Tag: මා හද තුළ ඔබ
මාස කිහිපයක් දැඩි සූර්ය තාපයකින් පොළොව පෙළන්නට හැරි අහස, ඒ ගින්න නිවාලනු වස් වැස්සක් ව වහින්නට අරාඳිමින් තිබිණ. වලාකුළු කොයි තරම් බර වී ද, අහස තවත් මොහොතක් හෝ ඒ බර දරා සිටින්නට කැමති වූයෙන් පොළොවට වැටෙමින් පැවතියේ හිරිකඩකි. නමුත් අහස් අඳුර බලාපොරොත්තුවක් ගැන කතාවක් කීවේ ය. කොයි මොහොතක හෝ...
තඹරු දිවාකර ගේ කාමරයට යන විටත් ඔහු රෝද පුටුවෙහි හිඳ ජනේලයෙන් පිටත බලා ගෙන කල්පනාවෙහි නිමග්න ව සිටියේ ය. සාමාන්‍යයෙන් නිදන්නට යන්න පෙර තාත්තා ගේ කාමරයට එබී ඔහු සුවෙන් නිදි දැයි බලනා එක තඹරු ගේ පුරුද්දකි. රිය අනතුරෙන් ඔහු එක්තැන්වී වසර ගණනාවක් ගෙවී තිබිණි ද, කුරුලු කූඩුවක් වන් සිය...
ටෙරසයෙහි වන පැද්දෙන පුටුවේ හිඳගෙන සමනල් තඹ පාට සඳ කිරණෙහි නැහැවී සිටියේ ය. පෝය සඳක් පායා විත්, හෙට නිවාඩුවක් වන බව මුමුණා කියයි. අඳුරු සළුවක් වන් ඝණ අහස් තලාවෙහි තරුවක කැල්මක් දිස්වන්නේ ඉඳහිට ය. ආකාස වියනෙහි කෙළවරකට වන්නට ය. අහස් මධ්‍යයෙහි මේ මොහොතේත් අනන්ත පරිමාවක් තරු එළි දිළෙනු ඇත....
බස් එකත් බිග් මැච් ට්‍රක් රථයත් වරින් වර එකිනෙකට ඉස්සර විය. පසු විය. බස් එකේ ගමන් කරන්නවුන් ද ට්‍රම්පට් නදින් හා කොල්ලන් ගේ ගී හඬින් ගීතවත් වෙමින් සිටියහ. බසයට ඉස්සර කරන වෙලාවට ට්‍රක් එකේ කොල්ලෝ "බිම් තඹරූ" කියමින් කෑ ගෑහ. තඹරු වෙනුවට බිම් තඹරු කියත්දී නම් තඹරු ගේ දෙතොල්...
අමාරුවෙන් ඇස් අරිමින්, නමුත් නින්දෙන් ම වාගේ තඹරු මුළුතැන්ගෙට එන විටත් රන්මුතු අවදි වී ඇවිත් උයන්නට සූදානම් වෙමින් සිටියා ය. ඇගේ දවස ඇරඹෙන්නේ හිරුත් එක්ක මහ පාන්දර ය. එතැන් සිට කේක් ඇන්ඩ් කොෆී වසා දමනා තෙක් එක සීරුවට වැඩ ය. පුංචි දහවල් නින්දක් ලැබූ දවසක්, වසර හත අටකට එහා...
පිටපත් ටිකක් දැමූ ෆයිල් එකක් ද මුදල් පසුම්බිය ද ගෙන තඹරු පහළ මහලට ආවා ය. රන්මුතු සිටියේ වීදුරු ගබඩ් පිරිසිඳු කරමිනි. හෙට උදයෙන් ම අලුත් කෑම ගබඩා කරන්නට හිස් වූ ශෝකේස් පිසදමා පිරිසිඳු කොට තබනා එක ඇගේ පුරුද්දයි. වෙහෙසකර දවසක අවසන් හෝරා කිහිපය වී ද රන්මුතු කඩිසර ය. වෙහෙස...
සමනල් දිවයුරු රණසිංහ ආයතනයෙහි සම්මන්ත්රණ ශාලාවෙහි මේසය අස හිඳ සිටියාට සිත තිබුණේ එතැන නොවේ. ඔහු ඒ කතා බහට එක් වූයේ සිහිනයකින් සේ ය. අවසන ආයතනයේ ප්‍රධාන නිලධාරීන් විසිර ගිය පසු එහි ඉතිරි වූයේ සමනල් සහ ඔහු ගෙු පියා වන ඩිලන් රණසිංහ ද ඔහු ගේ අලුත් ම ව්‍යාපාර සගයා ද...
තඹරු පියුම්රා දිවාකර වෙනදාට වඩා මඳක් වේලාසන ගෙදරින් පිටවන්නට සැලසුම් කළා ය. සාමාන්‍යයෙන් ඇය විශ්ව විද්‍යාලයට නික්ම යන්නේ තාත්තා - දිවාකර ගේ සියලු ආවතේව නිමා කොට ය. රන්මුතු පාන්දර අවදි වී දරුවන් දෙදෙනාට ගෙන යාම සඳහා ආහාර පිසියි. සඳැස් තවමත් පාසල් සිසුවෙකි. ගෙදර වැඩත් කැෆේ එකේ වැඩත් සියල්ල කර...
මත්තෙගොඩ- පිටකොටුව බස් රථය ඉදිරියට ධාවනය වෙමින් තිබිණ. වහ වහා සිය රියෙන් බැස ගත් සමනල් දිවයුරු රණසිංහ, එදෙස බලා ගත්තේය. වංගුවෙන් හැරී බසය නො පෙනී ගිය පසු ඔහු ට සුසුමක් හෙළිණ. මේ වගේ උදෑසන කාර්ය බහුල හෝරාවක ඔය බසය හඹා ගොස් පලක් නැති බව ඔහු දනී. අනිත් අතට එසේ...
කේක් ඇන්ඩ් කොෆී හි කුඩා මිදුල ට්‍රම්පට් වාදනයෙන් පිරී පැවතිණ. තරුණයෝ කිහිප දෙනෙක් කැෆේ එක ඇතුළට වන්හ. තඹරු පියුම්රා දිවාකර වීදුරු ශෝකේස් එකක් අල්වාගෙන පසුපසට වූවා ය. එක සිනහ වෙන යුග නෙතක් ඇගේ දෑස් වෙත පාව ආයේ ය. ඒ ඇස් බැල්ම ඇගේ දෑස් හි වැදුණ ගමන් සිරුර දිග යම්...