?" වන්දනා එහෙම අහගෙන කුස්සියට එද්දි...
මං පුස්තකාලයට ගොඩ වුණේ හැන්දෑවෙ තුන පහුවෙද්දී .පුස්තකාලය වහන්න පැය දෙකක්ම තියෙන නිසා නිදහසේ පොත් තෝරා ගන්න මට ඕන තරම් වෙලාව තිබුනා. සතියේ දවසක් නිසා ඒ තරම් සෙනඟ නොහිටිය පුස්තකාලෙ මගේ හිතට ගෙනාවේ සැනසිලිදායක හැඟීමක්. පොත්වල සුවඳ තැවරුනු රාක්ක අතර මං ඇවිද්දේ කියවන්න පුළුවන් විදිය නවල් එකක් හොයන්නයි ....
ශානිකා කන්නාඩියෙන් පෙනෙන තමන්ගේ රුව දිහා බලාගෙන හිටි හිස් හැඟීමකින් . කන්නාඩියෙන් පෙනෙන උඩරට මනාලියට , ඇත්තටම තමන් ආදරය කළ කල පෙම්වතාව විවාහ කර ගන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා හිතුනා. මහා සෙනගක් මැද්දේ දිවුරුම් දීලා ශානිකා ජනිත් ව විවාහ කරගත්තෙ තාත්තගේ කැමැත්තට. අම්මා නැති වුන දවසේ ඉඳලා තමන් වෙනුවෙන්...
කුවේණිය මෙරටට සංක්‍රමණය වූ විජය කෙරෙහි පෙමින් බැඳී , සිය සනුහරය පාවා දී විජයට රාජ්‍යය දිනා දුන් ඇය , විජය ට දාව දරුවන් ද ලද පසු භාරතීය බිසවකගේ ආගමනය හේතුවෙන් විජය විසින් පන්නා දමනු ලැබුවා. දරුවන් ද රැගෙන මගට වන් කුවේණිය යළි සිය සනුහරය සොයා ගියා. සනුහරයම විනාශ කළ බවට...
සතුටින් ඉපිලෙන හිතත් අරගෙන මං කාර් එකට නැග්ගෙ යන්තම් පාන්දර හතර පහු වෙද්දි. අම්මයි තාත්තයි ඉස්සරහ සීට් එකේ ඉඳගෙන තොරතෝංචියක් නැතිව සතුට බෙදා ගන්න කොට මං පිටිපස්සෙ සීට් එකට වෙලා මං රැයක් දවාලක් නැතුව කැපවෙලා දිනාගත්ත කුසලානයත් එක්ක තනි උනා.හිතේ කැකෑරෙන අසීමිත වේදනාවක් එක්කයි මං ගායන තරඟයේ අවසන් වට...
"තේරුමක් නෑ…" ඒ පණිවිඩය ගිහාන්ට යවපු මම ෆෝන් එක පැත්තකට දැම්මා.ඇඳට වැටිලා අඬනවා ඇරෙන්න වෙන විසඳුමක් මට නෑ.ප්‍රමාදය කාටවත් සතුටක් නෙවෙයි.ඒත් මම හිටියේ සතුටින්. මේ වතාවේ මගේ ඔසප් වීම සතියකට පරක්කු වුණා. ඒක මොනතරම් සතුටක් ද? මම අපේ පුංචි පැටියා යවන පාසල පවා තීරණය කරන තරම් සිහින වල කිමිදෙමින් හිටියේ. ඒත් රතුපාට කියන්නේ...
"ඒ කසාදෙ කරන්න දෙන්න බෑ" අම්මා එදා කෑගහපු හැටි මට තවම මතකයි.මට හරිත මුනගැහුණේ කැම්පස් එකේදි.අපේ අදහස් හොඳින් ගැළපුණා.හරිතට කීදෙනෙක් කැමැත්තෙන් හිටිය ද? ඒත් හරිත ආදරේ කළේ මට.කැම්පස් එකේ තිබුණු ලස්සනම ආදර කතාවලින් එකක් අපිට අයිති වුණා.ජීවත් වෙන්න පහසු,මාව තේරුම් ගන්න,ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුළුවන් කොල්ලෙක් හැටියට හරිත මට...
සුදේව. ඔයා මේ කුණු ටික අස් කලේ නැද්ද ? " වැඩ ඇරිලා ආව ගමන් අමාශා කුස්සියට ගියේ නෝක්කාඩු කියාගෙන " අනේ මම ඔය ටික එකපාර අස් කරන්න හිටියේ අමාශා. හවස මට කුරියර් එකට දෙන්න බඩු වගයක් පැක් කරන්න තිබ්බානෙ.ඒකයි බැරිවුනේ " " ඕක මහ වෙලාවක් යන වැඩක්ද? . මාවම කන්න බලාගෙන ඉන්නේ...
"අම්මි බඩගිනියි.." පුතා ඇවිත් කතා කරනකම් මම හිටියේ ඇඳේ.අඬලා ඉදිමුණු ඇස් පුතාට පේනවට මට දුකයි.මම ලයිට් එක නොදා මොහොතක් හිටියා.පුතා මට තුරුළු වුණා. "අම්මි ලයිට් එක දාන්නකො මට බයයි.." මම පැය ගාණක් ඇඳේ වැටිලා අඬනකොට පුතා ඉන්න ඇත්තේ මොනතරම් බයකින්ද? මුළු ගේ පුරාම අඳුර පැතිරිලා.කොහොමත් දැන් ඉතින් මගේ මුළු ලෝකෙම අඳුරුයි තමයි.මම...