Tag: Mini stories

නාමලී මහගෙදරට ගොඩවුනේ මාස තුනකට විතර පස්සේ . කඩෙන් ගත්ත කේක් පෙට්ටිය ටී පෝ එක උඩින් තිබ්බ නාමලී ආඩම්බර ලීලාවෙන් සාලෙ පුරාවටම ඇස් යැව්වා " හොඳ සුවඳක් එනවා ,අම්මා මොනවද අද උයන්නේ ? " " ඔයා ආස නිසා අද කහ බත් උයනවා " " බස් වල ඇවිල්ල මට හරි මහන්සිත් එක්ක ....
සකුනි ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ආවේ මැලවිලා ගිය මුහුණෙන් යුතුව. මලක් වගේ පුංචි මිනිබිරියගේ වෙනස ඈත තියාම අදුරගන්න මානෙල්ට අපහසු වුණේ නැහැ " මොකද පොඩ්ඩි ? කලින්ම බඩගිනි වෙලාවත්ද ? " " මට ආපහු ඉස්කෝලේ එන්න බැහැ ආච්චි අම්මෙ " හිත රිදෙන යමක් සිද්ද වෙලා තියෙනවා කියලා මානෙල්ට තේරුණ නිසා මානෙල් පහත් වෙලා...
සයුරි කාමරයේ ජනෙල් පියන්පත් ඇරියේ හිස් හැගීමකින්. නිවාඩු දිනයක් වෙච්ච සෙනසුරාදා දවසේත් වැඩට යන්න තිබුන නම් කොච්චර හොඳද කියලා ඇයට හිතුනා . " ජනේලෙ ඇරගෙන මක් කරනවද ? අද වත් ඔය කාමරේ අස් කරගන්නවා සයුරි " උදේ පාන්දරම වජිරා ගෝරනාඩුව පටන් අරගෙන .සයුරිගේ කාමරේ අස් කරන්න කියලා තිබුනේ ඇඳ විතරයි ....
උත්තරා ව්‍යාපාර කටයුතු වලට අදාළ ලියවිල්ලක් සකස් කරමින් ලැප්ටොප් එකට මූණ ඔබාගෙන ඉන්නකොට ගේට්ටුවේ සීනුව නාද උනා . ඉක්මනින් ගේට්ටුව ගාවට ගිය උත්තරා ගේට්ටුව විවෘත කරනකොට එතන හිටියේ නිම්මි. නිම්මි කියන්නේ උත්තරා කලින් වැඩ කරපු ඔෆිස් එකේ වැඩ කරපු කෙනෙක් . උත්තරා එතනින් ඉල්ලා අස් වෙනකොට නිම්මි උත්තරා එක්ක...
" නෝනා මම මේ වත්ත සුද්ධ කරලා දෙන්න ද " සුබා මිදුලේ ඉන්නවා දැකලා රත්නපාල ඒ තරම් උස් නොවුණු තාප්පෙ ගාවට ඇවිල්ලා ඇහුවා. " නෑ නෑ ඕනෙ නෑ රත්නපාල. මහත්තයා කාව හරි ගෙන්නලා මේ ටික අස් කරලා දායි " සුබා ඇයට පුරුදු උද්දච්ච කමෙන් එහෙම කිව්වා " නෑ නෝනා මේ දවස් වල ඩෙංගු...
"ඔයාගේ කට්ලට්ස් සැන්විචස් ටික නම් මාර රසයි සමා.." රාධිකා මම ලඟින් වාඩි වුණේ එහෙම කියාගෙන.මම හිනාවෙලා එයා දිහා බැලුවා. රසයි නම් තමයි..ඒත් අනේ ඕව හැදුවේ මම නෙමෙයි." මම එහෙම කියද්දී කෞෂි පුටුව කරකවලා අපේ පැත්ත හැරුණා.කෑම සම්බන්ධයෙන් කතාවක් තිබුණොත් එයා අනිවාර්යෙන්ම එතන. "එහෙනම්? දසුන්ලගෙ අම්මද හැදුවෙ..ඇත්තටම රසයි අනේ.." කෞෂිත් කියනවා.මට ඒවා කරන්න වෙලාවක් නොතිබුණු...
" අම්මේ.. මේ චිත්‍රේ බලන්නකො " අමානි එහෙම කියාගෙන ශ්‍රියා ගාවට ආවේ පැය ගානක් තිස්සේ පාට කරපු චිත්‍රය අරගෙන.පුංචි කාලේ ඉඳලම චිත්‍ර වලට දක්ශ උන අමානිගේ ඒ හැකියාව දියුණු කරගන්න ශ්‍රියා වගේම අමානිගේ තාත්තා උන නිමලුත් ගොඩක් උදවු කලා.රැකියාවකට යන්න අකමැති උන අමානි රැකියාව වශයෙන් කලේ චිත්‍ර ඇඳලා විකුණපු එක....
හංසි කේක් පෙට්ටියත් අරන් කාර්‍යාලය ඇතුලට ආවේ සතුටෙන් ඉපිලෙන ගමන්.හදිස්සියේම තමන් වෙනුවෙන් ඩිලිවරි සේවාවක් මාර්ගයෙන් ඇවිල්ලා තිබුන කේක් එක මොන වගේද බලන්න ඇය හිටියේ නොඉවසිල්ලෙන්. " ඔය මොනාද ? " හැමදේම හොයන අනෝජා හංසි දිහාත් ඇගේ ඇතේ තියන කේක් පෙට්ටිය දිහාත් විමසිල්ලෙන් බැලුවා " කේක් එකක් " " ආ.. අරූද එව්වේ ?" " අරූ...
"ඔයා දේවිකා ගෙනාපු කෑම කෑවද නංගි?" අල්ලපු ගෙදර මනෝජා අක්කා වැටෙන් එබිලා අහන්නේ ඕපාදූප මූණක් මවාගෙන.මම ආයේම සැරයක් අත ඉඹලා බැලුවා.අඹ ව්‍යාංජනයේ සුවඳ තාමත් අතේ තැවරිලා. "අනේ ඔව් අක්කේ..කාලෙකට පස්සෙ කෑවේ.අම්මත් අයියලගෙ ගෙදර ගිහින් නිසා මම බාගෙට මැරිලා හිටියේ.සහන් උයන කිසිම කෑමක් කන්නත් බැරි වුණා.." ගර්භනී මුල් මාස තුන අසීරු බව කියවලා...
"අපි රශ්මිත් එක්ක කතා නොකර ඉමු.." දේශන පටන් ගන්න වෙලාව තියන නිසා කැම්පස් එකේ ගහක් යට වාඩිවෙලා ඉන්නකොට සරනි කීවේ එක පාරටම.තනියම පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න රශ්මි දිහා මම හැරිලා බැලුවේ එතකොට. "එයා ඉන්නේ එයා බූට් තිබ්බා වගේ.දුලාජ් පව් නේද?" අපි හූමිටි තියෙන්නේ නැති නිසා සරනි ආයේම කියනවා. "එයාටත් කතාවක් ඇති අනේ.." භාග්‍යා...