ෆලූඩා හදන්න නැතිවම බැරි කස කසා ඇට ගැන මේ දේවල් ඔබ දන්නවාද?

ෆලූඩා, සරුවත් හදන්න කස කසා ඇට නැතිනම් Sweet basil seeds නැතිවම බැහැ. රසයෙන් වගේම ගුණයෙන් ද අනූන කස කසා ඇට ගැන මේ දේවල් ඔබ දන්නවාදැයි බලන්න.

මෙතරම් රසවත් කසකසා ඇට ලංකාවේ බහුලව වගා කිරීමක්නම්  සිදු නොවේ. විශේෂයෙන් ම ඉන්දියාවේ වගා කරනු ලබන කසකසා ඇට ලංකාවට ආනයනය කරනු ලබන්නනකි. කසකසා ඇට ඉතා ඉක්නින්ම ජලයට සංවේදී ඇට වර්ගයක්. ජලය ගෑ වුණු සැනින් එම ඇට පිපිරී යයි. මේ නිසා කස කසා ඇට භාවියට ගන්නා ප‍්‍රමාණය පමණක් ක්ෂණිකව සෝදා පිරිසිදු කර භාවිතයට ගැනීමට අනිවාර්යයෙන්ම වගබලා ගත යුතුයි.

මෘදු විරේචන ගුණයෙන් යුතු කස කසා ඇට බෙහෙවින්ම ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලට, මලබද්ධයට උගුරේ ආසාදනවලට අම්ල පිත්ත හෙවත් ගැස්ට‍්‍රයිටිස් රෝගයට හා ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරිත්වයට ගුණදායකයි. කස කසා ඇට 10ක් වතුර වීදුරුවකට රාත්‍රියේ දමා උදෑසන පානය කිමෙන් පාදවල කොරල පවතින අයට සහ පාද වියළී යටි පතුල් පැලීම ආදියට ගුණ දෙයි. සවස වතුර ලීටර භාගයක් පමණ භාජනයකට ගෙන කස කසා ඇට මේස හැන්දක ප‍්‍රමාණයක් දමා වසා තබා පසු දා උදෑසන හිස් බඩ බීම ගැස්ට‍්‍රයිටිස් රෝගයට ඉතා හිතකර වේ.  ආමාශ ගත රෝග රැසකට ගුණ දෙන කස කසා ඇට මේද දහනය කරන්න ද උපකාරී වේ.  කස කසා අතීතයේදී මේද දහනය වෙනුවෙන් භාවිතා කර තිබෙනවා.

කස කසා ඇට සරුවත්, ෆලූඩා පමණක් නොව විවිධ පලතුරු බීම වලට දමා බීමට හැකියි. එනිසා මීළඟට හදන රසවත් පානයටත් රසයෙන් වගේම ගුණයෙන් පිරිපුන් කස කසා ඇට එක් කරගන්න අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles