දුර ඈත එක්තරා හුදෙකලා ගමක් තිබුණා. අනෙක් ගම් ඒ ගම ඔවුන්ගෙන් කොන් කරලායී තිබුණේ. එහි විසූ ළමයි, වැඩිහිටියෝ හැමෝම කුලී වැඩ කළා. දරුවෙකුට වැඩ කිරීමට හැකි වූ වහාම ඔහු වැඩට ගියා. එය වසර ගණනාවක් තිස්සේ සිරිතක් ලෙස සිදුවෙමින් පැවතුණා. කිසිවෙක් එය වෙනස් කිරීමට උත්සාහ කළේ නෑ. ඉතින් මේ ගමේ ළමයිත්, වැඩිහිටියෝත් හැම දෙනෙක් ම කුලී වැඩ කරමින් දුක සේ ජීවත් වුණා.
අනාථ පිරිමි ළමයෙක් හිටියා. ඔහුට අම්මා තාත්තා හෝ නෑදෑයන් කිසිවෙක් සිටියේ නෑ. ඔහුත් අනිත් ළමයි වගේ ම වැඩ කළා. එහෙත් දිනක් ආශ්චර්‍යමත් යමක් සිදු වුණා.
හදිසියේ ඔහු කම්කරු රැකියාවෙන් ඉවත් වීමට තීරණය කළ අතර අනෙක් දරුවන්ට වඩා වෙනස් දෙයක් කිරීමට සිතුවා.
ඒ එකපාරටම තමන්ගෙ ගමේ ඉන්න පොලිස් නිලධාරියෙක් දැකලායි. ඔහුට තමන්ට ඇයි පොලිස් නිලධාරියෙක් වෙන්නට බැරි කියලා හිතුණා.
ඔහු මේ ගැන ගම්වැසියන් කීප දෙනෙක්ට කිව්වා. මේ ආරංචිය ගමේ පැතිරෙද්දී හැමෝම ඔහුට සමච්චලයෙන් හිනා වෙන්න පටන් ගත්තා. එයාට ඒක කරන්න බෑ කියලා හැමෝම ඔහුට කිව්ව. දුටු තැන විහිලු කළා. ඒත් ඔහු බලාපොරොත්තු අත්හැරියේ නෑ. ඔහු පසුදා ගමෙන් පිටව තනිවම පිටත් වුණා.
වසර දහයකට පසු ඔහු නැවත සිය ගමට පැමිණියා. ඒ පොලිස් නිල ඇඳුම ඇඳගෙන, පොලිස් නිලධාරියෙකු ලෙසයි. ගම්වාසීන් සියල්ලෝම කම්පනයට පත් වුණා. පුදුම වුණා.
අපි තුළ සැඟවුණු බලාපොරොත්තු ලුහුබැඳයාමේ ශක්තියක් තිබෙනවා. අනාථ දරුවා පොලිස් නිලධාරියෙකු විය හැකි බව තදින් විශ්වාස කළ නිසා ඔහු ඉදිරියට ගියා. ඔහු තම ශක්තිය විශ්වාස කළා. ඔබට යම් සිහිනයක් සැබෑ කිරීමට අවශ්‍ය නම් ඔබ තුළ ඇති සිහින ලුහුබැඳ යාමේ ශක්තිය විශ්වාස කරන්න. නොබියව ඉදිරියට යන්න. ඉරණම ලබා දෙන දෙයට ඔබ කැමති නැත්නම් එරෙහිව නැගී සිට ඉදිරියට යන්න. ඔබේ සිහින අනිවාර්යයෙන් ම සැබෑ වන්නේ එවිටයි.