බිරිඳව අතහැර නිරූපණ ශිල්පිනිය හා විවාහ වීමට ඕනෑ වූ සැමියා

එක්තරා රටක ඉතා ලස්සන කාන්තාවක් හිටියා.ඈ විලාසිතා ශිල්පිනියක් සහ  නිළියක් වූ අයෙක්. ඇය කෙරෙහි ආසක්ත වූ සිටුවරයෙක් සිටියා. නමුත් අවාසනාවන්ත කාරණාව වූයේ ඔහු ඇය දකිනවිටත් ඇය විවාහකයෙක්.  නමුත් ඇයව කෙසේ හෝ විවාහ කරගන්නට ඔහුට උවමනා වුණා.ඔහු කාලයක් යන්නට ඉඩහැර විවාහ යෝජනාවක් කළා.

“මම මට කැමතිනම් මම මගේ බිරිඳත් දරුවනුත් අතහැර දැමීමට කැමතියි. මගේ බිරිඳ ඔබ තරම් ලස්සන කෙනෙක් නෙමෙයි.විලාසිතා  ඇත්තේ ම නැති තරම්.ලස්සනට අඳින්න දන්නෙත් නැහැ.මගේ ජීවිතය කලකිරීමෙන් පිරුණු එකක්.”

මේ නිරූපන ශිල්පිනිය බොහෝ නුවණක්කාර තැනැත්තියක්. ඇය කාරුණිකව ඔහු දෙස බලා එක්තරා ඉල්ලීමක් කළා

“හොඳයි! ඔබ හා විවාහ වීමට පෙර ඔබේ බිරිඳ සමග එක් සවස් කාලය ගත කරන්නට මට ඉඩ ලබාදෙන්න.”

විශාල වශයෙන් අසත්‍ය දේවල් පවසා සිටුතුමා මේ සුන්දරිය සමග දවසක් ගත කිරීමට බිරිඳව පිටත් කර හැරියා. ඇය සමඟ සවස් කාලය ගත කළ සුන්දරියට සිටු තුමාට කියන්නට දෙයක් තිබුණා.

“ඔබේ භාර්යාව සිටින්නේ විශාල මානසික පීඩනයකින්. ඔබේ දරුවන් දරා සිටීමෙන් ඇය වැහැරී ගොස් තිබෙනවා. ඊට පෙර ඇය මටත් වඩා ලස්සනට සිටි බව විශ්වාසයි. ලේසි වැඩ කටයුතු හේතුවෙන් ඇයට ඇය කැමතිම ගීත ගයන්නටවත් වෙලාවක් නැහැ.නාට්‍ය බලන්නට යන්නටත් ඉඩක් නැහැ. ඔබ ඒවා අවබෝධ කර ගන්නවා නම් ඇයද සරාගී ගැහැණියක වන්නට ඉඩ තිබෙනවා. සිටුවරයෙක් වූවාට ඇයට මුදල් නොදෙන නිසා ඇයට ඇඳුම් ඇත්තේ ද නැහැ .”

එසේ පැවසූ ඇයට කියන්නට තවත් දෙයක් තිබුණා 

“මගේ සුන්දරත්වය මගේ තරුණකමයි. මා ආකර්ෂණීයව සිටින්නේ මගේ විනෝදාංශ නිසා. මම ඇඳුම් වලටත් රූපලාවන්‍ය කටයුතු වලට බොහෝ වියදම් කරනවා.ඔබ බිරිඳකට සලකන ඉතාම අඩු මට්ටමේ සැලකීම් භාරගන්නට මට බැහැ. ඒ තනතුරට ඇති දීමනා සහ අයිතිවාසිකම් කෙලින්ම ලබා දී මා වෙත එන දවසක මම යෝජනාව භාර ගන්නම්”

ඔහු රූපලාවණ්‍ය ශිල්පිනියන්, ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියන්, දරුවන් බලා ගැනීමට සේවකයින් නිවසට රැගෙන ආවා. සමන් බිරිඳට සැලකෙන ඉහළ ආකාරය පෙන්වා කෙසේ හෝ නළඟන දිනාගන්න ටයි ඔහුට වුවමනා වුණේ.මාස ගණනකට පසු නැවත එයට ඇයට විවාහ යෝජනාවක් කරන්නට පෙර ඔහු ඇය සමග තේ පානයට බිරිඳව පොළඹවා ගන්නට බිරිඳ වෙත ගියා. ඉතා අලංකාර නැටුමක් නටමින් මියුරු ලෙස ගී ගයන කෙනෙක් ඒ කුටියේ වූවා. ඔහු දැක ඇති ලස්සනම කාන්තාව ඇයයි.

විලාසිතා ශිල්පිනියට සිටුතුමාගෙන් ලිපියක් ලැබුණේ ඉන්පසුවයි.

“මගේ භාර්යාව වෙනස් කරන්නට මගේ අදහසක් නැහැ. ඇය ඒ තනතුරට සිටින සුදුසුම තැනැත්තිය බව වටහා දුන්නාට ඔබට අනේක වාරයක් ස්තුතියි”

කතාවේ අයිතිය – මුල් කතෘට

Related Articles

Don't Miss


Latest Articles