කෑම කන්න හොර, පොඩ්ඩගේ කෑම පෙට්ටියට අලුත් පෙනුමක්

ගොඩක් පොඩිත්තන් පාසලේදි කෑම කන්න හරිම හොරයි. නමුත් වෙනස්, ලස්සන කෑම එක්ක යැවුවොත් පොඩ්ඩා පාසලේදී කෑම කන්න අකමැතිවෙන එකක් නැහැ.

හරි පුදුම ඉස්කෝලෙ ටොට්ටෝ චංගේ, මල් වත්තක් වගේ ලස්සන කෑම පෙට්ටියක් හද හද ඉන්න ඔබට වෙලාව නැති වුණත් මෙම සරළ අදහස් කීපය ඔබේ පොඩ්ඩගේ කෑම පෙට්ටියට නැවුම්බවක් එක්කරන්න සමත්වේවි.

කෑම දාන පෙට්ටිය වෙනස්කරල බලන්න. පරණ CD කේසිං එකක්, වේවැල් කූඩයක්, කොළපතක් වැනි වෙනස්, අමුතු කෑම පෙට්ටියක් පොඩ්ඩා පුදුමයට පත්කරාවී.

unnamedපාන් වලින් රවුම් සැන්ඩ්විච් එකක්හදල French fries, ක්‍රැකර්, එලවළු සහ වියළි මිදි එකතුකරගත් මෙම නිර්මාණය ඉතාම ඉකමනින් සකසගන්න පුළුවන්.

unnamed-1

බත් යවන්න වෙනවනම් Sweet Corn, ග්‍රීන් පීස්, හතු, චීස් කැබලි වැනි වෙනස් දේවල් එකතුකරගන්න. වතුරගතිය අඩු කරි එකක් හෝ සළාදයක් එකතු කරගන්නත් අමතක කරන්න එපා.

පාට පාට පැස්ටා එකකට ලස්සනට කැපූ එළවළු, ධාන්‍ය වර්ග, මස්/මාළු/බිත්තර එකතුකරල දුන්නොත් පොඩ්ඩා රස කර කර කාවී. අතුරුපසට අනිවාර්යයෙන්ම පලතුරකුත් ලස්සනට කපල එකතුකරන්න.

මේ විදිහට පොඩි වෙනසක් කරල හදල දුනනොත් පොඩ්ඩා පාසලේදි කිසිම අදි මදි කරීමක් නැතිව අසාවෙන් යාළුවොත් එක්ක කෑම කාවී.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles