නුඹ තරම් ප්‍රේමයක් – 13

දහතුන් වන නෙත් සේයාව

අයත්මා අවිශ්ක සමඟ සාමාන්‍ය ලෙසින් කතා බහ කරමින් උන්නද ඇය උන්නේ සාමාන්‍ය ලෙසින් නොවේය.  හිතෙහි කලබල බෙදාගන්නට  විශ්වාසවන්තයැයි කියන කිසිවෙකු නැති වග ඇය තීරණය කලේ මින් පෙර  එවන් විශ්වාසකිරිම් නිසා සිදුව තිබූ සිත් තැවුල් පිළිබඳවද කල්පනාවට ගනිමිනි. 

සතිඅන්තයේ අවිශ්ක කැටුව ඕ මනෝ උපදේශකවරියක මුණ ගැසීම සඳහා යන්නට තීරණය කලේ ඒ නිසාය. හම්බන්තොට පෞද්ගලික රෝහලක උපදේශකවරිය පැමිනෙන තෙක් හිඳගෙන සිටියදී අයත්මා චත්‍රගේ නොහික්මුන හැසිරීමක් ම පිළිබඳව උපදේශකවරියට පවසන ආකාරය පිලිබඳව සිතමින් අරගල කලාය.  

අවසානයේ නම්, ගම් කිසිවක් නොමැතිව කතාව පවසා යම් අස්වැසිල්ලක් සොයාගන්නට ඕ තීරණය කලාය. ඇය අවිශ්කට කීවේ, නිතරම  යම් මානසික අස්ථාවර බවක් දැනෙන සිදුවීම් වලට මුහූන දෙන නිසා මනෝ උපදේශකවරියක මුණ ගැසීම සති කිහිපයක් තිස්සේ   කල යුතුය කියාය.

 අයත්මාගේ කතාව ඉතා සාවධානව අසා උන් උපදේශකවරිය ඇගේ විශ්වාසය රකින බවට යළි ඇයට පොරොන්දු වුවාය. ඒ, අයියාට නම් මේ ගැන මුකුත් කියන්න එපා මිස් යැයි ඕ නිතර දෙවෙලේම කී නිසාය.

” මෙහෙමයි අයත්මා .. මට ඔයා මුහුණ දුන්න තත්වේ වගේම, ඔයා ඒ තත්වෙන් පස්සේ හැසිරිලා තියෙන විදියත් තේරෙනවා … ඒත්, ඔයා මේ විදියට ඔයාට ඉන්න එකම ගාර්ඩියන්ගෙන් ඇත්ත තත්වේ හංගන එක ඔයාගේ ජීවිතේට ත්‍රෙට් එකක් නෙවෙයිද?….”

අයත්මා උපදේශකවරිය දෙස ඍ ජුවම බලා උන්නාය.

” ආයේ එයා එන්නේ නෑ කියලා විශ්වාසයි … එයා බය වුනා.. එයා මාව ඇඩ්මිට් කලා ….”

උපදේශකවරිය හිස සැලුවාය.

” ඒ කොහොම වුනත්, ඔයා ඔයා ගැන පරෙස්සම් වෙන්න ඕනි …”

ඕ හිස සැලුවාය.

” හරි … මෙහෙමයි අයත්මා .. ඔයාට ෆේස් කරන්න වෙලා තියෙන දේ ලේසි නෑ.. එතනදී  බලහත්කාරෙන් ඉන්ටර්කෝස් එකක් නොවුනා කියලා, ඔයාට අතවරයක් වුනාය කියන හැඟීමෙන් මිදෙන එක ඔයාට අමාරුයි..මොකද ඒ ටච් එක පවා ඔයාට කරදරයක් …. … ඔයා කිව්ව දේවල් වලින්මට පැහැදිලි එහෙම…”

අයත්මා හිස සැළුවාය. හැඬුවාය

” ඔයා මේක අමතක කරන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ ඒක ආයේ ආයෙම මතක් වෙන එක දරුවෝ … ඒ නිසා ඒක අමතක කරන්වම කියලා හිතන්න එපා… ඔය කියන අයියාගේ යාලුවා ආයේ ආයේ ඔයාට මුන ගැහෙද්දී පවා ඒ මිනිහාව නොතකා ඉන්න තරමට ඔයා ධෛර්‍යමත් වෙන්න ඕනි දැන් .. “

අයත්මා හිස සැලුවාය.

“ඔයා ටීචර් කෙනෙක් වීම මෙතනදී ප්ලස් පොයින්ට් එකක්.. ඔයාට බිසි වෙන්න හේතු හොයාගන්න පුලුවන් ජොබ් එකෙන්ම …. “

ඇය දිගින් දිගටම අයත්මා හා  දොඬමළු වූවාය. අයත්මාද ඇයට කල හැකි දෑ  පිළිබඳව ඇය හා කීවාය.

“එයාට දෙන්න පුලුවන් ලොකුම පනිශ්මන්ට් එක ඔයා දැන් දීලා තියෙන්නේ…  ඔයාගේ අයියාගේ යාලුවෙක් වෙලත්, ඔයාට ආදරේ කරන බව කියලත්, එයා ඔයාට කරන්න ගිය දේ ගැන දැනෙන පසුතැවීමෙන් එයාට මැරෙන මොහොත වෙනකල් මිදෙන්න වෙන්නේ නෑ…”

අයත්මා අයියා සමඟ නිවෙසට පැමිණියේ  යම් සැහැල්ලුවකිනි. හැකි තරම් වෙහෙසී දරුවන් වෙනුවෙන් වන වැඩ කටයුතු කරමියි ඕ ඉටා ගත්තාය.  කලණ සර්ගේ ඇසුරේ යම් අස්වැසුමක් ලැබෙන බව සිහිවෙත්ම ඇයට දේදුණු මන්දහාස  නැඟුණි.

චත්‍ර පේරාදෙණියෙන් බැස ගත්තේය. ටිකට් පතක් ගෙන පේරාදෙණිය උද්භිද උද්‍යානය තුලට ඇතුලු වූයේය. සිසිල් බීම බෝතලයක් ගෙන එය බෑගයේ පිටත පොකට්ටුවේ ඔබා ගත්තේය. කිසිවෙකු නොවූ කුඩා මාවතක ගසක් යට හිඳ ගත්තේය.

දැන් අයත්මා නිවෙසට කැටුව ඇවිත් විය යුතුයැයි සිතුවාය.  ඇය ගැන විමසන්නට අවැසි නැතැයි වන හැඟීම පරයාගෙන එක් තුමක් හෝ අවිශ්කට දී ඇයගේ සුවදුක් විමසන්නයැයි  සිතෙහි වන පෙළඹීම චත්‍ර නවතා ගත්තේ ආයාසයෙනි. අවසානයේ ඔහු ජංගම දුරකතනය නිවා දැමුවේය.

අයත්මා දැන් තමා පිළිබඳව සිතන්නේ කෙලෙසදැයි ඔහු දනී. සල්ලාල දේශපාලන අවතාරයක් ලෙස ඇය තමා තව තවත් ප්‍රතික්ශේප කරනු ඇත.

” සිරාවටම ඔයා හරියන්නේ පොලිටික්ස් වලට අනේ …. ඔයාලගේ තාත්තා වගේ හොඳ පොලිටීශියන් කෙනෙක් වෙන්න ….”

ඇයට සිතින් පෙම් බඳිමින් උන් පාසැල් කාලයේ, වේදිකා නාට්‍යක කල රංගනයකට පසුව ඕ එලෙස කිව්  අයුරු චත්‍ර ඉතා පැහැදිළී සිතුවම් පටයක් සේ සිහිපත් කලේය.  ඉන් නොනැවතී වඩා යහපත්  දේශයක් වෙනුවෙන් ලංකාවේ දේශපාලනයට පිවිසෙන මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතු  ආකාරය ගැනද පැවසූ අයුරු චත්‍රට අමතක නැත.

ඇයගේ වචන තම ගමනට කෙතරමක පිටිවහලක් වූවාදැයි චත්‍රට පැහැදිලි අදහසක් නැත. එහෙත්,  පෙරලා ලංකාවට පැමිණීමෙන් පසු අප්පච්චී විසින් දේශපාලනට පිවිසීම වෙනුවෙන්  තමා හා කල කතා බහ පුරාවටම අයත්මාගේ වචන සිහි වූ වග නම් චත්‍රට මතකය.

එහෙම කිව් ඇ ” අපෝ පොලිටික්ස් කරන කෙනෙක්ට නම් කීයටවත් ආදරේ කරන්නේ නෑ ..” ලෙස කියමින් තම මිතුරෙකු ඉදිරියේ තමා ප්‍රතික්ශේප කල බව ඇසීමෙන් පසු දැණුන කෝපයද චත්‍රට මතකය.

එහෙත් දැන් ඒ කිසිවකින් පලක් නැත. අප්පච්චී සහ ලොකු අප්පච්චී මෙන් ජනතාවාදී දේශපාලනක නියැලෙන්නට තවම තමා ප්‍රමාද නැත. එහෙත් ඉන් අයත්මාගේ සිත වෙනස් වන්නේ නැත. ඇයට තමා දුදන, සල්ලාල මිනිසෙකි.

” යූ නෝ  වට් ?  .. යූ ආර් අ බ්ලඩි රේපිස්ට් ..”

අයත්මා වියරුවෙන් එලෙස පවසන  දසුනක් එක්වරම චත්‍රගේ හිතට නැඟුනේය. පහසු නැත. ලෝකයෙන්ම වහන් වීම පහසු වුවද, ඇය තමා  හඹා ඒමෙන් තමාට ගැලවීමක් නැති වග චත්‍ර තිර කර ගත්තේය.   ශීත ගතිය නැති වෙමින් තිබූ බීම බෝතලයෙන් අඩක් පමණම එක හුස්මෙන් නිම කලේය.

චත්‍ර පිටතට පැමිණියේ සවස් වීගෙන එද්දීය.  ඔහු ත්‍රී රෝද රථයකට නැඟී ගමනාන්තයට ලං වූයේය.

” අපේ හාමුදුරුවෝ අද වැඩියෙත් නෑ මහත්තයා … හෙට අනිද්දා අනිවාර්‍යෙන්ම වඩීවි …”

චත්‍ර සම්බන්ධ කරගෙන උන් පොඩි හාමුදුරුවන්ගේ පණිවිඩය ලැබෙන පුද්ගලයා  චත්‍රව පිලිගත්තේය. ඔහුට නවාතැන් සපයා ගන්නටද උදව් කලේය.

චත්‍ර පොඩි හාමුදුරුවන් මුණ ගැසෙන්නට එන්නේ වසරකටත් වඩා කාලයකට පසුවය. මින් පෙර උන්වහන්සේ මුන ගැසුණ හැම අවස්තාවකම වූයේ අරමුණක් නැති කමක් පමනි. එහෙත් අද චත්‍රට කතාවක් ඇත.

දින දෙකකට පසු චත්‍ර පොඩි හාමුදුරුවන් මුන ගැසුනේය.

” මල්ලි දවසක් දෙකක් ඉන්න බලාගෙනද?..”

චත්‍ර හිස සැලුවේය. ඔහුටද කැලෑබඳව සැකසුණ ආරණ්‍ය කුටියක් ලැබුණි. චත්‍ර ගලා යන ජලයට බැස සිත් සේ නා ගත්තේය. ආහාර සකසන ස්තානයට ගොස් ආහාර ගත්තේය. පොඩි හාමුදුරුවන්ගේ දින චර්‍යාවට බාධා නොවන සේ උන්වහන්සේ පැමිනෙණ තෙක් ඉවසමින් උන්නේය.

එහෙත් උන් වහන්සේ හා කතා බස් කරන්නට ලැබුණ අවස්ථාවෙන් පසු චත්‍ර නැවතුනේ නැත. අයත්මා හා බැඳි සියලු කතන්දරද අසා සිටින්නට පොඩි හාමුදුරුවන්ට සිදු විය.

” මං මොකද්ද කරන්නේ පොඩි හාමුදුරුවෝ ?….”

චත්‍ර උන්නේ කලු ගල් පොත්තක් මත හිඳගෙනය.

” ඔක්කොටම කලින් ඔය කලබලේ නැති කරගන්න … මෙතන ඉන්නේ මල්ලියි, මමයි.. මට මල්ලි කියන කතාව අහගෙන ඉන්න ඔනෑ තරම් වෙලාව තියෙනවා …   ඒ නිසා ඔහොම කලබලේ කියන්න ඕනා නෑ ..”

චත්‍ර ගල් පොත්ත වටා  වූ පඳුරකින් මලක් කඩා ගත්තේය.

” මල්ලී … දැන් වුන කිසිම දෙයක් නිවැරදි කරන්න බෑ…. ඒත් ඉස්සරහට වෙන දේවල් ගැන කටයුතු කරන්න පුලුවන් … මොනයම්ම හෝ හේතුවක් නිසා ඒ ගෑණූ ළමයා එයාගේ අයියාට බොරුවක් කියලා ඔයාව මේ කරදරෙන් ගැලෙව්වා… 

ඒ වගේම ඔයා එවෙලේ කියන්න ගිය එක වැරදියට වටහාගෙන බාප්පලා මෙවෙලේ ඔයාව සෑහෙන්න නරකකින් හිතාගෙනත් ඉන්නවා… මේ සිද්දි දෙකම ඇතුලේ මල්ලිට විඳවන්න කාරණා එමට …… ඒ කොහොම වුනත්, ඉස්සෙල්ලාම මල්ලී හිත හදාගන්න ඕනි ඒ ගෑණු  ළමයා ට යන්න දෙන්න …”

චත්‍ර දෑස් වසා ගත්තේය. එය එසේ කල යුතු බව නොදැන උන්නා නොවේය. එහෙත් ………………..,

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles