Nonstick බඳුන් භාවිතයේදී අනිවාර්යයෙන් මේ කරුණු ගැන සැලකිලිමත් වන්න

ආහාරපාන පිසින විට එහි ගුණාත්මක බව, රසය වැඩි වීම හෝ හානි වීම සදහා, අපි ඉවීම් කටයුතු සදහා යොදා ගන්නා භාජන විශාල බලපෑමක් ඇති කරනවා. අතීතයේ අපේ වැඩිහිටියන් උයන පිහන කටයුතු වෙනුවෙන් යොදා ගත්තේ මැටිභාජන. නමුත් පහසුව, කල්පැවැත්ම වැනි විවිධ හේතු නිසා මේ වන විට අපි විකල්ප භාජන වෙත යොමු වෙලා ඉන්නවා. ඉතින් වර්ථමානයේ ගෘහනියන් අතර ජනප්‍රිය එවැනි භාජන විශේෂයක් ගැනයි අද අපි කතා කරන්නේ.

nonstick භාජන භාවිතයේදී නිසි ලෙස භාවිතා කිරීම අතිශය වැදගත්

ඇලුමිනියම් භාජනවල ආහාර පිසීම සෞඛ්‍යමය වශයෙන් අහිතකර බව සොයා ගැනීමත් සමග බොහෝ දෙනා nonstick භාජන වෙත යොමු වුණා. නමුත් නිවැරදි ආකාරයෙන් nonstick භාජන තෝරා නොගැනීම,නිසි ආකාරයෙන් ඒවා භාවිතා නොකිරීම මෙන්ම නිවැරදිව මෙම බඳුන් පිරිසිදු නොකිරීම හරහා ඔබව සෞඛ්‍යය ගැටලු වලට පත් වීමට තිබෙන ඉඩ කඩ ඉතාම වැඩියි.ඒ නිසා නන්ස්ටික් බදුන් භාවිතයේදී ගෘහනියක් ලෙස මේ කරුණු ගැන අවධානය යොමු කිරීම ඔබට වැදගත් වේවී.

nonstick භාජන මිලදී ගනිද්දී මේ දේවල් ගැන සැලකිලිමත් වන්න

හොඳින් අතට බර ගතියක් දැනෙන භාජන මිලදී ගන්න

Nonstick භාජනයක් මීලදී ගැනීමේදී හොඳින් අතට බර ගතිය දැනෙන එකක් තෝරා ගන්න එක වඩාත් හොදයි.මොකද සැහැල්ලු භාජනවලට වඩා වැඩි කාලයක් බර ගතියෙන් යුක්ත භාජන පාවිච්චි කරන්න පුලුවන්.

ඇලුමිනියම් තීරුවක් සහිත භාජන මිලදී ගන්න

Nonstick භාජනයක් මිලදී ගන්නවනම් ඇලුමිනියම් තීරුවක් සහිත භාජන වඩාත් සුදුසුයි.එහි රස්නය වැඩි කාලයක් රඳා පවතිනවා මෙන්ම වැඩි කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන්.

මිටේ සවිමත් බව බලන්න

Nonstick භාජනයක් මිලදී ගැනීමේදී භාජනය පමණක්ම නෙවෙයි එහී මිට ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.මොකද දිගු කාලයක් පාවිච්චි කීරීමට අවශ්‍යනම් සවිමත් මිටක් එයට තිබිය යුතුයි.

භාජනය වැසීමට පියනක් තිබේ දැයි සැලකිලිමත් වන්න

එමෙන්ම භාජනය වැසීමට හැකි පරිදි පියනක් සහිත භාජන මීල්දී ගැනීම වඩාත් ප්‍රයෝජනවත් හා පහසු වනවා.

සුදුසු හැඳි තෝරා ගන්න

ඔබට අවශ්‍ය Nonstick භාජන මිලදී ගැනීමෙදී එම භාජනවලට සුදුසු හැදි තෝරගන්නත් මතක තියාගන්නත් ඕන.ලී හැදි වඩාත් හොදයි.

කොහොමද Nonstick භාජනයක් නිවැරදිව පාවිච්චි කරන්නෙ?

පදම් කර ගැනීම

මුලින්ම වෙළඳපොළෙන් මිලදී ගත්ත භාජනයක් නම් ඒකට තෙල් ටිකක් දාලා රත් කරලා ටික වෙලාවක් එහෙම්මම භාජනය නිවෙන්න තියෙන්න ඕන.ඊටපස්සෙ උණුවතුරෙන් හෝදලා අරගෙන එදිනෙදා භාවිතයට මෙම භාජනය ගන්න පුලුවන්.

භාජනය නිකන් රත් කිරීමෙන් වළකින්න

nonstick භාජනවල තෙල් දමා ආහාර පිසීමේදී භාජනයට මුලින්ම තෙල් දමා රත් කළ යුතුයි .භාජනය රත් වෙන්න තියලා තෙල් දැමීම සුදුසු නැහැ.ඒක භාජනයේ කල් පැවැත්ම අඩු වෙන්න බලපාන්න පුලුවන්.

අඩුවෙන් රත් කිරීම

එමෙන්ම මෙම භාජන වැඩි කාලයක් රත් වෙන්න තියන්න හොඳ නැහැ.මිලදී ගැනිමේදී ඇසුරුමේ රත් කළ යුතු උපරිම උෂ්ණත්වය පිළිබඳ සඳහන් වෙනවා.

නිවැරැදිව පිරිසිදු කර ගන්නේ කොහොමද ?

nonstick භාජන සේදීමේදී භාජනය ඇතුළත් liquid හෝ සබන් යොදාගෙන ස්පොන්ච් කැබැල්ලකින් හෝ රෙදී කෑල්ලකින් අතුල්ලා සේදීම සුදුසුයී.

මෙහිදි සබන් නිරන්තරයෙන් යෙදිමත් අවශ්‍ය නැහැ.ඒ වෙනුවට උණුවතුරෙන් සේදීමත් යෝග්‍යයි.

භාජනය පිටත සේදීමේදී තෙල් කුණු බැඳී ඇත්නම් බේකින් සෝඩා ස්වල්පයකට විනාකිරි එකතු කර පැය 3ක් පමණ තබා සෝදා හරින්න.එවිට භාජනය හොදින් පිරිසිදු කර ගත හැකියි

මෙම කරුණු සලකා බලමින් නන්ස්ටික් භාජන පාවිච්චි කරනවානම් දිගු කාලයක් එම භාජන පරිහරණය කරන්න පුලුවන් ඔබට පුලුවන් වේවි.

Related Articles

Don't Miss


Latest Articles