සමාජ මාධ්‍ය තුළ පුවත් මැවූ දීපිකාගේ pregnancy shoot එක…

හැමෝම ආදරය කරන බොලිවුඩයේ සුපිරි තරුවක් වන දීපිකා පදුකෝන් මේ වන විට සිය ජීවිතයේ නව අවධියක දිදුළමින් ඉන්න බව අපි කාටවත්ම රහසක් නෙවෙයි. ඇය සහ ඇගේ සැමියා වන රන්වීර් සිං ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් තමයි මේ දින ගෙවන්නේ.

 ඉතින් ඒ අතරවාරෙ පහුගිය සිකුරාදා උදෑසන දීපිකා එයාගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පලවෙනි වතාවට එයාගෙ ප්‍රෙග්නන්සි එක පේන විදියෙ ලස්සන ජායාරූප කිහිපයක්ම පල කරල තිබුණා. ඒ මේ ලඟඳි ගිය උත්සවයක ජායා රූගත කිරීමක නව ඡායාරූප බෙදාගෙන.

හරිම Vibrant කහම කහ පාට ලස්සන ගවුමක් ඇඳල තමන්ගෙ සුපුරුදු සුන්දර හිනාව විහිදුවගෙන උන්නු දීපීකාගෙන් හැමෝම දැකල තිබුණෙ කවදාවත් නොදැකපු පුදුම ලස්සනක්.

සමහරවිට ඒක වෙන්නැති Pregnancy Glow එකක් කියලා කියන්නෙ.

ජීවිතේ අලුත් පරිච්ඡේදයක්

2018 දී විවාහ ගිවිසගත් දීපිකා සහ රන්වීර්, පෙබරවාරි 29 වන දින Instagram සටහනක් සමඟින් ඔවුන්ගේ ජීවිතේ මේ අලුත් පිටුව ගැන හැමෝම එක්ක බෙදාගත්තා. ඔවුන්ගේ ජීවිතයේ උද්යෝගිමත් නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සැප්තැම්බර් මාසයේදී තම දරුවා ලැබීමට නියමිත බව ඔවුන් සතුටින් ප්‍රකාශ කර තිබුනෙ මුලු ලෝකයකම සතුට සහ සුබ පැතුම් මැද්දෙ. මෙම නිවේදනය රසිකයින්, මිතුරන් සහ පවුලේ අයගේ ආදරය සහ සුබපැතුම් රාශියක් එක්ක තව තවත් ලස්සන වුනා කියල කියන්නම ඕන.

DeepVeer ලස්සන ආදර කතාව

දීපිකා සහ රන්වීර්ගේ ආදර කතාව බොලිවුඩයේ ප්‍රියතම එකක්. ඔවුන් 2012 දී පෙම් සබඳතාවය ආරම්භ කළ අතර ඔවුන්ගේ සම්බන්ධතාවය ගොඩක් දුරට රහසිගතව තියාගත්ත කියන එක හැමෝම දන්න කාරණාවක්. 2015 දී, ඔවුන් රහසේ විවාහ ගිවිස ගත් අතර, ඔවුන් පසුව පසුගිය වසරේ කරන් ජොහාර්ගේ “Koffee With Karan” වැඩසටහනේදී තමයි එතෙක් ලෝකයක් නොදැකපු එයාලගෙ විවාහයේ වීඩියෝ පටය ලෝකයටම මුදා හැරියෙ. ඔවුන්ගේ ආදර කතාව 2018 දී ඉතාලියේ ලේක් කොමෝ හි සමීප මිතුරන් සහ පවුලේ අය සහභාගී වූ සුන්දර, සමීප විවාහ උත්සවයකින් තවත් ලස්සන වුණා.

දීපිකාගේ Pregnancy Glow එක

ඉතින් මේ පහුගිය දවසක Release කරපු කහ පාට ඇඳගෙන ඉන්න පින්තූර සමාජ මාධ්‍ය පුරාම දීපිකාගෙ Pregnancy Glow එක ගැන කතාබහකට ලක්වෙන්න තරම් සුන්දරයි. මෙම පින්තූර මවක් වීම පිළිබඳ ඇගේ ප්‍ර්‍රීතිය හා උද්යෝගය පිළිබිඹු කරන බව තමයි බොහෝ අය තමන්ගෙ මතය ඉදිරිපත් කරල තිබුණේ.

Work Life Balance එක

ඇගේ ගැබ්ගැනීම ගැන පුවත සමඟ පවා දීපිකා ඇගේ වැඩ සඳහා කැපවී ඉන්න බව තමයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නෙ. ඇය අවසන් වරට රඟපෑවේ රිතික් රෝෂන් සමඟින් ක්‍රියාදාම පිරුණු “ෆයිටර්” චිත්‍රපටයේ. ඇයගේ ඉදිරි ව්‍යාපෘති අතර ප්‍රභාස්, අමිතාබ් බච්චන් සහ කමල් හසන් සමඟ “කල්කි 2898” මෙන්ම “සිංහම් අගේන්” ද ඇතුළත් වෙනවා. ඇය අමිතාබ් බච්චන් සමඟින් “ද ඉන්ටර්න්” හි හින්දි ප්‍රතිනිර්මාණය සඳහා ද රංගනයෙන් දායක වෙන බවට ආරංචි තියෙනවා.

පසුගිය වසරේ දීපිකා ෂාරුක් ඛාන්ගේ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වන “ජවාන්” හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ අතර, ෂාරුක් ඛාන් සහ ජෝන් ඒබ්‍රහම් සමඟින් රංගනයෙන් දායක වූ අති සාර්ථක වූ “පතාන්” චිත්‍රපටයත් මෙතනදි මතක් නොකර ඉන්න බැහැ. ඇය මෙවර 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලට සහ BAFTA සම්මාන උළෙලටත් ඉදිරිපත් වුනා.

දීපිකා කියන Role Model

දීපිකා පදුකෝන් බොලිවුඩ් තරුවක් පමණක් නොවේ. ඇය බොහෝ දෙනෙකුට ආදර්ශයක්. ඒකට හේතුව ඇයගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කැපවීම සහ ජීවිතය පිළිබඳ ධනාත්මක දෘෂ්ටියක් පෙන්වීම නිසාම මිනිසුන් ඇයව Role Model කෙනෙක් ලෙසත් හඳුන්වනවා. ඇයගේ වෘත්තීය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ උස් පහත් තත්ත්‍වයන් පසුකර යන ඇයගේ ගමන සෑම කෙනෙකුටම වටිනා පාඩම් කියා දෙනවා.

දීපිකා ඇගේ ගැබ් ගැනීම ගැන නිවේදනය කිරීම බොහෝ දෙනෙකුට සුන්දර පණිවිඩයක් වුණා. ජීවිතය බොහෝ විට අනපේක්ෂිත පණිවිඩ අපේ ඉදිරියට අරගෙන එනවා. මෙම වෙනස්කම් වලට අප අනුගත වන ධනාත්මක විදිය අපේ ගමන නිර්වචනය කරනවා. දීපිකාට තමන්ගේ වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතය සමබරව කරගෙන යාමට ඇති හැකියාව ඇයගේ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ බොහෝ තරුණියක්ට හොඳ පාඩමක් බවයි මේ ගැන මේ මොහොතෙ කතා කරන බොලිවුඩ් සයිට්ස් නම් කියන්නෙ.

සිය වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතයේ අභියෝග පුරාවට දීපිකා සෑම විටම Positive විදියට ඉන්න කටයුතු කල බව අපි හැමෝම දන්නවා. Breakups වලදි වුන මානසික සෞඛ්‍යය අරගල, මානසික අවපීඩනය සහ කාංසාව වගේ දේවල් හංගගෙන ඉන්න තැනින් මිදිලා ඒ ගැන Openly කතා කරන්න තරම් දීපිකා හරිම ශක්තිවන්ත කාන්තාවක්.

 ඇයගේ අත්දැකීම් බෙදාගැනීමෙන්, උපකාර ලබා ගැනීමට සහ බලාපොරොත්තු තබා ගැනීමට ඇය අන් අයව දිරිමත් කරනවා. ඇයගේ ධනාත්මක බව සහ විවෘතභාවය ඇය බොහෝ දෙනෙකුට අපූරු පාඩමක් කියා දෙනව ජීවිතය ගැන.

ආදරය, කැපවීම සහ ධනාත්මක බවින් පිරිලා තියෙන දීපිකා සහ රන්වීර්ගෙ කතාව බොහොමයක් දෙනාට ආයෙම වරක් තමන්ගෙ ජීවිතය දිහා ධනාත්මකව බලන්න කියා දෙන සටහනක් වගේ. සතුටෙන් බැබළෙන දීපිකාගේ මෑත කාලීන ඡායාරූප, නව ආරම්භයන් ගෙන දෙන ප්‍රීතිය පිළිබඳ සුන්දර මතක් කිරීමක්.

ජීවිතයේ දී, අපි සියලු දෙනා විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. ධනාත්මක දෘෂ්ටියකින් මෙම වෙනස්කම් වැලඳ ගැනීම, ශක්තිමත්ව සිටීම සහ ආදරණීයයන්ගේ සහයෝගය අගය කිරීම ජීවිතය Negative තැනක ඉඳල Positive තැනකට ගෙන එන්න හේතුවෙන වෙනසක් බව දීපිකගෙ කතාවෙන් අපිට කියල දෙනවා.

 දීපිකාගේ ගමන අපට උගන්වන්නේ අප කොතැනක සිටියත් කුමන අන්දමේ ගැටලුවලට මුහුණ දුන්නත් බලාපොරොත්තුව, ඔරොත්තු දීමේ හැකියාව සහ කෘතවේදීත්වය පවත්වා ගැනීමෙන් අපට දීප්තිමත් හා ප්‍රීතිමත් අනාගතයක් කරා යන්න පුලුවන් බව.

ඒවගේම වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය සමතුලිත කිරීමට ඇයට ඇති හැකියාව, මානසික සෞඛ්‍යය පිළිබඳ ඇයගේ විවෘතභාවය සහ ඇගේ නොසැලෙන ධනාත්මක බව අපට ලොකු පාඩමක් කියා දෙනවා.

 ඉතින් ඇත්තටම බැලුවොත් දීපිකා තරුවක් වෙන්නෙ සිනමාවෙදි විතරක්ම නෙවෙයි ඇත්ත ජීවිතයෙත් ඇය තරුවක්.

ඉතින් අපි ඒ සුන්දර තාරකාවට සුබ පතමු – සැප්තැම්බර් මාසෙ දෙන්න තුන්දෙනා වෙන අලුත් ජීවිතේට සුබම සුබ පැතුම් දීපිකා!

Related Articles

Don't Miss


Latest Articles