Mia le Roux ඔබට එතරම් හුරු නමක් නෙවෙයි කියලා අපි දන්නවා. ඒත් අද මේ ලිපිය කියෙව්වාට පස්සේ නම් ඔබට ඇගේ නම කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.
Mia le Roux කියන්නේ දකුණු අප්‍රිකාණු රූප රැජිණියක් විදියට කිරුල හිමිකරගත්තු පලමු බිහිරි කාන්තාව. සාමාන්යෙන් කන් ඇහෙන්නේ නැති වුනාම, ඇස් පේන්නේ නැති වුනාම, කතා කරන්න ඹැරි වුනාම මුලුගැන්විලා පසෙකට වෙන බොහෝ දෙනෙකුට මේ Mia le Roux දෙන්නේ සුලු පටු ආදර්ශයක් සහ ශක්තිමත් බවක් නම් නෙවෙයි. තමන්ගේ දුර්වලතා පසෙකට දාලා ණැගී සිටීම කියන කාරණාවට අමතරව මේ යුවතිය ලෝකයේ සුන්දරම යුවතියන් එක්ක හරි හරියට ගැටෙමින් තම රටේ අභිමානය පෙන්වන්න තරම් අභීත වෙනවා. ඒ වගේම මේ නිර්භීත යුවතිය ඉතාමත් මතබේදයට තුඩු දෙන සිදුවීම් සියල්ලක්ම පසු කරමින් තමන්ගේ ඉලක්කය දක්වා ගිය ගමනත් ඔබ අනිවාර්යෙන්ම දැනගන්නට ඕනෑමයි.
කිරුළ දිනුවට පස්සේ Mia le Roux ඇගේ පලමු කතාවේදීම හරිම ලස්සන ප්‍රකාශයක් කරනවා.
“මේක මගේ හීනයක් වුනේ මට මේ හීනය වෙනුවෙන් යන පාරවත් පැහැදිලිව නැති කාලෙක. ඒත් මම ඒ හීනය වෙනුවෙන් මහන්සි වුනා. හැබැයි මම සහ මගේ සමීපතමයන් කිහිප දෙනෙක් ඇරෙන්න මේ හීනය විශ්වාස කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුනේ නැහැ. මගේ දෙමාපියන් සහ වසර තුනක් තිස්සේ මාව දරාගෙන ඉන්න මගේ ප්‍රේමවන්තයා Luke Tenoeverව මම ආදරයෙන් සිහිපත් කරනවා. මටත් වඩා ඔහුට තමයි විශ්වාසය තිබුනේ මට මෙය කල හැකි බව. ආදරණීය සහකරුවෙක්ගෙන් ජීවිතයට කොයි තරමේ එලියක් එකතු වෙනවාද කියලා Luke මට කියලා දුන්නා. ඔහු ඉතා වෙහෙසී වැඩ කරන සාමන්‍ය රාමුවෙන් පිටත දේවල් කරනන් කැමති ආදරණීය මිනිසෙක්…
කොහොම වුනත්, මේ ජයග්‍රහණය වඩා වැදගත් වෙන්නේ, සමාජයට බයෙන් තමන්ගේ හීන අවතක්සේරු කරගෙන ඉන්න හැමෝටම.. තමන්ගේ හීන විශ්වාස කරාම අනිවාර්යෙන්ම ඒ හීන දිනාගන්න පුලුවන්. සමාජය කියන්නේ මොකක්ද කියලා කොහෙත්තම වැදගත් නැහැ. අවශ්‍ය වෙන්නේ තමන්ට තමන්ව කොයි තරම් විශ්වාසද කියන එක .. මම පිළිගන්නවා මම බිහිරි කාන්තාවක්.. ඒත් මම අභිමානනීය දකුණු අප්‍රිකානු බිහිරි කාන්තාවක් …. මාව මේ ග්‍රහලෝකයට බිහි වුනේ ඇයිදැයි කියා මම කලකිරීමෙන් සිතූ වාර බොහෝම තිබුනා.. ඒත් මම දැන් දන්නවා, මාව මේ ග්‍රහලෝකයට බිහි වුනේ සීමා මායිම් බිඳගෙන ඉදිරියට යන පාර පෙන්වන්න බව….”
” මගේ ආදරණීය මියා, මම ඔබ ගැන ඔබට විශ්වාස කරන්න බැරි තරමට ආඩම්බර වෙනවා. කිසිම සැකයකින් තොරව, මා මෙතෙක් දැන සිටි ශක්තිමත්ම පුද්ගලයා ඔයා. දකුණු අප්‍රිකාවේ රූ රැජින ජයග්‍රහණය කිරීම පටන් ගැනීමක්ම විතරයි, අදින් පස්සේ මීට පෙර කවදාවත් නොහිතපු හීන හබාගෙන ඔයාට පුලුවන් වෙනවාමයි කියලා මම දනන්වා.ඔයාගේ ශක්තිය සහ අධිෂ්ඨානය හැම දවසකම මාව විශ්මයට පත් කරනවා. ඔයා ඉස්සරහට මේ හීන දිනන විදිය බලාගෙන ඉන්න එක තරම් තවත් ප්‍රහර්ෂණීය හැඟීමක් මට නැහැ…”
සුන්දර Mia le Roux දකුණු අප්‍රිකානු රූප රාජිණිය විදියට කිරුළු පැළැන්දාට පස්සේ ඇගේ ආදරණීය ප්‍රේමවන්තයා ඔහුගේ ඉන්ස්ට්ග්‍රෑම් ගිණුමේ එහෙම පල කරනවා.
Mia le Roux ට කුඩා කාලයේ පටන්ම ජීවිතය පහසු වුනේ නැහැ. කන් ඇහෙන්නේ නැති වීම තුල ඇගේ අධ්‍යාපන කටයුතු පවා බාධාවන්ට මුහුණ දෙන්න ඇයට සිදු වෙනවා. සම වයසේ අනෙක් සිසුන් එක්ක හරි හරියට වැඩ කරන්න ඇයට බාධාවක් වෙනවා. ඒත් මේ නිර්භීත කෙල්ල ඒ කිසිම දේකින් අධෛර්යමක් වෙන්නේ නැහැ. ඇයව අත් නොහැරපු සුන්දර පවුලක ආදරය සහ කරුණාවන්ත වටහා ගැනීම් එක්ක ඇය ඇගේ කුඩා කාලය ගෙවා දමනවා. ඉදිරියටම ගමන් කරනවා.
මේ වෙද්දී Mia le Roux වෘත්තියෙන් අලෙවි විධායකවරියක්. දකුණු අප්‍රිකානු රූ රැජිණ කිරුල දිනුවාට පස්සේ ඇය නිරූපිකාවක් විදියටත් ඇගේ ජීවිතයේ ඉදිරියට යමින් සිටිනවා. ඒ වගේම ඉදිරි කාලයේ ඇය ඇයට අවශ්‍ය සියලුම හීන දිනා ගනීව්.
ඇය දකුණු අප්‍රිකානු රූ රැජිණ බවට කිරුළැ පැළැඳපු රාත්‍රියත් ඇයට අමුතුම අභියෝගයක් වෙලා තිබුනා. අවසාන ජයග්‍රාහිකාව වන තෙක් එක් එක් තරඟකාරියන් ඉවත් වෙද්දී ඇය තමා තවම තරඟයේ ඉතිරි වන වග තේරුම් ගත්තේ අනෙක් තරඟකාරියන් වේදිකාවෙන් සමුගන්නා ආකාරය දැකීමෙන්. ඒ විතරක් නෙවෙයි අවසාන තරඟකාරියන් දෙදෙනා අතරින් ජයග්‍රාහිකාව නිවේදනය කරන වෙලාවේ, ඇය තමා ජයග්‍රාහිකාව වග වටහා ගන්නේත් අනෙක් තරඟකාරියගේ ඉරියව් දිහා බලාගෙන ඉඳලා. ඇයව වැලඳගන්න අනෙක් තරඟකාරිය සතුටු කඳුළු වගුරමින් ඇයගේ ජයග්‍රහනය වෙනුවෙන් සුභ පැතුම් එක් කරන්නේ ප්රේක්ෂකාගාරයත් අමන්දානන්දයකට පත් කරමින්. දකුණු අප්‍රිකානු රූ රැජිණ තරඟාවලි ඉතිහාසයේ පලමු වතාවට දෙසවන් ඇසෙන්නේ නැති යුවතියක් කිරුල දිනාගන්නේ මුලු ලෝකයේම මිනිසුන්ට ජීඉව්ත ගැන අලුත් බලාපොරොත්තුවක් දීලා.
කොහොම වුනත්, Mia le Roux ගේ මේ ජයග්‍රහණය අපිට දෙන්නේත් බොහොම වැදගත් ආදර්ශයක්. ජීවිතේ දරාගන්න බැරි තරමේ අඩුවක් තියෙද්දීත්, ඒ වෙනුවෙන් දුක් වෙලා පහු බහින එක වෙනුවට හීන පස්ස්සේ එලවගෙන යන එකට ඇය හොඳම උදාහරනයක්. සමහර කුඩා කුඩා කඩාගෙන වැටීම් වලට පස්සේ ජීවිතේම අත් හරින්න කලින් අපිට මේ නිර්භය, අධිෂ්ඨානශීලි කෙල්ලගේ ජීවිත කතාව එකම එක වතාවක් කියවලා , අහලා බලන්න පුලුවන් වුනොත් ජීඉව්තේට අලුත්ම හුස්මක් වැටෙන බව දැනේවි. එහෙම නම්, අද ඉඳන් මේ අවුරුද්ද ඉවර වෙන්න තියෙන දින සීයයකට මදක් වැඩි දවස් ගාන ඔබේ ජීවිතයේ වටිනා වෙනස්කමක් වෙනුවෙන් ආයෝජනය කරගන්න තරමේ හයියක් දැනෙනවා නේද ?… පටන් ගන්න… ජීව්තේ ඔයාගෙ නම්, හීන පස්සෙන් එලවගේන යන්න ඕනිත් ඔයාම තමයි.
අපේක්ෂා ගුණරත්න