යාළුකමට එහා ගිය සිද් – කියාරා ආදර කතාව

Siddarath Malhotra කියනේ කාලයක් තිස්සෙ ඉඳල අපේ හිත්වල ජීවත් වෙන කුමාරයෙක්නේ. Student of the year චිත්‍රපටයෙන් බොලිවුඩයට අවතීර්ණ වෙච්ච Sid ට එදා ඉඳලම අපේ කෙල්ලො ඉතින් හරිම ආසයි. මතකනේ එයා වතාවක් ලංකාවටත් ආවා.

ඉතින් මේ ගෑණු ලමයින්ගෙ හිත්වල කුමාරයෙක් විදියට ජීවත් වෙන්න Sid එයාගෙ හිතේ ජීවත් වෙච්ච හීන කුමර්‍රි වුණ Kiara ව බැන්දා මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙහි. ඉතින් අපි නිතරම වගේ බොලිවුඩයේ තියෙන සුන්දර ප්‍රේම කතා ඔයාලා එක්ක බෙදාගන්න එකා අද හිතුව මේ Sid – Kiara ආදර කතාව ඇතිවෙච්ච විදිය ගැනත් ඔයාලා එක්ක බෙදාගන්න.

ඉතින් මේ ආදර කතාවත් ලස්සන හින්දි චිත්‍රපටයක් වගේම හරිම ලස්සන එකක්. කියවලම බලමුකො නේද කෙල්ලන්ගෙ හිත්වල සිහින කුමාරයා තමන්ගෙ සිහින කුමාරිව හොයාගත්තෙ කොහොමද කියල.

කටකතා පැතිරෙන්න ගත්තෙ කවද්ද?

අපි හැමෝම දන්නවනෙ Sid එක්ක ගොඩක් ඉන්දියානු තරුණ නිලියන්ගේ නම් ඈඳිලා එක එක විදියෙ කටකතා පැතිරිච්ච බව. ඕක පටන් ගත්තෙ ලස්සනම ලස්සන Alia Bhatt – Sid එක්ක යාලුයි කියන කතාවෙන්නේ. කොහොමහරි Sid- Kiara දෙන්නගෙ නම් ඈඳිලා කටකතාව පැතිරෙන්න ගත්තෙ ඒ දෙන්න එකට කරපු Shershaa චිත්‍රපටයේ රූගත කිරීම් එක්ක.

මාස ගණනාවක් පුරාවට දෙන්නව එක එක තැන්වලදි දකින්න ලැබිච්ච එක ගැන එක එක විදියෙ කටකතා අපිට අහන්න දකින්න උනානෙ. ඒ වගේම මේ දෙන්නව එකට දකින්න ලැබෙන එක මේ කටකතා ඕනවටත් වඩා ශක්තිමත් කරා කිව්වොතින් තවත් හරි.

අලුත් අවුරුදු නිවාඩුව

ඔය කටකතා වලට තව තව පිදුරු එක්කහු කරලා තමයි Sid සහ Kiara දෙන්නා 2019 අවුරුද්දෙ ඒ දෙන්නගෙ අලුත් අවුරුදු නිවාඩුව එකට ගත කරන්න කියල හිතාගෙන දකුණු අප්‍රිකාවට ගිහිල්ල තිබුනේ. ට්‍රිප් එක අතරවාරෙ නම් දෙන්න එකට ඉන්න පින්තූර කිසිම දෙයක් අපිට Social Media වල දකින්න ලැබුනෙ නැති උනාට, දෙන්න වෙන වෙනම දාපු පින්තූර වලින් මේ දෙන්නම ඉන්නෙ එකම තැනක එකට කියල තේරුම්ගන්න ඉතින් අපේ කට්ටියට බැරිකමක් තිබුණේ නෑ.

මේ දෙන්න මේ විදියට ඒ දෙන්නගෙ නිවාඩු ගොඩක් ඒව එකට ගත කරන බව පෙන්නුම් කරාට කිසිම වෙලාවක Sid වත් Kiara වත් ඒ දෙන්නගෙ සම්බන්ධෙ ගැන එලියට නම් මුකුත් කිව්වෙ නෑ.

Kiara ගෙ උපන්දින උත්සවේට ආව Sid

ඔන්න ඔය අතරවාරෙ තමයි Kiara ගේ උපන්දිනේ ආවෙ. ඉතින් ඒ උත්සවේ අතරවාරෙදිත් Sid ව දකින්න ලැබුණයි කියන කතාව ආයෙ අමුතු දෙයක් නෙවෙයිනෙ නේද?

ඉතින් මේ පින්තූරවල තිබුන විශේෂත්වය වුණේ Kiara ගෙ පවුලෙ අය, ළගම හිතවත්තු සහ යාලුවො එක්කම ඉන්න Sid ව දකින්න ලැබීම. ඉතින් ඔය වගේ දෙයක් දකින්න ලැබුනම ඔය පැතිරිල තිබිච්ච කට කතා ඇත්ත කියලම මිනිස්සු පිළිගන්නවනේ.

උපන්දින උත්සව විතරක් නෙවෙයි ඊට පස්සෙ ආව උත්සව සහ වැඩසටහන් කිහිපයකදිම මේ ජෝඩුව එකට දකින්න ලැබීමම “මේ දෙන්න යාලුයි” කියල ගොඩක් අයගෙ හිත්වල තිබුණ සැකය ඇත්තක් කරන්න හේතුවක් වුණා.

Kiara ගේ දෙමව්පියන්ව හමුවුණ Sid

මේ සිද්දිය නම් වුනේ දෙන්න යාලුයි කියල කටකතා පැතිරිලා අවුරුදු එකහමාරකට විතර පස්සෙ 2021 අවුරුද්දෙදි. ඒ මුම්බායි වලදි.Kiara – Siddarth ට තමන්ගෙ පවුලෙ අය එක්ක එකට භෝජන සංග්‍රහයක ගෙදරට එන්න කිව්ව බව තමයි ඒ කාලෙදි ආරංචි උනේ.

ඉතින් පවුලේ අයවත් හම්බුනාට පස්සෙ මේ දෙන්න පලවෙනි වතාවට තමන් ගැන මාධ්‍යයට කිව්වේ Koffee with Karan වැඩසටහනක් අතර තුරේදි.

“ඔව් ඇත්ත, අපි දෙන්න අතරෙ තියෙන්නෙ යාලුකමට එහා ගිය සම්බන්ධයක්” කියල Kiara තමන්ගෙ සහ Sid ගේ ආදරේ ගැන ව්‍යංගාර්තයෙන් කියද්දි Sid නම් කිව්වේ “මේ සම්බන්ධෙට ලස්සන අනාගතයක් තියෙන බව මට විශ්වාසයි” කියලා.

Sid සහ Kiara දෙන්න මුලින්ම මුණ ගැහුනෙ Shershaa කියන ඒ දෙන්නගෙ චිත්‍රපටයෙ රූගත කිරීම් අතරවාරයෙදි කියල අපි ගොඩක් අය හිතාගෙන ඉන්නවනෙ. හැබැයි Kiara නම් ඒ ගැන කියන්නෙ වෙනම දෙයක්.

“අපි දෙන්න මුලින්ම කතාකරන්න පටන් ගත්තෙ Lust stories wrap up party එකෙදි. මට ඒ රාත්‍රිය කවදාවත් අමතක වෙන්නෙ නෑ’

ඉතින් මේ විදියට ඇරඹිච්ච ආදර කතාව ඒ කතාවට තවත් සුන්දර ඇරඹුමක් දෙමින් 2023 අවුරුද්දෙ පෙබරවාරි මාසෙදි විවාහ උන බව අපි හැමෝම දැක්ක.ලස්සනම ලස්සන ලා රෝස පාට ලෙහෙන්ගා ඇඳුමකින් සැරසිච්ච Kiara ලස්සන නර්තනයක් එක්ක තමම්ගෙ සිහින කුමාරයා වුන Siddarth වෙත ඇවිදගෙන යන දර්ශන ඒ දවස්වල සමාජ මාධ්‍ය වල නිතරම දකින්න ලැබුණ බව ඔයාලා හැමෝටම මතක ඇති.

ඉතින් :හින්දි චිත්‍රපට වල වගේ ලස්සන ආදර කතා අපි හැමෝටම හම්බෙන්නෙ නෑ” කියල කතාවට කිව්වම මේ ආදර කතා කියෙව්වම නම් හිතෙන්නෙ ඒ වගේ කතාව හැබෑවටත් මේ ලෝකෙ සිද්ද වෙනවා කියල නේද?

Related Articles

Don't Miss


Latest Articles