ලස්සන නීරෝගීමත් සිරුරකට සරල ව්‍යායාමයක්

බොහෝදෙනා ලස්සන නීරෝගීමත් සිරුරකට යැයි කියා කායවර්ධන ආයතන වෙත යාම පුරුදුවී ඇත. ඒ නිවසේදී ව්‍යායාම කිරීමට අපහසුයැයි සිතන නිසයි. එවන් අයටයි නිවසේදීම සිදු කිරීමට හැකි මෙම සරල ව්‍යායාමය ඔබගේ අත් වලින් ඔබේ ශරීරය ඉහලට එසවීම මගින් ඔබගේ ශරීරයේ මැද පෙදෙසට ශක්තියක් ගෙනදෙයි.

ඔබ මෙම ව්‍යායාමය කිරිමෙදී ඔබගේ පාද වල ඇගිලි ආදාරයෙන් පොලව මත රැදී සිට ඔබගේ ශරීරය ඔබේ අත් වලින් ඉහලට ඔසවා ශරීරය සමතල වන ආකාරයට තබාගන්න ඉන් පසුව ශරීරය පහත් කරන්න. මෙම ව්‍යායාමය සිදු කිරීමේදී නිවැරදි ඉරියවුව ඉතාම වැදගත් වේ.

නමුත් මෙය පළමුව සිදුකරන්නන් මෙය සරල ව්‍යායාමයක් කියා මෙය අවතක්සේරුකර අත්හැර දමයි. එහෙත් මෙමගින් ශරීරයේ තරබාරු කම නැතිකර දමා උදරය පෙදෙස, පසුපස මාංශ පේශී, අත් සහ පාද ශක්තිමත් කර දෙනවා. ඔබට මනා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අවශ්‍යනම් මෙම ව්‍යායාමය උදැසන සිදුකරන්න.

මෙම ව්‍යායාම මගින් සිදුකරන්නේ ඉහලට එසවුනු ශරීරයේ බර මාංශ පේශී විසින් දරාගැනීමයි. මෙම ව්‍යායාමය සති හතරක් කර බලන්න. ඔබ පළමුව මෙය තප්පර විස්සකින් ආරම්භකර ඊලග අවස්ථාවේ කාලය ටිකෙන් ටික වැඩි කරන්න, අවසාන අවස්ථාවේ ඔබ නොකඩවා විනාඩි හතරක් මෙය සිදුකල යුතුය. අවසානයේදී ඔබගේ මාංශ පේශී ඉතාමත් හොදින් වර්ධණය වී තිබේවි.

ඔබත් මෙම ව්‍යායාමය අද පටන් සිදුකර වෙනස අත්විදින්න. වැඩි කලත් නොයාම ලස්සන නීරෝගීමත් සිරුරකට ඔබ උරුමකම් කියනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles