Met Gala එකට ලස්සනටම ඇඳගෙන ආව කට්ටිය කවුද?

Met Gala එක කියන්නෙ හැම අවුරුද්දකම වගේ ලෝකෙම අවධානය දිනාගන්න උත්සවයක්නෙ. මෙතනදි ඒකට සහභාගිවෙන මිනිස්සුන්ටත් වඩා ලෝකයේ අවධානය දිනාගන්නෙ එයාල ඇඳගෙන එන ඇඳුම් පැලඳුම්. ඒව සමහර වෙලාවට ටිකක් විකාරයි වගේ තේරුණාට හරිම ලස්සනකුත් නැතුවම නෙවෙයි.

ඉතින් ඒ නිසාම අපි හිතුවා ඔන්න මේ අවුරුද්දෙ Met Gala එකට කට්ටිය ඇඳගෙන ආව අඳුම් අතරින් වඩාත්ම ලස්සනයි කියලා සමහරු කියල තිබුණ ඇඳුම් කීපයක් ඔයාලට අරගෙන එන්න.

බලන්නකො ඉතින් මේවයින් මොනවහරි එකක් තියෙනවද කියලා ඔයාලටත් ඔය වෙඩින් එහෙකට එහෙම ඇඳන් යන්න Inspire වෙන්න පුලුවන්.

Sleeping Beauties: Reawakening Fashion කියන Exhibition එක වෙනුවෙන් The Garden of Time කියන එක තමයි මේ අවුරුද්දෙ Met Gala එකේ Theme එක වෙලා තිබුණේ.

1 – Ariana Grande

ලෝකෙම ප්‍රසිද්ධ මේ ලස්සන කෙල්ල ඇඳගෙන ඇවිත් හිටියෙ සුදු පාට දිග ගවුමක්. ඒ ඇඳුමට Ariana දේවදූතිකාවක් වගේ තමයි පෙනුනෙ කියල ගොඩක් අය කියල තිබුනා. ඒ විතරක් නෙවෙයි ඒ ඇඳුමටම ගැලපෙන්න එයා දාලා ඉඳපු මේක් අප්, කොන්ඩ මෝස්තරේ වගේම එයාගෙ Facial Expressions තව ලස්සන වැඩි කරා කියලත් ගොඩක් අය අදහස් දක්වලා තිබුණා.

සමහරු ඒක විග්‍රහ කරල තිබුනෙ Perfect Fairytale Look එකක් කියලා.

2 – කැමිලා කැබෙලෝ

දෙවනියට ඔන්න මම කතාකරන්න තෝරගත්තෙ කැමිලා කැබෙලෝ ගැන. කැමිල ඇඳගෙන ඇඉත් තිබුනෙ එයාගෙ හමේ පාටට ගොඩක් ආසන්න හමටම ඇලුනා වගේ මහල තියෙන ටිකක් High Slit එකක් තියෙන ලස්සන ගවුමක්.

ඒ වගේම මේ ගවුමට ටිකක් දිග Train එකකුත් තියෙනවා.  ඒ ඇඳුම හන්දම ආයෙ අමුතුවෙන් මුකුත් කැමිලට ඕන උනේ නෑලු Met Gala එකේදි ගොඩක් අයගෙ ඇස් තමන් වෙත අද්දවගන්න කියලත් කට්ටිය කියනවා.

3- ඩෙමී ලොවාටෝ

තුන්වෙනි තැනට අපි අරගත්තෙ ඩෙමී ලොවාටෝව.

ඩෙමී ඇඳගෙන ඇවිත් හිටියෙ අර අපි නිතරම දකිනව වගේ ලොකු බෝල් රූම් ගවුමක්. දන්නවනෙ ඉතින් Princess Stories වල එයාලා අඳින්නෙම ඒ වගේ ඇඳුම් නෙ.

මේ ගවුමටත් දිග රැලි තියෙන Train එකක් තියෙනව. මේ ඇඳුම් රිදී පාට ඇඳුමක්.

4- ජිජී හැඩිඩ්

මෙයා ඉතින් කොහොමත් ලස්සනට අඳින පලඳින කෙනෙක්නෙ. මෙයා ඇඳල ඇවිල්ල හිටියෙ සුදු පාට හරිම අපූරු ගවුමක්. මට දැක්කම මතක් උනේ කහ පාට මල් අයිසින් කල සුදු පාට වෙඩින් කේක් එකක්. ඔයාලටත් එහෙමද පේන්නෙ බලන්නකො.

කොහොමහරි එයා ඇඳන් ඇවිත් හිටිය ඇඳුමත් මේ උත්සවයට බොහොම ලස්සනට ගැලපුන බව ගොඩක් අය කියල තිබුනා.

ඒ වගේම එයා කොන්ඩෙ හදල තිබුනෙ අතිශය ප්‍රසිද්ධ මැරලින් මොන්‍රෝ ස්ටයිල් එකට. එයාට Natural වගේම Princess Look එකක් එන්න ඒ හෙයා ස්ටයිල් එක වගේම ඇඳුමත් ලස්සනට සපෝට් කරල තිබුණා.

5 – ජෙනිෆර් ලෝපේස්

නම දැක්කම ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. කොච්චර වයසට ගියත් පුදුම ලස්සනට අඳින මනුස්සයෙක්නෙ ජෙනිෆර් කියන්නෙ. ඉතින් මේ 2024 Met Gala එක වෙනුවෙන් ජෙනිෆර් ඇඳන් ඇවිත් හිටියෙ හරිම ලස්සන ඇඟේ ශේප් එකටම හදපු මැදින් Slit එකක් තියෙන Winged look එකක් තියෙන ඇඳුමක්.

කොහොමත් ලස්සන JLO මේ ඇදුමෙන් හරිම ලස්සනට තමන්ගෙ ලස්සන තව වැඩි කරගෙන තිබුනා.

6- කෙන්ඩල් ජෙනර්

Kendell Jenner ලා කොහොමත් ඉතින් තමන්ගෙ ඇඳුම් පැලඳුම් නිසා කතා බහට ලක්වෙච්ච මිනිස්සුනෙ.

ඉතින් මේ Met Gala එක වෙනුවෙන් මෙයා ඇඳගෙන ආව ඇඳුමත් හැමෝගෙම කතාබහට ලක්වුණා.

වෙන Accessories මුකුත් නැතුව උනත් හැමෝම මැද්දෙ Pop out වෙන්න එයාගෙ ඒ ලස්සන කලු පාට ඇඟටම තියල මහපු ඇඳුම හේතුවක් වුනා.

Red Carpet එක සුන්දර කරන්න එයාගෙ Low Cut dress එක සුපිරි කියල ගොඩක් අය පිළිගත්තා.

7- ඩෝජා කැට්

ඩෝජ කැට් ඇඳගෙන ඇවිත් තිබුනෙ තෙමිච්ච රෙද්දක් වගේ ඇඳුමක් උනාට ඒක හරිම අපූරුයි කියල ගොඩක් අය කියල තිබුනා. ඒක Wet looking bed sheet dress එකක් කියල තමයි අන්තර්ජාලයේ නම් ලියවිල තියෙන්නෙ.

තමන්ගෙ තෙමිච්ච බව තව ඉස්මතු කරන්න ඩෝජා කැට් ඇස්වල ගාපු මස්කාරා තෙමිච්ච නිසා දියවෙල වැගිරුනා වගේ පේන මේකප් එකත් තමා දාලා තිබුණේ.

8- කිම් කාර්ඩේශියන්

කිම් කියන්නෙත් ජනප්‍රිය මනුස්සයෙක්. එක එක කාලවලට කරන එක එක විදියෙ ෆැශන් නිසා කතා බහට ලක්වෙච්ච කෙනෙක්. Met Gala එකට එයා ඇඳගෙන ඇවිත් උන්න ඇඳුම ලස්සන වගේ ඇස් ඇදගන්න ඇඳුමක් උනත් ගොඩක් අය නම් ඊට වඩා දෙයක් කිම් ගෙන් බලාපොරොත්තු උනාලු.

එයා ඇඳන් ආව Thematic floral gown එක දිලිහෙන එකක්. උඩ ඉඳල පල්ලෙහටම දිලිහෙන කුඩු වගේ දාලා තිබ්බ ඒ ඇඳුමෙ උඩ කෑල්ලට පොඩි ස්වෙටර් එකක් වගේ එකකුත් සෙට් වෙනවා.

9- ලානා ඩෙල් රේ

ලානා ඩෙල් රේ ඇඳන් ආව ඇඳුම හරිම වෙනස් අමුතුම ඇඳුමක්. හරියට අර නානියා චිත්‍රපටයෙ කැලෑවෙ වගේ පෙනුමක් එන ඇඳුමක් තමා එයා ඇඳන් ආවෙ. ඒ ඇඳුම ලානාව ඔලුවෙ ඉඳලම වහගෙන උන්න ඇඳුමක් කියන්න ඕන.

එයාගෙ Brand Embroidered ඇඳුමෙ ඔලුවට උඩින් ටිකක් උසට විහිදෙන අතු විහිදිච්ච ලස්සන ඇඳුමක්.

10 – නිකි මිනාජ්

නිකි මිනාජ් ඇඳගෙන හිටියෙත් හරිම කලර්ෆුල් ඇඳුමක්. මට එයාගෙ ඇඳුම දැක්කම මතක් වුනේ Bridgerton එකේ Penelope ව. එයත් අඳින්නෙ ඔය වගේ කහ පාට වර්ණවත් ඒවනෙ.

මෙයා සම්පූර්නයෙන්ම Theme එකට ගැලපෙන ඒව තමයි ඇඳල තියෙන්නෙ කියල ගොඩක් අය කමෙන්ට් කරල තිබුනා.

ලස්සන කහ පාට කොට ගවුම පුරාවටම තැනින් තැනින් විහිදිච්ච මල් අතු තිබ්බ ඒ ගවුමත් හරිම ලස්සන එකක්.

ඉතින් ඔයාලා මේ ඇඳුම් අතරින් වඩාත්ම ආස ඇඳුම මොකද්ද කියල කමෙන්ට් එකක් දාගෙන යන්න!

Related Articles

Don't Miss


Latest Articles