ඉන්දියානු ළඳුන්ගේ රූපලාවණ්‍ය රහස්

ඉන්දීය කාන්තාවන්ගේ සුන්දරත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැත. ස්වාභාවිකවම ලැබී ඇති රූසපුව වැඩි දියුණු කරගැනීම සඳහා නිතිපතා ඔවුන් සරළ රූපලාවණ්‍ය ක්‍රම භාවිත කරනවා. එසේම මෙවැනි බොහෝ රූපලාවණ්‍ය සත්කාර කරනු ලබන්නේ නිවෙසේදීමයි. නමුත් මේවා මිල අධික රූපලාවණ්‍ය සත්කාර නම් නොවේ. කහ, පොල්තෙල්, මී පැණි ආදී නිවසෙන් හෝ අවට පරිසරයෙන් සපයා ගත හැකි ස්වාභාවික අමුද්‍රව්‍ය මෙම රූපලාවණ්‍ය සත්කාර වල පෙරමුණ ගනියි.

ඉන්දීය යුවතියන් සම පැහැපත් කරගැනීමට තල තෙල් භාවිත කරයි. නෑමට පෙර සිරුරේ තල තෙල් ස්වල්පයක් ආලේප කර පිරිමැදීමෙන් සම නිරෝගී වන අතර සම පැහැපත් වෙනවා.

කහ සත්කාරය ද මොවුන් අතර ඉතාමත් ප්‍රචලිතය. සුලබ විෂබීජ නාශකයක් වන කහ – මීපැණි සහ මිශ්‍රනය මෙන්ම කහ – කිරි ආලේපය ද ඉන්දියානු කාන්තාවන් අතර ඉතාමත් ජනප්‍රිය සත්කාර වේ. කහ දැමූ තේ සහ කිරි ද ඔවුන්ගේ රුව වඩන රහස් අතරවේ.

සමේ තෙතමනය පවත්වාගෙන යාමට ද පිටිවහලක් වන පෝෂණයෙන් අනූන පොල්තෙල් ඉන්දීය ආහාර වේලේ නැතුවම බැරි අංගයකි. පිරිසිදු පොල්තෙල් වියළි සමේ ගල්වා සම්බාහනය කිරීම මඟින් සමට අහිතකර හිරු කිරණින් ආරක්ෂා කරයි. පළුදු වූ වියළි අකීකරු හිසකෙස් මනා නීරෝගී බවකින් පවත්වා ගැනීමට පොල්තෙල් වලට කදිම  හැකියාවක් ඇත.

කිරි යනු ඉන්දීය සංස්කෘතියේ වැදගත්ම අංගයකි. කිරිවලින් සම පැහැපත් වන හෙයින් කිරි පානය කිරීම රුව රැක ගැනුමට බලපාන තවත් විශේෂ කාරණයක්. මුදවපු කිරි මගින් සම මෘදු කර පිරිසුදු කරන අතර හිරු එළිය නිසා සමේ ඇතිවන පිලිස්සීම් මකා දමයි.

ඉන්දීය කාන්තාවන්ගේ රූපලාවණ්‍ය සත්කාර ඔවුන්ගේ දින චර්යාවේම කොටසක්. ස්වාභාවික රුව වඩන පිළියම් ආයාසයකින් තොරව නිතර භාවිත කිරීම විශේෂ අවස්ථාවලදී පමණක් නොව සෑම විටම ඔබෙ සුන්රත්වය රැකගන්න පුළුවනි.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles