පාන් වලින් පීසා හදල බලමුද?

හැමෝම හරිම කැමතියිනෙ පීසා කන්න. නමුත් හදන්න තරමක් වෙලාව ගත වෙනවා. එනිසා හදිසි බඩගින්නකට පාන් වලින් ඉක්මනින්ම පාන් පීසා නැති නම් Bread Pizza හදමුද? කටට රසට සැරට ඔබට කැමති විදිහට බ්‍රෙඩ් පීසා හදාගන්න පුළුවන්. සැරට කන්න Hawaiian ස්ටයිල් බ්‍රෙඩ් පීසා එකක් මෙන්න මේ විදිහට හදල බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කපාගත් අන්නාසි
  • කපාගත් ලූනු
  • කපාගත් sausage
  • බෙල් පෙපර් හෝ මාළු මිරිස්
  • ඔරිගානෝ/ කෑලි මිරිස් ස්වලපයක්
  • බටර්
  • තක්කාලි සෝස්/ පේස්ට්
  • ලුණු සහ ගම්මිරිස්
  • ගාගත් මොසරැල්ලා චීස්

සාදා ගන්නා අයුරු:

පාන් පෙති මත බටර් තවරාගෙන එය මත තක්කාලි සෝස් හෝ තවරා එයට උඩින් මොසරැල්ල චීස් ඉසගන්න. එයට උඩින් කපාගත් sausage, බෙල් පෙපර් සහ අන්නසි අතුරා ඔරිගානෝ ස්වල්පයක් ඉස එයට උඩින් තවත් මොසරැල්ල චීස් තට්ටුවක් දමන්න. පෙර රත් කරන ලද උඳුනක විනාඩි 5ක් පමණ බේක් කර ගන්න. නැති නම් මයක්‍රොවේ කර ගන්න. සෝස් සමඟ උණු උණුවේම පිළිගන්වන්න.

තක්කාලි පෙති, ස්වීට් කෝන්, චිකන්, මාළු, හැම්, තම්බාගත් බිත්තර, චීස් පෙති, තෙල් දමා ගත් හතු ආදී ඔනෑම දෙයක් මේ සඳහා යොදා ගත හැකියි. පොඩි බඩගින්නකට පමණක් නොව රාත්‍රී ආහාර වේලකට වුණත් ගැලපෙන බ්‍රෙඩ් පීසා හදල බලන්න අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles