ඔබට ගැලපෙන Eyeliner තෝරා ගන්නේ කොහොමද?

Eyeliner එකෙන් ඇස්යට කළු පාට කඳුළු ගලල වගේද ගාල ටිකක් වෙලා යනකොට? දැන් ඒ වගේ ඉන්න ඕනි නැහැ. ඉස්සර වගේ එකම පැන්සලයකින් ඇහිබැම අඳින්නයි Eye line එක අඳින්නයි ඕනිත් නැහැ. අද වෙළඳපළේ කාලයේ තාලයට, තැනට ගැලපෙන්නට, තමන්ට හා තමන්ගේ මුදල් පසුම්බියට ගැලපෙන ආකාරයට තමන් කැමති විදියේ Eyeliner ලබාගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ මූලික Eyeliner ප්‍රභේද ටික කියවල හඳුනගමු.

Pencil

මේ මූලිකම Eyeliner එකයි. සෑහෙන කාලයක ඉඳල වෙළඳපලේ ප්‍රචලිතයි. ඔබ Eyeliner කළාවට ආධුනිකයෙක් නම් අතහුරු කරගන්නකම් මෙය භාවිතා කරන එක ඉතාම සුදුසුයි.

Automatic Pencil

කාර්ය බහුල ඔබට ඉතාම සුදුසුයි. උල්කරන්න ඕනි නැති නිසා පහසුයි වගේම නාස්තියත් අවමයි. කිසිම අතහුරුවක් අවශ්‍ය නැහැ වගේම ඉතාම ආරක්ෂිතයි.

Liquid

මෙම ප්‍රෙභ්දය භාවිතා කරන්න නම් ඔබට සෑහෙන අතහුරුවක් තියෙන්නටම ඕන. අව්ව දවසක නම් පාවිච්චිය පරිස්සමින්. කළින කොලයක ඇඳල අතහුරු කරගත්තොත් ඉතාම ලේසියි.

Felt Pencil

මෙය Liquid Eyeliner එකට ආදේශකයක් ලෙස හඳුන්වා දුන්නක්. එකකට සමාන නිසා අතට ඉතාම පහසුයි වගේම වි‍ශේෂ හැකියාවක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඉක්මනින්ම වේළෙන්න බලන නිසා මතක ඇතිව භාවිතයෙන් පසු හොඳින් වසා තබන්න.

Kohl/ Kajol

දිගු ඉතිහාසයක් ඇති මෙම ප්‍රෙභ්දය දකුණු ආසියාතික සහ අරාබි ජාතික තරුණියන් අතර බෙහෙවින් ප්‍රචලිතය. Soft සහ Thick ලෙස ලබාගත හැකිය. බොහෝ තද කළු පැහැති විශාල දෙනෙතක් පෙන්වන්නට අවශ්‍ය නම් මෙම ප්‍රෙභ්දය ඔබ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

Gel

මෙම වර්ගය වෙළඳපලට තරමක් අලුත්. ගොඩක් දෙනාට මේ පිළිබඳව අවබෝධයක් නැහැ. කුඩා පියකරු බඳුනක fine-tipped brush  එකක් සමඟ එන මෙම නිෂ්පාදනය cat eye effect ගන්න සැබවින්ම කදිමයි. තරමක අතේ හුරුවක් තියෙනවා නම් ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්.

Eye shadow

ලේසියෙන්ම smoky eye effect ලබාගන්න පුළුවන්. ඒ වගේම Eyeliner ළඟ නැති හදිසි අවස්ථාවකදී වගේම වැරදුණු හෝ කඩතොළු වුණු Eyelinerඑක නැවත සකසගන්නත් කදිමයි.

මිලදී ගන්නා විට තරමක මිලක් යොදවා හොඳ Eyeliner නිෂ්පාදනයක් ගන්න සෑමවිටම උත්සාහ කරන්න. එවිට මෙවැනි දෑ තුලින් ඇති විය හැකි ආසාත්මිකතා මඟහරවාගෙන ඔබට හිමි සොඳුරු දෑස තවත් ලස්සන කරගන්න පුඑවන්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles