Fahadh Faasilව තරුවක් කළ ආවේශය – Aavesham

ළඟඳි බලපු තවත් සුපිරියි කියන්න පුලුවන් විදියෙ චිත්‍රපටයක් ගැන තමයි මම අද කතා කරන්නෙ යන්නෙ. මේ චිත්‍රපටයේ නම Aavesham. 2024 අවුරුද්දෙ Release වෙච්ච ගොඩක් අය අතර කතාබහට ලක්වුන චිත්‍රපටයක් විදියට මේ Aavesham චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්.

ජිතූ මාධවන අධ්‍යක්ශනය කරපු මේ චිත්‍රපටයේ නමේ තේරුම වෙන්නෙ Excitement කියන එක.

චිත්‍රපටය ගැන

Fahadh Faasil and Friends සහ Anwar Rasheed Entertainments යන බැනර් යටතේ Nazriya Nazim සහ Anwar Rasheed විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ක්‍රියාදාම, ප්‍රහසන සහ මැර නාට්‍ය වලින් පිරුණු හැඟීම්වලින් පිරුණු චිත්‍රපටයක් කියල හඳුන්වන්න පුලුවන්.

Hipzster, Mithun Jai Shankar, Roshan Shanavas, සහ Sajin Gopu ඇතුළු සුපිරි නළු නිළි පිරිසක් සමග Fahadh Faasil ප්‍රධාන චරිතයට පණ පොවන “Aavesham”, රුපියල් කෝටි 30ක මුදලක් වැය කරල රුපියල් කෝටි 155කට වඩා වැඩි ආදායමක් උපයා ගනිමින් ඉක්මනින්ම බ්ලොක්බස්ටර් එකක් බවට පත් වුන චිත්‍රපටයක් විදියට හැමෝම කතා කරනවා.

Plot එක

කතාවෙන් කියවෙන්නේ කේරළයේ සිට බැංගලෝර් වෙත ගගන ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට යන මිතුරන් තිදෙනෙකු වන අජු, බීබී සහ ශාන්තන් ගැන. ඔවුන් BK නේවාසිකාගාරයේ රැඳී සිටීමට තෝරා ගන්නේ එය ඔවුන්ගේ විද්‍යාල නේවාසිකාගාරයට වඩා නිදහස් තැනක් හන්දා. මුලදි ආතල් එකේ හිටියට ආතක් කුඩු වෙන්නෙ මෙයාලා කුට්ටි කියන කෙනා එක්ක ඇරියස් එකක් දාගත්තයින් පස්සෙ.

ඔය කේස් එකට පළිගන්න හිතාගෙන කුට්ටි තමන්ගෙ මැරයො සෙට් එක ලව්වා මේ තුන් දෙනාට හොඳ සංග්‍රහයක් දෙනව. හැබැයි පස්සෙ කොහොමහරි ඔක්කොම දොස් නිවාරණයි කියල මේ සෙට් එක යාලු වෙනවා. ඒ උනාට අජු හිතන්නෙ මේක තමන්ට වෙච්ච ලැජ්ජාවක් කියල. ඉතින් මිනිහ මොකද කරන්නෙ කුට්ටිලට පාඩමක් උගන්නන්න කියල හිතාගෙන මැරයෙක්ව හොයනව කුට්ටිටයි එයාගෙ සෙට් එකටයි හොඳ සංග්‍රහයක් ලෑස්ති කරන්න හිතාගෙන.ඔතනදි සෙට් වෙනව සුපිරි ඩයල් එකක්.

මිනිහ අඳින්නෙ සුදු විතරයි. හැබැයි කලු පේන්නෙ පියාඹනකොට කියනව වගේ මිනිහ මලයාලි මැරයෙක්. නම රංගා.

දවසක් මේ සෙට් එක හොඳටම බීල රංගාගෙ වාහනෙන්ම හොස්ටල් එකට යනව. ඒ උනාට හොස්ටල් එකට එන්නා වෙලාවක් තියෙනව. පරක්කු වෙලා ආව හන්ද භාරගන්න බෑ කියල හොස්ටල් වෝඩ්න් කිව්වම රංගා මුන්ව රංගාගෙ ගෙදර එක්කරගෙන යනවා.

ආන් එතනදි මෙයාලා හොයාගන්න තිත්ත ඇත්තක් කියන්න පුලුවන් ජාතියේ රහසක්. (ඒක මම මෙතන කියන්නෙ නෑ. එහෙම කිව්වොත් වැඩක් නැනෙ. ෆිල්ම් එක බලන්න”

දවසක් බිබී රංගට කියනව කුට්ටි එක්ක තියෙන ඇරියස් එක ගැන. ඕකට රංගා කුට්ටිගෙන් ගේම ඉල්ලන්නෙ කොලේජ් එකේ හෝලි උත්සවේ තියෙන දවසෙ.ඔය කේස් එක කොලේජ් ඇඩ්මිනිස්ට්‍රේශන් එකෙන් දැනගත්තයින් පස්සෙ මෙයාලව පංති තහනමකට ලක් කරනව. හැබැයි ඕනම වරදක් හදාගන්න දෙවනි අවස්තාවක් තියෙන්න ඕනනෙ කියල හිතල මෙයාලට ආයෙ චාන්ස් එකක් දෙනව විභාග ටික කරගන්න.

කුට්ටිත් එක්ක ගහගෙන දිනපු ඒ පලවෙනි ඇටෑක් එකෙන් පස්සෙ රංගා එක්ක මෙයාල හොඳටම සෙට් වෙනව. හැබැයි ඒ ඇයි හොඳැයිය හන්ද මෙයාලගෙ ඉගෙනීමැ වැඩ වලට නම් කණකොකා අඬන්න පටන් ගන්නවා. රංගාව අතෑරල දාලා යන්න ඕන කියල අදහසකට ආවට මොකෝ මුන් තුන්දෙනාට එලොව පොල් පේන්නෙ gang එකේ දෙන්නෙක් අයින් වෙලා යන්න හදන හන්ද රංගා උන් දෙන්නව මරල දැම්ම කියල දැනගත්ත වෙලේ. දැන් වෙලා තියෙන්නෙ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ සීන් එකක්. ඉන්නත් බෑ යන්නත් බෑ.

වැඩේ දෙල් වෙන්නෙ රංගගෙ හිටපු බොස් මුන් තුන්දෙනාම කිඩ්නැප් කරායින් පස්සෙ. ඒ මනුස්සයගෙ නම රෙඩ්ඩි. රෙඩ්ඩි මුන් තුන්දෙනාගෙන් උදව්ව ඉල්ලනව රංගාගෙන් පලිගන්න රංගව මරල දාන්න.

තමන් මේ ඉගෙන ගන්න ආව තුන් දෙනෙක් මිසක්ක කුලියට මිනීමරන මැරයො නෙවෙයි කියල තේරුම් ගන්න අජූ, බීබී, ශාන්තන් කරන්නෙ මොකද්ද BK හොස්ටල් එක අතෑරල වෙන හොස්ටල් එකකට යනව.

හැබැයි රංගා ගෙන් නම් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.

අජු, බිබී සහ ශාන්තන් නොසැලකිලිමත් සිසුන්ගේ සිට ප්‍රචණ්ඩකාරී ලෝකයකට සම්බන්ධ පුද්ගලයින් දක්වා වෙනස් වන ආකාරය පෙන්නුම් කරමින් චරිත හොඳින් වර්ධනය කරන්න මේ චිත්‍රපටයේ අධ්‍යක්ශකතුමාට පුලුවන් වෙලා තියෙනව. හැබැයි කවුරු කොච්චර හොඳට රඟ පෑවත් හැමෝම මේ චිත්‍රපටයේ කතා කරපු චරිතය උනේ රංගා. රංගා ලෙස Fahadh Faasil ගේ චරිතය චමත්කාරය සහ තර්ජනය යන දෙකම පෙන්නුම් කරනවා.

ඉතින් නලුවෙක් උන Fahadh Faasil ව තරුවක් කල මේ චිත්‍රපටය ඇත්තටම නම වගේම හරිම Exciting කියල කියන්න පුලුවන්.

Film  එක Prime TV ඔස්සේ බලන්න පුලුවන්කම තියෙනව. Prime TV නැති කෙනෙක්ට නම් Download  කරල බලන්න පුලුවන්.

මම ඉතාම ආසාවෙන් බලපු වෙනස් විදියෙ චිත්‍රපටයක් තමයි Aavesham කියන්නෙ. ඉතින් ඔයාලත් ඉඩක් ලැබිච්ච ගමන් බලල ඔයාලගෙ අදහසුත් අපිට කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles