Tag: Mini stories
මනමාලිගේ උරහිසෙන් පහළට වෙන්න ටැටූ එකක් තියෙන බව කට්ටිය දැක්කේ හවස දෙවෙනි ඇඳුමෙන් සැරසිලා ආවාම. වැඩිහිටි අය එකිනෙකාට කුටු කුටු ගාන බව ඉස්සෙල්ලාම අහු වුනේ සාරණ්‍යාගේ ඇස් වලට.
" මොකද කට්ටිය එහෙම ?"
සාරණ්‍යා හෙමින් සැරේ නිසිත් දිහාවට හැරිලා ඇහුවා. නිසිත් ට ඒ හැසිරීම් වලට හේතුව වැටහුනත් මංගල ශාලාවෙන් එලියට බහිනකල්...
"දරුවෙක්ගෙ මූණ දැක්ක නම් මාලිංග වෙනස් වෙයි"
අම්මා එහෙම කියෙව්වෙ සියවෙනි වතාවට වෙන්නැති කියල තිසාරාට හිතුණා.
උදේම වැඩට යන එකයි, හවස් වෙද්දි බීගෙන ගෙදර එන එකයි, ෆේස් බුකේ දකින දකින කෙල්ලට හායි කියල යවන එකයි ගැන තිසාරා දැනගෙන දැන් ටිකක් කල්.
ප්‍රශ්න පටන් ගත්තම මාලිංග කිව්වෙ "ඕන මිනිහෙක් කැමති ඕයි හිත සනසන...
" මං ලස්සන නෑ නේද අහස් ?"
හසන්ති අහස්ගේ ලඟින් ඉඳගෙන එහෙම ඇහුවා. ප්‍රශ්නේ වගේම උත්තරෙත් හසන්තිම තීරණය කරලා තිබුණ නිසා අහස් ඒකට උත්තර දුන්නේ නැහැ. ඒ වෙනුවට රූපවාහිනී නාලිකාවක් මාරු කලා.
" ඔයාට ලස්සන කෙල්ලෙක් මැරි කරන්න තිබුණා නේ අහස් .... ඇයි මාවම තෝරගත්තේ....?"
හසන්ති මේ සූදානම් වෙන්නේ හිත් රිදවා ගැනීමකට...
විකුම් සිටින්නේ කලකිරීමෙන් බව මම දනිමි. ඔහුට අවශ්‍යව ඇත්තේ යළි ලංකාවට යන්නය. එහි කිනම් හෝ රෝහලක සේවය කරන්නටය. දුප්පත් මිනිසුන්ට හැකි තරම් සහන මුදලකට සෞඛ්‍ය පහසුකම් සපයන්නටය.
එහෙත්, මට ඒ ජීවිතයට යන්නට අවැසි නැත. දරු දෙදෙනා දැන් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ස්ථාවරව සිටිති. අනෙක් අතට මගේ රැකියාවද ස්ථිරය. සෑහෙන්න වටිනාකමක...
“මට ඔයාව මාර වෙනස් චරිතයක් විදියට පේන්නෙ”
අලුතෙන්ම අද හවස ගත්ත ලස්සන පින්තූරෙ ෆේස්බුක් අප්ලෝඩ් කරාට පස්සෙ ආව ඒ මැසේජ් එක ආව අකවුන්ට එක නුපුරුදු බව ශාර්යා තේරුනා. ලස්සන කෙල්ලෙක් ගෙ ෆොටෝ දැක්කම ඉතින් ඕනම මනුස්සයෙක් මෙහෙම එවන එක සාමාන්‍ය දෙයක් උනාට මේ නුපුරුදු අකවුන්ට් එකකින් ආව මැසේජ් එකේ මොකක්...
උඩහා ගෙදර අය්යා මිය ගියේ හදිසියේය. රිය අනතුරක් නිසා සතියක් රෝහල් ගත වී හිඳ ඔහු හදිසියේම මිය ගියේය.
"ඒ කොල්ලා ගියා. අර අහිංසකි පව්..."
අය්යාගේ මළ ගෙදර අවසන් කටයුතු නිමවී පැමිණි දිනයේ අම්මා අප්පච්චි හා එසේ පවසනු මම අසාගෙනය
"ඒ කෙල්ල ඔය යක්ශණියෝ එක්ක ඉන්න එකක් නෑ ....."
අප්පච්චි එසේ කියනු ඇසිණි.
ඒ කියූ...
ජිත්මිකගේ ජංගම දුරකථනයේ මා නොවන ස්ත්‍රියක ඔහුගේ අත අල්ලාගෙන සිටින සේයාරුව දුටු දා මම තිගැස්සුනෙමි. එවිට අපේ සම්බන්ධයට මාස හයකි. අප මුණ ගැසුණේ තු වෙනි වතාවටය. එය හුදෙක් අප දෙදෙනාගේම කාර්යබහුල කම නිසාවෙන් විය. ජිත්මික ඉතාම ආදරණීය මිනිසෙකු වූ අතර කිසිම විටෙක රළු හැසිරිම් හෝ පෙන්වූවෙකු නොවීය. එනිසාම මම...
අම්මලා එකතු වෙලා යෝජනා කරලා , තමන්ගේ අකමැත්තෙන්ම මුණ ගැහුණ මනමාලයාගේ මුලදි පෙන්වපු මුහුණ ක්ශය වෙලාම ගිහිල්ලා යක්ශ වේශය ඉස්මතු වුණේ අද හවස බව දැන් ශාරදා දන්නවා. තමන්ගේ අකමැත්ත පැත්තකට දාලා අම්මලාගේ කැමැත්ත වෙනුවෙන් ඉඩ දුන්නට දැන් ශාරදා ට දැනෙන්නේ පසුතැවීමක්.
ශාරදා ට දේශන අවසාන වෙන්න තිබුණේ හවස හතරට. ඒත්...
අවුරුද්ද ට වින්දනලා අම්මලාගේ ගමේ යන්න තීරණය කරලා තිබුණේ මාර්තු මුලම ඉඳන්. වින්දනගෙයි ප්රහර්ශාගෙයි විවාහයට පස්සේ පවුල් කිහිපයම එක තැන මුණ ගැහෙන්නේ පලවෙනි වතාවට නිසා දෙන්නා කට්ටියට දෙන්න පුළුවන් විදියට තෑගි බෝගත් එකතු කරගත්තා. මඟින් අම්මවයි තාත්තවයි දෙන්නාත් නංවාගෙන වින්දනලා මාතර යන්න පිටත් වුනේ අධිවේගී මාර්ගය හරහා. ඒ වෙනකොට...
තමන්ට පුරුදු මහ ගෙදර තමන්ගෙම කාමරේ අල්මාරිය ඇරපු ශලනි ඒකෙ ඇතුළෙ එල්ලලා තිබුන ඇඳුම් අතර ඇඟිලි තුඩු යැව්වෙ ආසාවෙන්. විවාහයට කලින් ඇඳපු ආසම ඇඳුම් සෑහෙන ප්‍රමාණයක් ඒ අතර තිබුණා.
" ඔයා කලර්ස් මැච් කරන විදිහ හරිම ලස්සනයි ශලනි "
ඉස්සර කාර්යාලයේ යාළුවෝ නිතරම කිව්වේ එහෙම.
" ඔයා මොන ඇඳුම ඇන්දත් ලස්සනයි "
මේ...