පොල් වතුර අහක දාන්න කලින් කියවන්න

ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා..

සාමාන්‍යයෙන් ඔබ දවසකට පොල් ගෙඩි කීයක් භාවිතා කරනවද?

Meal plan තිබුණත් ඉඳහිට පිටිකළ පොල් කිරි භාවිතා කළත් දවසක පොල් ගෙඩියක්වත් ඔබේ උයමනට උවමනා ඇති.

පොල් වතුර සින්ක් එක දිගේ යවන කෙනෙක් නම් ඔන්න ඔබට මේ ලිපිය කියවන්නම වෙනවා. ඔබ නොහිතුවත් ඔබ මේ ඉවත දාන්නේ පෝෂණීය පානයක්.

ලෝක් සෞඛ්‍ය සංවිධානය පවා පෝෂණීය පානයක් ලෙස පිළිගත් පොල් වතුරේ යෞවනය පවත්වාගෙන යාම, වියපත් වීමේ දී ඇති වන සංකූලතා මඟ හැරීම, දීර්ඝායුෂ ලබා දීම සඳහා උදව් වෙන සයිටොකයිනින් අඩංගුයි.

විටමින් බී , සී ,ඊ, යකඩ,කැල්සියම් පොටෑසියම් මැග්නීසියම්, සින්ක් සිලේනියම්, අයඩින්, සල්ෆර් ඇමයිනෝ අම්ල, කාබනික අම්ල රසායන, ශාක හෝමෝන සහ ප්‍රති ඔක්සිකාරක පොල් වතුරේ අඩංගු වී තිබෙනවා. ඒ නිසාම පර්යේෂකයන් විසින් ලොව වටිනා ස්වාභාවික පානයක් ලෙස පොල් වතුර හඳුන්වනවා.

ඔබ ගෑස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳිනවා නම් පොල් වතුර ඔබට ඉක්මන් සුවය ඇති කරන්නට සමත්. පාචනය, අතීසාරය සහ සිරුරේ විජලන තත්ව ඇති විට පොල් වතුර බීමට දීමෙන් සිරුරේ සජලත්වය ඇති කිරීම පැරැණි වෙදකමේදී සිදුව තිබෙනවා.

පොල්වතුර රූපලාවණ්‍ය කාරකයක් ලෙසත් වැදගත්. ඒවායින් මුහුණ සේදීමෙන් කුරුලෑ ලප කැළැල් මැකීයනවා. සමෙහි වියළි තත්වය පාලනය වී තෙත්බව හා කාන්තිමත් බව ඇතිවෙනවා.

ඔබට ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙසත් පොල් වතුර භාවිතා කරන්න හැකියාව තිබෙනවා. කෙස් වැටීම පාලනයට පොල් වතුර ඉතා ගුණදායක කන්ඩිෂනර් එකක්.

අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් , හෘදයාබාධ පාලනයටත් පොල් වතුරට හැකියාවක් තිබෙනවා. මුත්‍රා ගල්, දියවැඩියාව සහ වකුගඩු රෝග පාලනයටද පොල් වතුර පානයෙන් හැකියාවක් ලැබෙනවා.

මල බද්ධයටද පොල් වතුර සුදුසුයි. ගැබිණි සමයේ වමනයෙන් ඔබට සිදුවන අපහසුතා වලක්වා ගන්නටත් පොල් වතුර පානය කිරීමෙන් පුලුවන්.

මේ එදිනෙදා ජීවිතයේ අපි ඉවත දමන දෙයක්. නමුත් අප ඉවත දමන්නේ දිව්‍යමය පානයක් බව දැන් ඔබට වැටහෙනවා ඇති.

ඒ නිසා පොල් වතුර මින් පසු ඉවත දමන්න එපා. අපි නොහිතන දේවල්වල වටිනාකම් පවතින බව සිහි තබා ගන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles