ගෝවා වලින් රසවත් රෝල් එකක් හදමු

විටමින් C, ෆයිබර් සහ විටමින් K වලින් පරිපූර්ණ ගෝවා රතු, සුදු සහ කහ පැහැයෙන් අද අපිට වෙළඳපොලේ දැකගන්න පුළුවන්. 

මීට අමතරව ෆෝලේට්, මැංගනීස්, කැල්සියම් වගේ තවත් විටමින් සහ ඛනිජ ලවණ බොහෝ ගණනක් අඩංගු ගෝවා හදවත නීරෝගීව තබන්න, රුධිර පීඩනය ක්‍රමවත් කරන්න, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න වගේම අස්ථි සහ මාංශපේෂි වල නීරෝගී බව පවත්වා ගන්නත් ලබා දෙන්නෙ ඉතාම හොඳ සහයක්. 

ඉතිං ඔබ ගෝවා කන්න කැමති මොන විදිහටද ඇහුවොත් අපිට ගෝවා වැඩිපුරම කාල පිරුදු ගෝවා තෙම්පරාදුව හෝ ගෝවා කිරට උයපු කරියනේ. 

හැබැයි ඊට වඩා වෙනස් විදිහට ගෝවා හදන්න පුළුවන් ක්‍රමයක් ඔබට කියල දෙන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ. 

පුරුදු විදිහට මුලින්ම බලමු අපිට අවශ්‍ය දේවල් මොනවද කියල බලල ඒ දේවල් සූදානම් කරගෙන ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

තරමක ගෝවා ගෙඩියක් 

වතුර 

ලුණු කුඩු 

ගම්මිරිස් කුඩු 

කෑලි මිරිස් කුඩු

මිරිස් කුඩු 

කටු රහිත කුකුළු මස් 500 g ක් 

කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ මිටක් / සිහින්ව ලියාගත් කරපිංචා ඉති 02 ක කොළ

කුඩා කොටු හැඩයට කපාගත් ලොකු ළූණු කෝප්ප ¼ ක් 

එහෙනම්, ඊළඟට අපි බලමු මේ කැබේජ් රෝල් හදාගන්නෙ කොහොමද කියල? 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, වතුර භාජනයක් ලිප තබා එයට ලුණු කුඩු තේ හැඳි ½ ක් පමණ එකතු කරගෙන වතුර ටික නටන තුරු තබාගන්න. 

ඒ අතරතුර ගෝවා කොළ වෙන් කරගත හැකි පරිදි ගෝවා ගෙඩියේ මුලට ටිකක් ඉහළින් කපා ඉවත් කර තරමක් ලොකු ගෝවා කොළ මැදින් නොකැඩෙන / නොඉරෙන සේ ඉවත් කරගෙන හොඳින් සෝදා පිරිසිදු කරගන්න. 

සෝදා පිරිසිදු කරගත් ගෝවා කොළ නටන වතුරට දමා භාජනයේ පියන වසා විනාඩි 04 ක් 05 ක් පමණ තම්බා ගන්න. 

තැම්බුණු ගෝවා කොළ භාජනයෙන් ඉවතට ගෙන වතුර බේරෙන තෙක් පසෙකින් තබාගන්න. 

දැන් අපි ඇතුළත මිශ්‍රණය සකසා ගමු.

ඒ සඳහා මුලින්ම කුකුළු මස් ටික හොඳින් සෝදා පිරිසිදු කරගෙන ඉතාම කුඩා කැබලි වලට කපාගන්න / කුඩාවට කපාගත් කුකුළු මස් අඹරාගන්න වුනත් පුළුවන්. 

දැන් වෙනම භාජනයක් ගෙන එයට කුකුළු මස්, රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

එයටම, කරපිංචා / කොත්තමල්ලි කොළ සහ කුඩාවට කපාගත් ලොකු ළූණුත් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් මේ සාදාගත් කුකුළු මස් පිරවුමෙන් මේස හැන්ඳක පමණ ප්‍රමාණයක් තම්බා වතුර බේරාගත් ගෝවා කොළයේ මුල කොටසින් තබා දෙපැත්තෙන් මැද්දට කර රෝලක් ආකාරයට ඔතා සකසා ගන්න. 

දැන් අපි මේ ගෝවා තම්බාගන්න අවශ්‍යයි. 

ඒ සඳහාරයිස් කුකරයේ හෝ ප්‍රෙෂර් කුකරයේ යට කොටසට වතුර දමා වතුර නටන විට, උඩින් ඇති තට්ටුවේ තෙල් ආලේප කරගෙන ගෝවා / cabbage රෝල් ටික තට්ටුවේ එක මත එක නොසිටින සේ අතුරා ගන්න. 

දැන් භාජනයේ පියන වසා විනාඩි 08 ක් 10 ක් පමණ වාෂ්පයෙන් තම්බා ගන්න. 

ඔන්න අපි ගෝවා රෝල් සකසාගෙන අවසන්. භාජනයකට තෙල් ටිකක් දමා තෙල් රත්වූ විට ගෝවා රෝල් දමා දෙපැත්ත මඳක් බැදගෙන වුනත් කන්න ඔබට පුළුවන්.

එහෙනම් ඊළඟ වතාවෙදි මේ විදිහට ගෝව හදල බලන්න අමතක කරන්න එපා. 

සටහන – දුලානි නවෝද්‍යා

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles