රන් පදක්කමෙන් ගමට එළිය දුන් දිරිය දැරිය

පසුගිය දිනවලදී ඔලිම්පික් පදක්කම් දිනූවන්ට ලැබුණු තෑගිබෝග පිළිබඳ පුවත් කෙරෙහි ලෝකයේ දැඩි අවධානය යොමුවුණා. බොහෝ දෙනාට මිල මුදලින් යානවාහනවලින් ඉතිරීගිය කාලයක්වුණි. නමුත් මෙම සටහන ඒ සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය රන් දියණියක් පිළිබඳවයි.

22 හැවිරිදි කෙන්යානු ජාතික Faith Kipyegon සති කිහිපයනට පෙර රියෝ ඔලිම්පික්හිදී කාන්තා 1500-meter ඉසව්වෙහි රන් පදක්කමක් දිනුවාය. 1980 සිටම ඇගේ ගම වන Ndabibit හි විදුලිය නොමැති හෙයින් ඇගේ ජයග්‍රාහී මොහොත නැරඹීමට ඇගේ දුප්පත් දෙමව්පියන්ටවත් මිතුරන්ටවත් අවස්ථාව නොලැබුණි.

ඇගේ ජයග්‍රහණයත් සමඟම අවශ්‍ය නම් අගනුවරින් සියලු පහසුකම් පිරි නිවසක් රජයෙන් ලබා  ගතහැකිව තිබිණි. නමුත් ඇය ඉල්ලා සිටියේ සුඛෝපභෝගී මෝටර් රථ හෝ විසල් මැදුරු නොවෙයි. ඒ වෙනුවට ඇගේ පියා Samuel Kipyegon කෙන්යානු ජනපති Uhuru Kenyatta වෙත අප්‍රිකානු පුවත්පතක් වන Daily Nation හරහා විවෘත ලිපියකින් දන්වා සිටයේ Faith ගේ ඉදිරි තරග නැරඹීමට ගමට විදුලිය ලබාදෙන ලෙසයි. පසුවදාම මුළු ගම්මානයම අමන්දානන්දයට පත්කරමින් විදුලි සේවකයන් පැමිණ ගමට අවශ්‍ය විදුලි රැහැන් අදින්නට පටන්ගත්හ. මේ පිළිබඳව දැනගන්නට ලැබුණු Samsung සමාගම දියණියගේ ඉදිරි දස්කම් නරඹන්නට රූපවාහිනී යන්ත්‍රයක් තිළිණ කිරීමට පොරොන්දුවී ඇත.

මෙවැනි දිරිය දියණියන් සහ යහපත් දෙමාපියන් සමස්ථ මානව පරපුරටම මහත් ආඩම්බරයක්. ධනය සහ බලය පමණක්ම හඹා යන සුළු අඩු පාඩුකමක් තිබුණ හොත් උපන් බිමද හැරදා යන ලොවක ඔබේ දරුවාටත් මෙවැනි ගුණදම් තිළිණ කළහැකි නම් එය මෙලොවට තිළිණ කල හැකි මහඟුතම දායාදයයි.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles