අත්සන ගැන මේ දේවල් දන්නවාද?

අත්සන යනු ඔබේ අනන්‍යතාව දක්‌වන ප්‍රබලම සාක්‌ෂියකි. ඔබ ඔබගේ අත්සන වශයෙන් නමේ මුල් අකුරු පැහැදිලිව ලියා ඉක්‌බිතිව ලස්‌සන රවුම් අකුරෙන් නම ලියන කෙනෙක්‌ විය හැක. ඒ අතර ඔබගේ අත්සනට ඉතාමත් සමීප ආකාරයේ අත්සනක්‌ යෙදූ ව්‍යාජ ලියවිල්ලක්‌ ඔබ වෙත ඉදිරිපත් කර මේ අත්සන ඔබේ දැයි විමසුවහොත් එයට විශ්වාසයෙන් යුතුව ඔබට එක එල්ලේ පිළිතුරක්‌ දිය නොහැකි නම් එය බරපතල ගැටලුවකි.

සිය අත්සන ලෙස යම් කෙනෙක්‌ කිසියම් හැඩයකට සකස්‌ වූ ඉරක්‌ හෝ වෙනත් සලකුණක්‌ හෝ පාවිච්චි කරන්නේ නම් එය ඔහුගේ හෝ ඇයගේ අත්සනය. අත්සනට භාෂා භේදයක්‌ නැත. එය සිංහල, දෙමළහෝ ඉංග්‍රීසඅකුරුවලින් සකස්‌ කරගත් එකක්‌ විය හැකිය. අත්සන මෙසේ විය යුතු යෑයි කිසිවෙකුට අභියෝග කළ නොහැකිය. මෙය බොහෝ දෙනෙක්‌ වරදවා ගන්නා තැනකි. ලියවිල්ලක ඇති භාෂාව අනුව අත්සන වෙනස්විය යුතු නොවේ.

එසේම එක්‌ අයෙකුට තිබිය යුත්තේ එක අත්සනක්‌ බව හැම දෙනෙක්‌ම අනිවාර්යයෙන්ම අවබෝධ කරගෙන සිටීම වැදගත්ය. එක්‌ එක්‌ අවස්‌ථාවල නිශ්චිත අත්සනක්‌ නොමැතිව එක්‌ එක්‌ ආකාරයෙන් අත්සන් භාවිත කරන අය විශේෂයෙන් බැංකු ගනුදෙනුවලදී විවිධ අපහසුකම්වලට මුහුණ දෙති.

පාසල් අවධියේ විභාගවලට අයෑදුම්පත් ඉදිරිපත් කරන අවස්‌ථාවලදීම තමන්ට ආවේණික අත්සනක්‌ සකස්‌ කරගෙන එය පුරුදු වී එම අත්සන සියලු කරුණුවලදී භාවිතයට ගැනීම ඉදිරි අනාගතයට බෙහෙවින් වැදගත් වේ. මුලින්ම අත්සනක්‌ සකස්‌ කරගන්නා විට එය අනෙකුත් අයට පහසුවෙන් අනුකරණය කිරීමට, කොපි කිරීමට හෝ ව්‍යාජ ලෙස භාවිතා කිරීමට නොහැකි වන ලෙස සකස්‌ කර ගතහොත් වඩාත් ආරක්‌ෂාකාරී වේ.

නීතිය ඉදිරියේ කිසිඳු ගැටලුවකට ලක්නොවන්නට නම් අනිවාර්යයෙන්ම නිසි අත්සනක් පවත්වාගෙන යන්නට උනන්දු වන්න.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles