මැයි මාසෙ Netflix වෙතින් ඉවත් වෙන Movies මොනවද?

හැමදාම ලිව්වෙ අලුතෙන් ආව ෆිල්ම් එකක් හරි, බලපු ෆිල්ම් එකක් ගැන හරි විස්තරනෙ. ඉතින් මම හිතුවා අද ලියනව කියල මේ 2024 මැයි මාසෙ Netflix වලින් ඉවත්වෙන ෆිල්ම්ස් කීපයක් ගැනම. ඉතින් ඔන්න වෙලාව තියෙනම් මේ ෆිල්ම්ස් බලන්න කියලත් ඔක්කොටම කලින් ඔයාලට මතක් කරනවා.

එළියට යන්න හිතාගෙන හිටියත්, වෙසක් බලන්න යන්න හිතාගෙන හිටියත් නිතරම කඩං වැටෙන ධාරාණිපාත වැස්ස නම් කියන්නෙ “ඔන්න ඔහේ කම්මැලිකමේ තව පොඩ්ඩක් ඇඳට වෙලා ඉමු” කියලනම් කම්මැලිකම නැති කරගන්නත් එක්ක ඇඳට වෙලා චිත්‍රපට ටික බලන්න ඔයාලට පුලුවන් කම තියෙනවා.

1.    Happy Gilmore

මේ Happy Gilmore කියන චිත්‍රපටයේ රඟපාන්නෙ Adam Sandler. මේ චිත්‍රපටයේ තියෙන්නෙ හොකී ක්‍රීඩකයෙක් ගැන කතාවක්.හැබැයි Fail වෙච්ච හොකී ක්‍රීඩකයෙක් ගැන කතාවක්. චිත්‍රපටය දිග හැරෙන්නෙ මේ ෆේල් වෙච්ච හොකී ක්‍රීඩකයා තමන්ගෙ Powerful Slap Shot එක පාවිච්චි කරල අර ෆේල් වුණ තැන ඉඳල දක්ෂ, ජනප්‍රිය හොකී ක්‍රීඩකයෙක් වුණ තැන වෙනකම් ආව ගමන ගැන කතාවක්.

මේක හරි සන්තෝසෙන් බලන්න පුලුවන් Feel Good Movie එකක් කියල කියන්නම ඕන.

2.    2012

ඔන්න කලින් මේක බලපු නැති කෙනෙක්ට මේ 2012 ෆිල්ම් එක බලන්න පුලුවන් හොඳම කාලෙ වෙනෙ 2024 මැයි මාසෙ.ඉතින් Netflix එකෙන් චිත්‍රපටය අයින් කරන්න කලින් මේක බලන්න කියල මතක් කරන්න කැමතියි.

2012 කියන්නෙ සෑහෙන කතාබහට ලක්වෙච්ච චිත්‍රපටයක්නෙ. 2012 තමයි ලෝක විනාසෙ සිද්ද වෙනවා කියල අපි හැමෝම බලාපොරොත්තුවෙන් හිඳපු අවූරුද්ද. ඉතින් මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙත් ගිනි කඳු පිපිරීම්, මුහුද ගොඩගැලීම්, පොලොව ගිලා බැහීම් එක්ක 2012 අවුරුද්දෙ ලෝකෙ විනාසෙ ගැන හරිම ත්‍රාසජනක කතාවක්.

3.    Boyz n the Hood

Boyz n the Hood කියන්නෙත් හරිම අපූරු චිත්‍රපටයක්. South central los angeles වල ජීවත්වෙන්න කොලේජ් යන තරුණ පහේ හාදයෙක්ගෙ කතාවක් තමයි මේ චිත්‍රපටයට අයිති වෙන්නෙ.

මේ ලමයා මත් ද්‍රව්‍ය, මත් කුඩු වගේ දේවල් වලට මුහුණ පාන එකෙන් එයාට ඇතිවෙන ප්‍රශ්න ගැන බොහොම අපූරුවට කතා කරන හරිම Powerful සහ Thought-provoking චිත්‍රපටයක් විදියට මේ Boyz n the hood චිත්‍රපටය නම් කරන්න පුලුවන්.

4.Burlesque

Burlesque කියන්නෙ Musical Drama එකක්. Christina Aguilera සහ Cher තමයි මේ චිත්‍රපටයේ රඟපාන්නෙ. Burlesque lounge එකේ perform කරන බලාපොරොත්තුවෙන්, ඒ ගැන හීන දාහක් පුරවගෙන ලොස් ඇන්ජලීස් වලට එන, ලෝවා කියන ප්‍රදේශයේ ජීවත්වෙන Ali කියන ගෑණු ළමයගෙ කතාව තමයි මේ චිත්‍රපටයෙන් අපිට කියන්නෙ. ඉතින් ලොස් ඇන්ජලීස් කියන්නෙ එහෙම ලේසියෙන් කෙනෙක්ට තැනක් හම්බුවෙන පැත්තක් නෙවෙයිනෙ. හරිම බිසී, හරිම තරගකාරී නගරයක්. ඉතින් චිත්‍රපටය බලලම දැනගන්න Aliට එයාගේ හීනෙ හැබැකරගන්න පුලුවන්කමක් ලැබෙනවද කියලා.

5.The great Gatsby

මේ චිත්‍රපටය නම් ඇත්තටම Must Watch Movie එකක් කියල කියන්නම ඕන.F. Scott Fitzgerald ගෙ නවකතාවක් පාදක කරගෙන හැදුව The Great Gatsby චිත්‍රපටයෙ රඟපාන්නෙ Leonardo De Caprio.

එයාගෙ මේ චිත්‍රපටයේ නම වෙන්නෙ Jay Gatsby. චිත්‍රපටය පුරාම තියෙන්නෙ මේ Jay Gatsby කියන හරිම ධනවත් මනුස්සයගෙ Tragic LOVE Story එකේ කතාව.

මම හිතන්නෙ Leonardo ට සෙට් වෙන්නෙම Tragic Love Story තියෙන කතාම තමයි.

6.Lakeview Terrace

Lakeview Terrace කියන්නෙ ඔන්න Thriller ෆිල්ම්ස් බලන්න ආස කෙනෙක්ට මේ දවස් වල බලන්න හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්.

Samuel L. Jackson තමයි මේ චිත්‍රපටයෙ රඟපාන්නෙ. මෙයා පොලිස් නිලධාරියෙක්. හැබැයි එච්චර හොඳ එක්කෙනෙක් නම් නෙවෙයි, තමන්ගෙ අසල්වාසීන්ට කරදර කරන මන නසරාණි එක්කෙනෙක්.

ඉතින් උඩින් කිව්ව චිත්‍රපට වලට වඩා මේක පොඩ්ඩක් Tensed and Thrilling කියන ශානරයට දාන්න පුලුවන් චිත්‍රපටයක් කියල කියන්නම ඕන.

7.You’ve Got Mail

වැස්සයි Romance කියන්නෙ හරිම ලස්සනට ගැලපෙන ජෝඩුවක්නෙ. ඉතින් ඔන්න මේ වැස්ස දවස්වල ඔයයි එයයි දෙන්නම ඉන්නෙ ගෙදර ඇතුලෙ හිරවෙලානම් මේ Classic Romance Story එක මග නොහැර බලන්න කියල මතක් කරන්න කැමතියි.

මේක Romantic Comedy චිත්‍රපටයක්. මේකෙ රඟපාන්නෙ Meg Ryan සහ Tom Hanks. මේ දෙන්න Business Rivals ලා.හැබැයි ඇත්ත ජීවිතේදි කොච්චර ප්‍රතිවාදි උනත් Online මේ දෙන්න එකිනෙකාට ආදරේ කරනව, අනිත් කෙනා ඇත්ත ජීවිතෙදි තමන්ගෙ ප්‍රතිවාදිය කියල දන්නෙවත් නැතුව.

ඉතින් ඔන්න මේ වගේ අපූරු චිත්‍රපට කීපයක්ම මේ මැයි මාසෙ 31 වෙනිද වෙද්දි Netflix වෙතින් අයින්වෙලා යනවා.

ඉතින් හයියෙන් වහින මේ වගේ වැස්ස කාලෙක, නිවාඩුවක් තියෙන වෙලාවක මග නොහැර මේ චිත්‍රපට බලන්න කියල මතක් කරන්න අපි කැමතියි!

Related Articles

Don't Miss


Latest Articles