Tag: Mini stories

"ඔයා දේවිකා ගෙනාපු කෑම කෑවද නංගි?" අල්ලපු ගෙදර මනෝජා අක්කා වැටෙන් එබිලා අහන්නේ ඕපාදූප මූණක් මවාගෙන.මම ආයේම සැරයක් අත ඉඹලා බැලුවා.අඹ ව්‍යාංජනයේ සුවඳ තාමත් අතේ තැවරිලා. "අනේ ඔව් අක්කේ..කාලෙකට පස්සෙ කෑවේ.අම්මත් අයියලගෙ ගෙදර ගිහින් නිසා මම බාගෙට මැරිලා හිටියේ.සහන් උයන කිසිම කෑමක් කන්නත් බැරි වුණා.." ගර්භනී මුල් මාස තුන අසීරු බව කියවලා...
"අපි රශ්මිත් එක්ක කතා නොකර ඉමු.." දේශන පටන් ගන්න වෙලාව තියන නිසා කැම්පස් එකේ ගහක් යට වාඩිවෙලා ඉන්නකොට සරනි කීවේ එක පාරටම.තනියම පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න රශ්මි දිහා මම හැරිලා බැලුවේ එතකොට. "එයා ඉන්නේ එයා බූට් තිබ්බා වගේ.දුලාජ් පව් නේද?" අපි හූමිටි තියෙන්නේ නැති නිසා සරනි ආයේම කියනවා. "එයාටත් කතාවක් ඇති අනේ.." භාග්‍යා...
" බලාපොරොත්තුව දෝත දරා මගබලා හිඳියි ඔබ එනතුරාආයෙ හෙට දවසක් තියේවිද අද වාගේජීවිතේ සුන්දරද මෙතරම් " මං ටීවි එක දානකොටම රූපවාහිනී නාලිකාවක රියැලිටි තරඟයක්.විනිශ්චය මණ්ඩලය සම වැදිලා වගේ ගීතය අහගෙන ඉන්නවා.ෆෝන් එක අතට ගන්න ගමන් මං වාඩිවුනේ රූපවාහිනීයේ හඬ වැඩි කරමින් " සුවඳ දැනී.. දැනී දැනෙනවා…" හුරුපුරුදු කටහඬක්. මං උනන්දුවෙන් ටීවි එක...
"ආදරේ විවාහයෙන් අවසන් වෙනවා" ඒ කතාව මුලින්ම අහපු දවසේ අමා ඒක විහිළුවකට ගත්තා.ආදරේ විවාහය නිසා තව වැඩි වෙනවා.ඇය හිතුවේ ඒ විදියට.අවුරුදු ගාණක් පුරා ආදරේ කරපු සහන් එක්ක විවාහ වුණාට පස්සේ ජීවිතය තවත් සුන්දරව ගලන්න පටන් ගත්තා.සහන් හැමදෙයකටම අමාට උදව් වුණා.හැම වැඩක්ම අපේ වැඩක් මිසක් අමාගේ වැඩ කියලා නොහිතන සහන් නිසා...
"ආනේ භාෂි අක්කා..ඔයා මේ වීක් එකත් නිවාඩු කියලා අපි හිතුවේ.." භාෂිණී ස්ටාෆ් රූම් දොර ඇරගෙන ඇතුළට එනකොටම අපේ ස්ටාෆ් එකේ පුංචිම කෙල්ල චතූ ගිහින් භාෂිණීගේ අත අල්ලා ගත්‍තා.මහන්සි පාට වුණත් සන්තෝසෙන් ඔප වැටුණු ඇස් දෙක දිහා මම බැලුවේ ආදරෙන්. "අනේ..අක්කගෙ ඇස් ඉදිමිලා.නිදාගත්තෙම නෑ නේද?" චතූ ආයෙමත් කියනවා.භාෂිණී හිනා කටක් පුරවාගෙන වාඩි වුණා. "චතූ...
ජීවිතේ කියන්නේ අඬ අඬා හිනා වීම බව මම දන්නවා. ඒත් මහා ශාරීරික වේදනාවකට පස්සේ මමත් , ලොකු මානසික තිගැස්මකට පස්සේ භානුත් ඇගේ හැඬුම් ඇහෙනකොට හිනා වුණා. අපේ පුංචි සුරංගනාවි අතට ගත්ත භානුකගේ ඇස් හිනා වුණු හැටි මට කිසිම දවසක අමතක වෙන එකක් නෑ. සිසේරියන් සැත්කම අවසන් වන තෙක්ම මගේ අතින්...