Tag: Life Stories

සමහර බිහිසුණු අපරාධ සිදු වී මොනතරම් කාලයක් ගියත් ඒවා අමතක කරන්නට අපිට හැකියාවක් නෑ. ෂැරොන් ටේට් යන නම ඔබට මතක ඇති. ඇගේ ඝාතනය ලෝකයම කම්පා කල එකක්. ෂැරෝන් ටේට් නම් සිනමා තරුව ෂැරොන් ටේට් හොලිවුඩයේ රූමත්ම හා සරාගීම නිලියක්  සිය රංගන දිවිය රූපවාහිනී වැඩසටහන් වල පෙනී සිටිමින් ඇරඹූ  ඇයට ඉක්මණින්ම හොලිවුඩයට...
(මනෝ උපදේශක කේ.එන්. මධුසංක මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) හේලි  අගනුවරට සමීප නගරයක හැදුණු දරුවෙක්. ඇගේ දෙමාපියන් යහමින් මුදල් හදල් තිබූ අය. ඒ නිසා අවශ්‍ය කරන ඕනෑම දෙයක් ඇයට ඉල්ලන සැනින් ලැබුණා. ඇය අධ්‍යාපනය හැදෑරුවේ ද ජාත්‍යන්තර පාසලක. හේලිගේ අම්මා බොහොම තද ගති ඇති...
සරෝජනීට ඇහැරුණේ දවල් වෙලා. කවදාවත් වෙන්නේ නැති වැඩක්. එලාම් එක වැඩ කරලා නෑනෙ. අද ඉරිදානම් තමයි. ඒ වුණාට මෙහෙම නිදාගෙන කොහොමද?  සරෝජනී කුස්සියට ගියේ ඔහොම නානාප්‍රකාර සිතුවිලි අස්සේ. ඉසුරි මල් වට්ටිය වගේ හිනාවෙලා සරෝජනී දිහා බැලුවා. කොහොමටත් ඉසුරිගේ හිනාව ඉද්ද මල් කිනිත්ත වගේ කියලා සරෝජනී දන්නවා. මුල් කාලේ පොඩ්ඩ පොඩ්ඩ...
(නීතිඥ මේකලා දහනායක මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.) නර්මදා සහ ලහිරු මුණ ගැහෙන්නේ රැකියාව කරන කාලයේදී. බොහොම ලස්සන රූපයක් තිබූ නර්මදාට ලහිරුගේ ආදර යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට හැකියාවක් තිබුණේ නෑ. ඇය මාස කිහිපයක් කල් අරිමින් හිඳ ඔහුගේ ආදරය බාර ගන්නේ ඒ නිසා.ඒ ආදරය ඉතා...
ප්‍රේමෙට සීමාවක් නෑනේ! මේ දවස්වල ජනප්‍රියම සින්දුවක් තමයි ඒ. ඇත්තටම ප්‍රේමයට කොහෙන්ද සීමාවන්.කිසිම සීමාවක් ප්‍රේමය ඇතුළේ තියෙන්න බෑ. ආදරේ ඉස්සරහ ඉලක්කම් වලට කිසිම වටිනාකමක් නෑ කියන කතාවත් ප්‍රසිද්ධ කතාවක්. මේ ඒ ප්‍රසිද්ධ කතාව සත්‍යාපනය කරපු කතාවක්. Brittany Jacques අනාගතය ඇය වෙනුවෙන් කරන්නේ කුමක්ද යන්න ගැන දැන සිටියේ නැහැ. නමුත් ඇයට ඉතා...
දිය කිඳුරියන් හා සුරංගනාවියන් දැරියන් වූ කතාන්දර අපි ඕනෑතරම් කියවා තිබෙනවා.නමුත් ජීවිතය සුරංගනා කතාවක් නෙවෙයි. එවැන්නක් යථා ලෝකයට මෙපිටින් පවතින්නක්. දරුවකු සඳහා කිහිප වතාවක්ම උත්සාහ කිරීමෙන් පසු එක්තරා මවක් පිළිසිඳ ගත් නමුත් ප්‍රසව ස්කෑන් පරීක්ෂණයකදී වෛද්‍යවරුන් ඇයට යමක් පැවසූ විට ඇය තැති ගත්තා ඔවුන් ඇයගේ නූපන් ගැහැණු දරුවාට දුර්ලභ තත්වයක්...
(මනෝ උපදේශක කේ.එන්. මධුසංක මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) ආදරය විවාහයෙන් අනතුරුව මිය යන බව සාරදාට වැටහෙන්න ගත්තේ විවාහයෙන් දෙවසරක් පමණ ගෙවෙනකොට. ඇය චතුරට ආදරය කරන්නට අරගෙන සෑහෙන කාලයක්. "මාරම ගැළපීමක් තියන කපල් එකක්." ඔවුන් දෙදෙනා දකින ඕනෑම කෙනෙක් එහෙම කියන්නේ ඔවුන් ඒ තරමටම ගැළපෙන නිසා....
වාර්ගික ප්‍රචණ්ඩත්වය සහ අයුක්තිය ලෝකය පුරා පැතිර යන්නේ සීඝ්‍රයෙන්. ඒ මේ වර්තමානයට පමණක් අදාළ කතාවක් ද නෙවෙයි. මේ 1955 දී වුණු එවැනි කතාවක්. 1955 දී 14 හැවිරිදි එමෙට් ටිල් ඝාතනය කිරීම මිසිසිපි හි පැතිරී ඇති වාර්ගික ප්‍රචණ්ඩත්වය සහ අයුක්තිය කෙරෙහි රටපුරා අවධානය යොමු කළා. මිසිසිපි හි ඔහුගේ ඥාතීන් බැලීමට යන...
"එහෙම ඕන ඕන ඒවා ලිස්ට් එකක් එවලා දාන බාර ගන්න කියලා හරියනවද අම්මේ" නවීන් සැරෙන් අහනකොට පාරමී මොකවත්ම නොකියා කරෝල තෙලට දාන අම්මා දිහා බලන් හිටියා. මේ වෙසක් සතිය. මස් මාළු සහ බිත්තර තහනම්. ඒ නවීන්ගේ අම්මාගේ නියෝග. "කරෝලයි හාල් මැස්සොයි වේලලා හින්දා පව අඩු ඇති." නවීන් බනිනවා. ඔය බැනිල්ල නවීන් අවුරුදු...
නව මසක් තිස්සේ කිරි සිහින දකින අම්මා කෙනෙක් ට තමන්ගේ දරුවාගේ රූපය ගැන පවා සිහින තිබෙනවා. දරුවා කවුරු වාගේ වේදැයි සිතමින් ඇය සිහින දකිනවා. ඇගේ වැනි දෑසක්, ඔහුගේ වැනි සිනාවක් ගැන හිතමින් නූපන් බිළිඳාගේ රූපය ඇය මවා ගන්නවා. ඇනා සිසීල්කා ද සිටියේ එවැනි සිහිනවල. ඇගේ දිගු ප්‍රසව වේදනාව අහවර කර...