කළලයක මොළය සැත්කම් කිරීමට තරම් දියුණු වෛද්‍ය තාක්ෂණයක්!

වෛද්‍ය තාක්ෂණය දැන් ඉතාම ඉහළ තැනක පවතිනවා. ඒ සම්බන්ධයෙන් අසන්නට ලැබෙන සමහර කතා අපව විශ්මයට පත් කරන තරම්.

බොස්ටන් නගරයෙන් ඉතා මෑතකදි ඇසෙන මේ පුවතත් එහෙම එකක්.

බොස්ටන්හි වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් බිළිඳියක් කුස තුළ සිටියදීම  මොළයේ සැත්කමක් සිදු කළා. ඒ Vein of Galen malformation (VOGM) ලෙස හඳුන්වන දුර්ලභ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා. මේ සැත්කම කරද්දී කළලයට සති 34ක් වූ බව සඳහන්.සාමාන්‍ය අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකින්  ඇගේ මොළය තුළ දුර්ලභ රුධිර නාල අසාමාන්‍යතාවයක් සොයා ගන්නා විටත් ලදැරිය ඇගේ මව තුළ සාමාන්‍ය ලෙස වැඩෙමින් සිටියා ඒ බව CBS ප්‍රවෘත්ති වාර්තා කරනවා.  බොස්ටන්හි ළමා හා බ්‍රිග්හැම් සහ කාන්තා රෝහලේ කණ්ඩායමක් සැත්කම කරන්නට තීරණය කළා.

VOGM, නම් රෝගී තත්වය සෑම උපත් 60,000 කින් එකකටම සිදුවන බව ගණන් බලා තිබෙනවා.

VOGM රෝගයේ ස්වභාවය මොන වගේද?

මෙම දුර්ලභ තත්ත්වය පැහැදිලි කරමින් Gurgaon හි Artemis රෝහලේ ස්නායු රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය භූපේෂ් කුමාර් මෙසේ පැවසුවා, “VOGM යනු මොළයේ සිට හදවතට රුධිරය ගෙන යන රුධිර ධමනි නිසි ලෙස වර්ධනය නොවීම නිසා ඇති වෙන තත්වයක්. මේ විකෘතිතාවයේ ප්‍රතිඵලයක් බිළිඳයගේ හෘදය වෙත යන රුධිරය අඩු වෙන්නට පටන් ගෙන තිබුණා. එය දරුණු සෞඛ්‍ය ගැටළු ඇති කරන තත්ත්වයක්.

මෙම රෝගය සඳහා නිශ්චිත හේතුවක් නොමැති බව වෛද්‍ය කුමාර් පැවසුවා.එය ජානමය හෝ ජානමය ආබාධයක ප්‍රතිඵලයක් බවට විශ්වාස කරන්නට පුළුවන්.මෙහි රෝග ලක්ෂණ හිසේ කැක්කුමේ සිට අලුත උපන් බිළිඳුන්ගේ subarachnoid haemorrhage නම් තත්ත්වය දක්වා හේත්‍ය් වෙනවා. එහෙත් මේවා වෙනත් හෘද රෝගවල ලක්ෂණ ද වන නිසා හඳුනා ගැනීම අසීරුයි. 

කොහොමනමුත් මේ ඉතාම දුර්ලභ රෝගයක්.

මෙයට සිදු කරන ප්‍රතිකාර මොනවාද?

විකෘතිතාවයේ සෘජු ධමනි සිට ශිරා දක්වා සම්බන්ධතා වසා දැමීම සහ මොළයට සහ හදවතට අතිරික්ත රුධිර ප්‍රවාහය අවහිර කිරීම සඳහා කැතීටර් පාදක ක්‍රියා පටිපාටියක් ප්‍රතිකාර ලෙස සිදු වෙනවා. එය සංකීර්ණ වෛද්‍ය ක්‍රියාවලියක්. 

දැරියට ප්‍රතිකාර සිදු කළේ විකිරණ හරහා බවයි පැවසෙන්නේ.

දැරියගේ වර්තමාන තත්ත්වය 

සැත්කමින් දින දෙකකට පසු දැරිය මෙලොව එළිය දුටුවා. ඇගේ උපත ඉක්මන් කිරීමට ද හේතුවක් තිබුණා. ඒ සැත්කමට පසු මව්කුස තුළ සංකූලතා ඇති වෙන්නට ඉඩ තිබීමයි. දැරියගේ බර රාත්තල් හතරක් පමණ වුණා. එය යම් අඩු බර තත්ත්වයක්. ඒත් සති හයක් ඉක්මවද්දී ඇය ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කරා. ඇගේ බර ක්‍රමයෙන් වැඩි වෙන්නට පටන් ගත්තා. විශේෂම කාරණාව වන්නේ ඇය දැන් කිසිම වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගන්නේ නැහැ. දැන් දැරිය නිවස බලා ගොස් තිබෙනවා.

බොස්ටන් ළමා රෝහලේ විකිරණවේදි වෛද්‍ය සහ  වන වෛද්‍ය ඩැරන් ඕර්බාච් සීඑන්එන් වෙත පවසන්නේ ” සති හයක් වන විට, ළදරුවා ඖෂධ නොමැතිව, සාමාන්‍ය ආහාර ගැනීමෙන්, බර වැඩිවීමෙන් සහ නිවසට යාමට හැකි වූ බව වාර්තා කිරීමට අපි සතුටු වෙමු. මොළයට කිසිම ඍණාත්මක බලපෑමක් ඇති බවට කිසිදු සලකුණක් නෑ.” ලෙසටයි.

වෛද්‍ය තාක්ෂණය අද පවතින්නේ මෙවැනි ඉහළ තැනක. යම් සංකූලතාවයක් දැනෙන පළමු මොහොතේම වෛද්‍ය උපදෙස් පතන්නට අමතක කරන්නට එපා. විශේෂයෙන්ම ඔබ ගැබිණි මවක් නම් ඉතා සුළු සංකූලතාවයක්වත් නොසලකා හරින්නට එපා.ඉතා දුර්ලභ රෝග පවා සුව කරන තරමට දැන් වෛද්‍ය විද්‍යාව දියුණුයි. ඉන් ගත හැකි සෑම ප්‍රයෝජනයක්ම ලබා ගන්න.

ප්‍රාතිහාර්යයක් සේ සුවය ලබා ලෝකය සුවඳවත් කරන්නට බලා සිටින කුඩා මල් කැකුළට නීරෝගීමත් ජීවිතයක් ලැබේවා!!

Related Articles

Don't Miss


Latest Articles