Tag: Emotional Stories

"අද ඉඳන් අලුත් ගමනක්" ඔයාගේ තාත්තා මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා.මම ඔයා දිහාත් තාත්තා දිහාත් බැලුවේ ආදරෙන්. තාත්තා ඉස්සරලම අම්මා මුණ ගැහෙන්න ආව දවසේ මම මේ ආසනෙන් ඉඳගත්තම එයා ඔය කතාවම කිව්වා.ඊටත් පස්සේ අපේ වෙඩින් එක දවසේ අම්මා ඒ කතාවම අහගෙන හිටියා. ඔයා දන්නවද මගේ පුතේ, අද ඉඳන් අලුත් ගමනක් කියලා...
"ඔයා දන්නවද..අද ටීච අම්මගෙ ෆෝන් එකෙන් තමයි මට ඉගැන්නුවෙ.." මිනුලි වැට ගාවට ඇවිත් ආදිත්‍යට එහෙම කිව්වා.ආදිත්‍ය පොල් පිති හරකාගේ අං තට්ටුව හයි කරන ගමන් මිනුලිට ඇහුම්කන් දුන්නා. "ඉස්කෝලෙ යනව වගේ නෑ අනේ..මට ටීචව අල්ලන්නම හිතුණා.ඒත් බෑනෙ.." මිනුලි කියන්නේ දුක්මුසු මූණක් මවාගෙන.ආදිත්‍ය මොකුත්ම නොකියා හරකව මිනුලිට දුන්නා.වෙනදා වගේ එකට සෙල්ලම් කරන්න බෑ තමයි.ඒත්...
"මට ආයේ හිතන්න දෙයක් නෑ.." උදිත එහෙම කියලා ගෙදරින් ගිහින් දැන් සෑහෙන වෙලාවක්.එයා යන්න ඇත්තේ කොහෙද කියලා දැන දැනම මම එයාට දුරකථන ඇමතුම් දහයකටත් වඩා දෙන්න ඇති. "ඇයි.." එහා පැත්තේ හඬ ආවේ රළුවට.මං ගොළු වෙලා බලාගෙන හිටියා. "පුතා අඬනවා.." ඊටත් පස්සේ මම වචන හොයා ගත්තා.උදිත මොකුත්ම නොකියා ෆෝන් එක කට් කළා. මේ ගෙවෙන්නේ අපේ විවාහයේ...
"ඕක ඔහොම තියනව..ඔය නංගිට ගෙනාවෙ." අම්මා කෑගැහුවෙ මම කේක් එක කපන්න හදනකොට.මම ගැස්සිලා වගේ අත අහකට ගත්තා. "නංගි ඉතිං කේක් එකම කනවයැ.." මං හුරතල් වෙන්න උත්සාහ කරා.ඒත් අම්මා මට රැව්වේ මාව අළු වෙලා යන තරමට. "ඒ ළමයට ඕක ගෙනාවේ.තියනව ඕක.." මං බ්ස්කට් බෝතලය ඇරලා බිස්කට් එකක් අරන් එලියට ආවා.මමත් රස කෑම කන්න ආසයි.ඒත් අම්මා...
"ගුඩ්මෝනිං කමලා ආන්ටී.." දුල්මිත් නිපුනිත් වොෂ් රූම් එකට ආවේ එහෙම කියාගෙන.සේදුම් ඉවර කරපු කමලා ලස්සන කෙල්ලෝ දෙන්නා දිහා බැලුවේ හිනා වෙලා. "අද ස්පෙෂල් මීටින් එකක් අනේ..මේ මේකප් එක ඇතිද? ලස්සනයිද?" මේකප් කරන ගමන් දුල්මි අහන්නේ කමලාගෙන්.ඒ ගැන මොකුත් නොදන්නව වුණත් කමලා හිනා වුණා.ඒත් එක්කම ඇගේ හිතට විදුලි සැරයක් වගේ පුංචි අමාලිව මතක්...
"නෙතුකි, අදත් අකුරු ලියල තියනවා හොඳටම කැතයි.." ටීච මට පොත දමා ගැහුවා.හැමෝම හිනා වෙනකොට මට දැනුණේ ලැජ්ජාවක්.ඇයි මට එහෙම බනින්නේ? "මෙහෙ එන්න සිත්මි.ළමයි මේ බලන්න සිත්මි වැඩ කරන පිළිවෙල.." ටීච සිත්මිව අගය කරනකොට මටත් හරි ආසයි.මං එයාට අත්පොඩි ගැහුවේ හරිම ආසාවෙන්. "මොකක්ද නෙත්මි ඔය චිත්‍රෙ?" චිත්‍ර අඳින වෙලාවට ටීච මගේ පොතට එබුණා. "මේ අහස.මේ ඉර...
"කවුද මැණිකේ ඒ" රත්නසිරි ඇහුවේ ටීවි එකේ සද්දේ අඩු කරන ගමන්. පාර්සලයක් අතින් අරගෙන ගේ ඇතුළට ගිය දයානි ආපහු ආවේ මාස්ක් එක ගලවලා අත පය හෝදාගෙන. "කුරියර් ළමයෙක්.එරන්දි දුව කිව්ව අද ඔයාගේ බේත් ටික එවනව කියලා.." දයානි එහෙම කියන ගමන් ඉඳගත්තේ පුතාගෙත් එරන්දිගෙත් මංගල ඡායාරූපය දිහා ආදරෙන් බලන ගමන්. "බෙහෙත් තියනවද, කනව බොනවද...
"අනේ ගීතා…බබා කෑවේ නෑනෙ.චීස් කෑල්ලක්වත් දෙනවද" නෝනා අහද්දී බබා කෑම එක විසි කරන හැටි මම බලාගෙන හිටියා.ඇත්තටම මට දුක හිතුණා.මගේ සිතූ දවල්ට කන්නේ බතුත් පරිප්පුවකුත් එක්ක තව මොනවාහරි.ඒත් බේබිට මොනතරම් රස කෑම ලැබෙනවද? "ඔතන චීස් පෙට්ටි දෙක තුනක් තිබ්බා ගීතා.එකක් ඔයාගේ බබාට අරන් යන්න.." නෝනා එහෙම කෑගහන සද්දේ ආයේ මට ඇහුණා.නෝනා එහෙම...
"බබා නැගිටින්න…" අම්මා මාව ඇහැරවා ගත්තේ උදේ පාන්දරම.ඉස්කෝලෙ යන්නේ නැති හැම සති අන්තෙකම උදේ ඇහැරෙන ළමයා මම විතරයි කියල මට හිතෙන්නේ. "අද තාත්තා ගාව ඉන්න දවස" සෙනසුරාදා දවස එනවට මම මේ තරම් ආස ඒකයි.අද මම තාත්තා ළඟ ඉන්න දවස.තාත්තා ගෙදර එන දවස නෙවෙයි.මම තාත්තාගෙ ගෙදර යන දවස. "අම්මේ..අපි තාත්තට ආපහු ගෙදර එන්න කියමු.." මම...
අමායා ඇඟලුම් කම්හලෙන් එළියට ආවේ හිස් හැගීමකින්. වේලාසනින් බෝඩිමට ගියොත් බෝඩිම හිමි කාන්තාවගේ දහසකුත් ප්‍රශ්න වලට උත්තර බඳින්න සිද්ධ වෙන නිසා අමායා ළඟම තිබුණ සයිවර් කඩේ ඇතුලට ගියා. තේ එකක් ඇණවුම් කරපු අමායා කල්පනාවට වැටුනේ ඊට පස්සෙ. නොකරපු වැරැද්දකට වැරදිකාරිය වෙලා සොච්චම් පඩියක් ලැබුණ රැකියාවත් අහිමි වුන අමායට ඊළඟ මොහොත...