හැමදාම හදන කරිය වෙනුවට වට්ටක්කා කළුපොල් මාළුවක්

බොහෝ දෙනෙක් නිතර වට්ටක්කා පිස ගන්නේ එකම ආකාරයට. මේ නිසාම ගෙදර සාමාජිකයන් වට්ටක්කා කන්න එතරම් ප්‍රිය නෑ. ඒ නිසාම වට්ටක්කා කළුපොල් මාළුවක් ආකාරයට,වෙනස්ම රසයකට පිළියෙල කරන ආකාරය අපි ඔබට රැගෙන ආවා.රස වගේම ගුණයෙන් ඉහළ තුනපහ හොඳින් යොදලා මේ රසවත් වට්ටක්කා ව්‍යංජනය පිළියෙළ කර ගන්න ඔබට පුලුවන්

අවශ්‍ය ද්‍රව්‍ය

  • වට්ටක්කා ග‍්‍රෑම් 500
  • මිරිස් කුඩු තේ හැදි 1 ක්
  • කහ කුඩු තේ හැදි 1/4 ක්
  • සුදුළුණු බික් 5 ක්
  • බී ළුණු ගෙඩියක්
  • අමු මිරිස් කරල් 3 ක්
  • අගල් 2 ක කුරුදු කැබලි 2ක්
  • කරපිංචා කිනිති 2 ක්
  • රම්පේ කැබලි 2 ක්
  • අමු තුනපහ මේස හැදි 1 ක්
  • අබ කුඩු තේ හැදි 2 ක්
  • අබ ඇට තේ හැදි 1 ක්
  • ගාගත් පොල් මේස හැදි 2ක්
  • හාල් මේස හැදි  2 ක්
  • පොල් කිරි මි.ලී 250ක්
  • තෙම්පරාදු කිරිම සදහා තෙල් සහ ලූණු රස පදමට

පිළියෙල කරන ආකාරය

  1. භාජනයක් රත් කර එයට සහල් දමා එය රන්වන් පැහැ වනතුරු බැද වෙනත් භාජනයකට දමා වෙන් කොට තබා ගන්න. දැන් පොල්ද ඒ ආකාරයටම බැද ගන්න. පසුව පොල් සහ සහල් එකට දමා අඹරා ගන්න.
  2. දැන් තෙම්පරාදුව සදහා තෙල් ටිකක් එකතු කර ගන්න. මුලින්ම අබ ඇට, ළුණු, අමු මිරිස්,  කරපිංචා, රම්පේ, කුරුදු සහ සුදු ළුණු දමා රන්වන් පාට වනතුරු බැද ගන්න. දැන් එයට වට්ටක්කා කැබලි ටික එකතු කරගන්න.
  3. පසුව එයට වතුර, ලුණු, අමු තුනපහ, කහ සහ මිරිස් කුඩු එකතු කර පියනෙන් වසා හොදින් තම්බා ගන්න.
  4. දැන් කලින් බැද කුඩු කරගත් සහල් සහ පොල් මිශ‍්‍රණය කිරි වලට එකතු කර කිරි ටික වට්ටක්කා මිශ‍්‍රණයට එකතු කරගන්න. මෙය තවත් විනාඩි 5ක් පමණ මද ගින්නේ පිසගන්න.

Related Articles

Don't Miss


Latest Articles