අඳුරු අතීතයක මතක සඟවන්න තමන්ව දන්න මිනිස්සුන්ව මරන – Leo

මේ දවස්වල හැමෝගෙම කතාබහට ලක්වෙච්ච දෙමළ චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔයාලත් එක්ක මේ Movie Review Article එකෙන් කතාකරන්න යන්නේ.

මේ අවුරුද්දෙ ලොකුවටම හිට් වෙච්ච දෙමල චිත්‍රපටයක් කියලත් මේ චිත්‍රපටය ගැන අපිට කියන්න පුලුවන්. ඉතින් අපි අද කතාකරන්න යන්නේ හැමෝම වගේ මේ දවස්වල කතාකරන Leo චිත්‍රපටය ගැන.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ සුපිරි දෙමල නලුවෙක් වන විජේ. ඉතින් ඒකම ඇති මේ දෙමල චිත්‍රපට ෆෑන්ස්ලට මේ ෆිල්ම් එක බලන්න. ඔයාලා උනත් දන්නවනේ විජේ, රජ්නිකාන්ත් වගේ දෙමල නලුවො රඟපාන චිත්‍රපටි මිනිස්සු මොන තරම් පිස්සුවකින් වගේ වැළඳගන්නවද කියල.

ඉතින් මේ Leo කියන චිත්‍රපටයත් ඔන්න නොවැම්බර් 28 වෙනිද ඉඳල ලෝකෙ පුරාම ඉන්න රසිකයන්ට බලාගන්න පුලුවන් විදියට නෙට්ෆ්ලික්ස් එකටත් එනව කියල තමයි ආරංචිය.

මිනිත්තු 164ක් සහ තප්පර 54 දිග මේ චිත්‍රපටය ඉන්දියාවෙ තියෙන අර චිත්‍රපට තිරගත කරන්න කලින් චෙක් කරන ආයතනය තියෙනවනේ. අන්න ඒකෙන් සුලු සුලු කප්පාදුවීම් වලට ලක්වුනාට මේ චිත්‍රපටයෙ ආතල් එකනම් එහෙමම රැඳිල තියෙන බව තමයි ආරංචි වෙන්නෙ.

අපි එහෙනම් බලමුකො මෙච්චර මිනිස්සු මේ පිස්සුවෙන් වගේ බලන මේ Leo චිත්‍රපටයෙ මොකද්ද ඇත්තටම වෙන්නෙ කියල.

චිත්‍රපටය ඇරඹෙන්නෙ හිමචල් ප්‍රදේශයේ දර්ශනයකින්. මේ හිමචක් ප්‍රදේශයේ ඉන්න සත්තුන්ව එක එක අතුරු ආන්තරාවලින් ගලවගන්න අතරෙම කෝපි කඩයක් කරන හාදයෙක්. මිනිහගෙ නම පාර්තිබන්. මේ පාර්තිබන්ගෙ චරිතෙ රඟපාන්නෙ දකුණු ඉන්දීය සුපිරි නලු විජේ.

මේ පාර්තිබන් එයාගේ ගමේ වගේම ඒ අවට ප්‍රදේශවල වීරයෙක් වෙනවා. ඒ ගමට එන හයිනා ඇටෑක් එකකින් ගමේ මිනිස්සුන්ව බේරගන්න හන්දා.

ඒත් ඇත්තටම පාර්තිබන්ව මිනිස්සුන්ගෙ ඇහැට හරියටම නිරාවරණය වෙන්නෙ එයාගේ කෝපි ෂොප් එකේ වෙන කිසිම අදාලත්වයක් නැති ඉන්සිඩන්ට් එකකින්. ඒ සිද්දිය නිසා පාර්තිබන්ට වගේම පාර්තිබන්ගෙ කෝපි ෂොප් එකටත් එයාගෙ ගමේ, අවට ප්‍රදේශ, රට වටේ වගේම මීඩියාවලත් ඇටෙන්ශන් එක ඕනවටත් වඩා ලැබෙනව කිව්වොතින් හරි.

ඇටෙන්ශන් එක හොඳයි කියල අපි හිතන් හිටියට ඉතින් හැම ඇටෙන්ශන් එකම හොඳයි කියන්න අපිට පුලුවන් කමක් නෑනෙ. ඉතින් පාර්තිබන්ට සහ එයාගේ කඩේට ලැබෙන මේ ඇටෙන්ශන් එකත් අන්න ඒ වගේ හොඳයි කියල කියන්න බැරි වර්ගයේ ඇටෙන්ශන් එකක්.

ආන් ඒ හේතුව එක්ක තමයි මේක අර සුපුරුදු මැර බලය, රණ්ඩු සරුවල් පිරිච්ච ක්‍රියාදාම දෙඅල චිත්‍රපටයක් බවට පත්වෙන්නේ. ඕඩියන්ස් එකට එහෙම විසිල් ගහල ෆිල්ම් එක බලන කික් එක වැඩි කරන්න පුලුවන් වෙන හේතුව පටන් ගන්නෙ මෙතනින්.

මේ පාර්තිබන් ව හොයාගෙන එනවා ඇන්තනි දාස් සහ හැරල්ඩ් දාස් කියන මැරයො දෙන්නා. ඒ දෙන්නට දැනගන්න උවමනා වෙනවා මේ පාර්තිබන් කියන්නේ Leo ද කියල.

ඒ Leo කියන්නෙ කවුද?

ඒක මම මෙතනදි හෙලිකරන්නෙ නෑ. ඒක දැනගන්න ඔයාලා චිත්‍රපටය බලන්න කියල තමයි මම රෙකමන්ඩ් කරන්නේ.

පාර්තිබන් ගෙ කෝපි ෂොප් එකේදි ඇත්තටම වෙන්නෙ මෙන්න මේකයි. ඇන්තනි සහ හැරල්ඩ් දාස් පාර්තිබන් ව හොයාගෙන එන සිදුවීම මෙන්න මේක.

දවසක් රෑක පාර්ති සහ චින්තු එයාලගෙ කඩෙ ඉද්දි කඩ කොල්ලකන කොල්ලකාරයෙන් වන ශන්මුගම් එනව මේ කඩේ කොල්ලකන්න. පාර්ති ට්‍රයි කරනව සල්ලි දීල මේ අයව ශේප් කරගන්න. ඒත් කල්ලියේ ඉන්න එක සාමාජිකයකෙ එහෙම නැත්තම් මැරයෙක් පාර්තිගෙ කඩේ වැඩකරන මනුස්සයෙක්ට ගහනව. දන්නවනෙ ඉතින් කොහොමත් ඔය මැරයන්ට වඩා සද්දයිනෙ මැරයො ලඟ වැඩ කරන අයගෙ.

ඒකනේ කියන්නෙ අය කටු කන බල්ලන්ගෙ තමා සද්දෙ වැඩි කියල.

ඉතින් පාර්තිගෙ යකා ඇවිස්සෙන්නෙ ඕන් ඔය හේතුව නිසා. ආයෙ නේද නෙලල අරිනව ඇරිල්ලන් මැරයන්ට නිකන් සින් සින් වෙන්න හිතාගන්න බැරිවෙනව උඹ ද මැරය? මම ද මැරය කියල.

දන්නවනෙ ඉතින් ආය අමුතුවෙන් මේ දෙමල චිත්‍රපට වල විශේෂයෙන්ම විජේ රඟපාන චිත්‍රපටයක ෆයිට් සීන් එක ගැන මම ආය අමුතුවෙන් කියන්න ඕන නෑ. ඩුෂුම් ඩුෂුම් සද්ද එක්ක, මිනිස්සු උඩින් යන්නෙ. උඩින්!

ඔය වලිය අතරවාරෙ ෂන්මුගම්ගෙ මනුස්සයෙන් චින්තුව මරන්න හදනවා. පාර්ති තුවක්කුව ගන්නව. සින් සින් ගාල වෙඩි තියෙනව.

ඒ උනාට… ඒ උනාට මොකක් හරි අපි නොදන්න හේතුවකට එයා එකපාර කඩන් වැටෙනව. එයා එයා විසින්ම ඔලුව ඇතුලෙ හදාගත්ත මොකක් හරි ප්‍රශ්නෙකින් බිඳෙනවා.

පොලිසිය එනව. පාර්තිව අත් අඩංගුවට ගන්නව. “මම වෙඩි තිබ්බෙ ආත්මාරක්ෂාවට” කියල කියන නිසා මිනිහ නිදහස් වෙනවා.

ඒත් බලන් ඉන්න අයට නම් එහෙම නිදහස් වෙන්න ලේසි වෙන් නෑ.

“ඇයි පාර්ති අර විදියට බ්‍රේක් උනේ කියන එක” ඔලුව ඇතුලෙ වැඩකරනවා.

පාර්තිගෙ මේ සීන් එක තමයි මම අර උඩින් කිව්ව වගේ මීඩියාවල වයිරල් යන්නෙ. ඕක දැකල තමයි ඇන්තනි සහ හැරල්ඩ් දාස් කියන තෙලන්ගානා හි කුප්‍රකට මැර කල්ලිකාරයා දැකල ඇන්තනි එක්ක තියෝග් වලට පාර්තිව සොයාගෙන එන්නේ.

ඒ පාර්ති කියන්නේ Leo මද කියල දැනගන්න බලාගෙන.

මේ චිත්‍රපටය පුරාම රැඳිල තියෙන කුතුහලය එක්ක ඔයාලා බලාපොරොත්තු නොවන අවසානයක් මේ චිත්‍රපටයෙ තියෙනවා.

ඇත්තටම දෙමල චිත්‍රපට සහ ෆයිට් මූවීස් බලන්න අකමැති කෙනෙක් උනත් බැලුවට වරදක් කියන්න බැරි විදියෙ හොඳ චිත්‍රපටයක් කියල  Leo ගැන කියන්න පුලුවන්.

ඉතින් අදම ළඟම තියෙන සිනමා ශාලාවට ගිහින් හරි එහෙම නැත්තම් Leo Netflix ආවම ඒ ඔස්සේ හරි බලල ඇත්තටම පාර්තිබන් කියන්නෙ Leo ද? Leo පාර්තිබන් වෙන්නෙ කොහොමද?

පාර්තිබන්, Leo සහ දාස් පවුල අතරෙ තියෙන සම්බන්ධෙ මොකද්ද කියන එක ගැන බලන්න.

හැබැයි චිත්‍රපටය බලපු නැති අය එක්ක ඒ ගැන වචනයක්වත් කියනවා නෙවෙයි ඕන්!

Related Articles

Don't Miss


Latest Articles